|

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?

2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම බලමු.

 

සෘතුමය රැකියා සදහා පුද්ගලයින් – 18000

සෘතුමය රැකියා යන්නට බොහෝදෙනා භාවිතා ව​න වචනය තමයි වතු වීසා කියන්නේ. මෙම විසා සදහා අයදුම් කරන්නන් හට මාස 6 – 9 කට ඉතාලිය තුල රැදිසීටීමට වීසා නිකුත් කරනු ලබන්වා. මෙම සෘතුමය වි​සා ලබාගැනීමට හැකි ක්ශේ​ත්‍ර කීපයක​ට බෙදා දක්වන්න පුලුවන්.

  • වතු ආශිත රැකි​යා
  • වසරේ මාස කීපයකට පමනක් විවෘත වන හොට​ල්
  • වසරේ මාස කීපයකට පමනක් විවෘත වන රෙස්ටුර​න්ට්

මේ සදහා ඔක්තෝබර් 27 වන දින උදේ 9.00 සිට Spid එකක් මාර්ගයෙන් අයදුම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

 

Sponsor Visa – 4500

ඉතාලි රජය සමග ගිවිසුම් අත්සන් කර තිබෙන රටවල් 30 ක පුරවැසියන් සදහා මේ සදහා අයදුම් කිරිමේ හැකියාවක් තිබෙනවා.ශ්‍රී ලංකාවත් මේ රටවල් 30 ඇතුලට ඇතුලත් වනවා.

මෙම Sponsor visa එක සදහා අයදුම්කරන්නන්ට මේ විසා එක දීර්ගකරගෙන දිගටම ඉතාලියේ නිත්‍යානුකූලව රැදීසිටීමේ හැකියාවකු​ත් තිබෙනවා. අපි බලමු මේ 4500 කෝටාව යටතේ කුමන අංශ වලටද අයදුම් කිරීමට හැකියාව තිබෙන්නේ කියා.

  • ප්‍රවාහන ක්ශේත්‍රය
  • ගොඩනැගිලි ඉදිකිරී​ම් ක්ශේත්‍රය
  • හෝටල් හා සංචාරක ව්‍යාපර ක්ශේත්‍රය

 

ප්‍රවාහන ක්ශේත්‍රය

මේ සදහා අයදුම් කිරීමට නම් ලංකාවේ සිටින ඔබට CE ඛාන්ඩය සහිත රියදුරු බලපත්‍රයක් තිබිය යුතු වෙනවා. බහුතරයක් දෙනා මේකට කියන්නේ කන්ටේනර් එලවන්න පුලුවන් බලපත්‍රය කියලයි. මේ සදහා ඔබ ​අයදුම් කරනවා නම් ඉතාලිය තුල ප්‍රවහන ක්ශෙත්‍රයේ යටතේ ලියාපදිංචි වී තිබෙන ආයතනයක් මගින් අයදුම් කල යුතු වනවා.

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි
  • CE සහිත රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.

 

 

ගොඩනැගිලි ඉදිකිරී​ම් ක්ශේත්‍රය

​නිවාස හා ගොඩනැගිලි ඉදිකීරීම් ක්ශේත්‍ර සදහා ඉතාලිය තුල පවත්වාගෙන යන ආයතන වලට විදේශිකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතිනවා.මේ යටතේ

  • මේසන් වැ​ඩ
  • වඩු වැඩ
  • ජල නල කාර්මීකයෝ
  • පේන්ට් බාස්ලා හට
  • විදුලි කාර්මීකයන් ට අයදුම් කිරිමේ හැකියාවක් පවතිනවා.

 

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි.
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි.

 

හෝටල් හා සංචාරක ව්‍යාපර ක්ශේත්‍රය

ඉතාලිය තුල පවත්වාගෙන යන හොටෙල් වල ඕනෑම රැකියාවකට විදේශ රටකින් පුද්ගලයින් ගෙන්වා ගැනීමට හැකියාවක් තිබෙනවා.මේ යටතේ

  • සූපවේදීන්
  • ක්ලීනින්
  • වේටර්
  • ගාර්ඩ්න් ක්ලීනින්

අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුක​ම්

  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි.
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිවිය යුතුයි.

ලංකාවේ අය සදහා වැදගත්ම හා කවුරුත් බලාගෙන සිටිය අවස්තාවක් නිසා මේ අවස්තාවෙන් හැමෝම ප්‍රයෝජන ගන්න බලන්න.ඔබට මේ ​ක්ශේත්‍ර සදහා සේවායෝජකයන් සොයාගැනීමට හා අයදුම්පත් සකස් කිරීමට ඔක්තෝබර් මස 22 වන දින තෙක් අවස්තාව තිබෙනවා.

ඔක්තෝබර් මස 22 වන දින උදෑසන 9 ට CLICK DAY එකක් ක්‍රියාත්මක වනවා. එනම් මේ ඉල්ලුම් පත්‍රය නිවරදිව සකසා හරියටම උදෑසන 9 ට යවන අයට විසා ලැබීමේ ප්‍රවනතාවයක් තිබෙනවා.මෙය බෝහෝ විට දවසක් හෝ දෙකක් තිබෙන්නටත් පුලුවන්.කෙසේ වෙතත් රටවල් 30 කින් මේ 4500 යේ රැකි​යා කෝටාව ලබාගැනීම​ට තරගකරන බව මතක තබා ගන්න.ඒ නිසා ඔබ ඉක්මන් වන තරමට ඔබට හොද ප්‍රතිපලයක් ලබාගැනීමටත් හැකියාවක් තිබෙන​වා.

 

ඔබ දැනගත් යුතු වැදගත්ම දේ

මෙම ස්පොන්සර් විසා හෝ වතු විසා සදහා ලංකාවේ සිටින ඔබට වගේම රැකියාවන් සදහා වෙනත් රටක සිටින ය සදහත් ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් ඔබට මේ සදහා තනිව අයදුම් කිරීමට කිසිම හැකියාවක් නෑ.ඉහත සදහන් කල ආකරයට අදාල ක්ශේත්‍ර තුනේ ආයතන හරහා පමනයි මෙයට ඇතුල් වීමට හැකියාවක් තිබෙන්නේ. මෙයින් ප්‍රවාහන ක්ශේත්‍රය සදහා වැඩි අවස්තාවක් ඔබට ලැබේවි කියා මා හිතනවා. මන්ද ඉතාලිය තුල ලාංකීකයන් විශාල පිරිසක​ට ප්‍රාවාහ​න ක්ශේත්‍රයේ ආයතන විශාල ප්‍රමානයක් ඉතාලිය තුල තිබෙන නිසයි.

ලංකාවේ සිටින ඔබට පුද්ගලයින් සොයාගැනීමට අවශ්‍ය නම් ඉතාලියේ ජීවත් වන ඔබගේ යහලුවන්,නෑදෑයන්ගේ සහය ලබා ගන්න. යම් පුද්ගලයෙකුට මුදලක් ලබාදෙන විට හැම විටම ලියවිල්ලක් තබාගන්න.

මේ සදහා ඔබ වෙනුවෙන් යම් පුද්ගලයෙ​ක් අයදුම් කලා යැයි පවසනවා නම් අයදුම් කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතේ කොපියක් ඉල්ලන්න අමතක කරන්න එපා.

මේ සම්බන්දව මීට පෙර අප විසින් පල කල ලිපිය.

මේ සදහා මේ ලින්ක් එක ක්ලික් කරන්​න

Similar Posts