|

Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?

ඔබ ඔබගේ රැදිසිටිමේ බලපත අලුත්කලපසුව හෝ අජර්නමේන්තුවකල පසුව ඔබගේ comune ලියාපදිංචිකලා ද?

ඔබගේ Permesso di soggiorno එක අලුත්කල පසුව හෝ අජොර්නමෙන්තුව කලපසුව ඔබව අයිති comune ඔබගේ රැදිසිටිමේ බලපත ලියාපදිංචි කලයුතුය. මෙ​ය අලුත් නීතියක් නොව අප බෝහෝ දෙනෙක් නොකරන නමුත් කලයුතු දෙයක්. dichiarazione di dimora abituale කියන්නේ මේ කරනාවටයි.

මෙ​ය සිදුකිරිම මගින් ඔබගේ ස්තීර පදිංචි​ය සනාථවේ. මෙ​ය සිදුනොකිරිම නිසා සමහර අයගේ පදිංචිය (residenz) අවලංගුවු අවස්තා බෝහෝමයක් ඇත. ඒ අය නොදැනීම ඒ රෙසිඩන්ට් අවලංගු වී තිබෙනවා. තමන්ගේ රෙසිඩන්ට් අවලංගු නොකර තබා ගැනිම යහපත්ය.

දීලා නැහැ, අපි දෙන්නේ නැහැ, දීලා වැඩක් නැහැ කියන අයගේ කතා පසුපස යන්නේ නැතිව කිසිදු වියදමකින් තොරව කල හැකි තමන්ගේ ලියකියවිලි වැඩ නියමාකාරයෙන් යාවත්කාලීන කිරීම තමන්ගේ යහපතට හේතු වෙන බව සිහියේ තබා ගෙන කටයුතු කරන්න. ඉතාලියේ ජිවත් වෙනවා නම් තමන්ගේ ලියකියවිලි වැඩ වලට මූලිකත්වය ලබා දීම තමාගේ වගකීමක්.

කොහොමද කරන්නේ?

  • ඔබගේ කොමුනෙට ගිහිල්ලා
  •  ඊමේල් මාර්ගයෙ​න්
  • SPID මගින් comune  වෙබ් අඩවියට log වෙ​ලා කරගන්න පුලුවන්.
  • Milano comune නම් ඉතා පහසුවෙන් log වෙ​ලා තමන්ටම කරගන්න පුලුවන්.

මොනාද අවශ්‍ය කරන්නේ ?

ඔබගෙ permesso di soggiorno ( අලුත්කරනලද වලංගු )  photo copy එකක් පමනයි.

ඔබ ජිවත්වේන රටෙ නිතියට ගරුකරමින් ඒම නිති අනුව ජිවත්විම මගින් ඔබට සිදුවෙන අපහසුතා අවමකර ගතහැකිය.

Similar Posts