එම්දිබසියෙන් දිවුරුම් ප්‍රකාශ සහ ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම.

1.සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය හෝ ඇටොර්නි බලපත්‍රය.

2.ඉල්ලුම්කරුගේ ශ්‍රී ලංකා වලංගු ගමන් බලපත්‍රය සහ ජායාපිටපතක්

3. ඉල්ලුම්කරුගේ ඉතාලි හැදුනුම්පත(ලිපිනය තහවුරු කිරීම සදහා) සහ ඡායා පිටපතතක්

4.සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බලපත්‍ර  සහ ජායාපිටපතක් බැගින්.

5.ඉල්ලුම්කරු හා සාත්ෂිකරුවන්ගේ රැදී සිටීමේ බලපත්‍ර හෝ ඉතාලි පුරවැසිභාවය ලබා නැති බව සනාථකල හැකි ලේඛණ.

සැලකියයුතු කරුණු.

ඇටෝර්නි බලපත්‍රය පිළියෙල කරන ලද නීතිඥ වරයාගේ නම සහ ලිපිනය ඇටෝර්නි බලපත්‍රයෙහි මුල් පිටුවෙහි ඉහළ හා ඉල්ලුම්කරුගේ ඉතාලි ලිපිනය ඊට අදාල ස්ථානයේ සදහන් කරන්න.

සාක්ෂි කරුවන්ගේ නම්, ඉතාලි ලිපිනයන්, හා ගමන් බලපත්‍ර අංක සාක්ෂිකරුවන් අත්සන් කිරීමට ඇති නියමිත ස්ථානයේ පැහැදිලිව සදහන් කරන්න.

 සම්පූර්ණ කරන ලද ” ඇටෝර්නි බලපත්‍රයෙහි මුල් පිටපතට අමතරව එහි ඡායා පිටපතක්ද ඉල්ලුම්කරුගේ ගමන් බලපත්‍රය රැදී සිටීමේ බලපත්‍රයද, ඉතාලි හැදුනුම්පතේ ඡායා පිටපත බැගින් ද සාක්ෂිකරුවන්ගේ ගමන් බලපත්‍ර පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.

අත්සන් කිරීම සිදුකල යුත්තේ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඉදිරිපිටදීය.

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts