සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.

ඉතාලියේ සංචාරය සඳහා කෙටි කාලීන වීසා නිකුත් කරනබව VFS ආයතනය සඳහන් කරයි. මෙම වීසා ඉල්ලා සිටීමේදී පිටත්වීමට අවම දින 15කට පෙර සහ උපරිම දින 30ක් ඇතුලත වීසා ඉල්ලුම් කල යුතු බව දන්වා ඇත.මේ ගැන ඔවුන් වැඩි විස්තර දැනුවත් කර නැතත් ඉදිරි දින කිහිපයේ මේ ගැන විස්තර දැනගන්න ලැබේවි.


හැම විටම සුදුසුකම් සකසාගෙන මේ සදහා අයදුම්කරන්​න. හොර ඒජන්සි පස්සේ ගිහිල්ලා සල්ලි නාස්ති කරගන්න එපා. වීසා නොදුන්න කාලෙත් බොහෝ ඒජන්සි හා කාක්කන් විසින් බොහො දෙනෙක්ගේ මුදල් වංචා කර තිබුනා. මෙම වංචාකරුවන් අතරි​න් සමහරෙක් ඉතාලියේ ජීවත් වන වැදගත් විදියට ජීවත් වන පුද්ගලයින් විදියටයි හැසිරෙන්නේ.

සංචාරක වීසා පිලිබද කෙටි විස්තරයක්. මෙම ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts