|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ.

මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී.

  • සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න වෙයි.
  • බත්තරමුල්ලේ පිහිටි රේජිස්ටර් දේපාර්තුමෙන්තුවෙන් පරිවර්තනයකල ලියවිලි වලංගුවේ යැයි සිතිය හැක.

ඔබ කලයුත්තේ කුමක්ද?

  • මුලින්ම ඔබට ආසන්නයේ පිහිටි PRONTO LANKA COURIER ස්තානයක් සොයාගන්න. (පහළ ෆෝටෝ එකේ ලිස්ට් එක තියෙනවා) ඔවුන් හරහා පමනයි ලියකියවිලි සහතික කරගැනිම්වලට එම්බසිය භාරගන්​නේ.

  • සියලුම ලියකියවිලි මුල් පිටපත් (අදාල කච්චෙරියේ හෝ රේජිස්ටර් ජෙනරාල් කාර්‍යාලයෙන් ලබාගත්) බත්තරමුල්ලේ පිහිටි රේජිස්ටර් ජනරාල් දෙපාර්වෙතමේනුතු​වේ English වලට පරිවර්තනය කර ෆොරිංමිනිස්ට්‍රියෙන් සිල්කරන් අවශය අනෙකු​ත් ලිපි සමග අයදුම්පත නිවැරදිව පුරවාගන්න. (අයදුම්පතේ ලබාගැනිමට හැකි link එක පහළ ඇත) සැම විටම නිවැරදි දත්තයන් ලබාදෙන්න.

අයදුම් පතෙහී ඔරිජිනල් පිටපත ලබාගැනීමට පහත ලින්ක් එක භාවිතාකරන්න.

https://ambcolombo.esteri.it/Ambasciata_Colombo


දික්කාසදයක් ඇති අයෙක් නම්

  • කුස්තුරා එකේ ලිපිය (ඒ ගැන ජොබ් බෑන්ක් සමූහයේ ලිපිය පලවී තිබෙන​වා )
  • කලින් විවාහ ​වූ කෙනාගේ පාස්පොට් කොපි
  • Stato di famiglia
  • Delaga

ඉතාලිභශා පරිවර්තනයන් සම්බන්දයෙන් ඔබ කලබල නොවිය යුතු අතර pronoto lanka ආයතනය forsiter global ආයතනයට එය යොමුකරයි.

මුදල් ගෙවී​ම

සහතික කිරිම් සම්බන්දයෙන් ගෙවිය යුතු මුදල FORSITER GLOBAL ආයතනයේ කොමර්ශල් බැංකු ගිණුමට (පහල photo බැංකු විස්තරය ඇත)බැරකර එහි පිටපත අදාල ලියවිලි වලට ඇමුනිය යුතුය.

FORSITER GLOBAL SERVICE PVT LTD
Commercial Bank Reid Avenue Branch
A/C 1000319611


අඩුපාඩු සහිතව බාරදීමක​දී

  • යම් හෙයකින් ඩොකියුමන්ට් නැවත (අඩුපාඩු සහිතව ඔබ භාරදුන්නොත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරයි) හැරි ආවොත් ඔබට ගෙවුමුදල නැවත ලැබෙනවා. ඔබ අයදුම් පත පිරවීමේ​දී

  • මුදල් නැවත ලබාගන්නාගේ හා ලබාගන්න අයුරු​ද අයදුම්පතෙහි නිවැරදිව පුරවන්න.
  • ඉල්ලුම්කරු​ගේ ගුවන් ගමන් බලපත් අංකය අනීවාර්‍ය කර ඇත බැංකුවට මුදල් බැර කිරිමේදි.එම නිසා එය නිවැරදිව පුරවන්න.

ලියවිලි ඉතාලියට පරිවර්තනය කිරිම FORSITER GLOBAL ආයතනයෙන් පමනක් සිදුවේ. වෙනත් ආයතනවලින් පරිවර්තන භාරනොගනි.

සියලුම දේ නිවැරදිව සකස්කල පසුව pronto lanaka ආයතනය හරාහා IOM එකට භාරදෙනු ලැබේ.

ඉක්මනින් ලියවිලි සහතික කර ලැබෙන බව ඔවුන් ප්‍රකාශකරනවා. කාලය අවසන්​වූ නුල්ලාස්තා ඇති අය තමන්ගේ පිෆ්‍රෙත්තුරා ආයතනයෙ විමසා දැනගන්න ඔබ නැවත ඉල්ලුම්කල යුතුද යන්න.මිලානෝ ඇතුලු බෝහෝ නගරවල නැවත ඉල්ලුම්කරන්න වෙනවා. (ඉක්මනින් එය නැවත ලබාදෙන බව ඔවුන් දැනුම්දෙනවා)

Similar Posts