|

Assegno di Inclusione යූරෝ 9330 ක් දක්වා මුදල​ක්

අඩු ආදායම් ලාභී පවුල් දිරිමත් කිරීමේ දීමනාවකි. මෙම දීමනාව ලබාගැනීමට නම් ඔබගේ පවුලේ

  • ආබාධ සහිත පුද්ගලයෙක්
  • බාලවයස්කාරයින්
  • අවම වශයෙ​න් වයස 60 ට වැඩි පුද්ගලයින්
  • Assistenza dei servizi sociosanitari වැඩසටහනට ඇතුලත් කර ඇති පවුල් සදහා අයදුම් කල හැකිවේ.

අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

  • ප්‍රදානම සුදුකම වශයෙන් ඔබගේ isse අගය යූරෝ 9360 වඩා අඩු විය යුතුයි.
  • රෙසිඩන්ට් අවුරුදු 05 කට කලින් තිබිය යුතුයි.
  • ඉන් අවසන් අවුරුදු දෙක නොකඩවා රෙසිඩන්ට් තිබිය යුතුයි
  • රැදී සිටීන බලපත්‍රය
  • රැදී සිටීමේ බලපත්‍රය අවසන් වී තිබේ නම් අලුත් කිරීමේදී ලැබෙන රිසිට් පත්‍රය
  • නිශ්චල දේපලක් හිමි නම් එහි අගය යූරෝ 30000 නොයික්මවිය යුතුයි
  • පවුලේ සමාජිකයෙකු සතුව 1600cc ධාරිතාවයකට නොවැඩි මෝටර් රථයක හිමිකරුවෙකු නොවිය යුතු වේ.

මෙහි සාමාන්‍ය පවුලක් සදහා උපරිම යූරෝ 6000 ක් මුදලක් ලබාගැන්නිමේ හැකියාව පවතිනවා. එමෙන්ම ඔබට ගෙවල් කොන්ත්‍රාත්තුවක් තිබේ නම් ඔබට තවත් උපරිම යූරෝ 3300 ක මුදලක් එකතු වනවා. සම්පූර්​න මුදල යූ​රෝ 9330 ක මුදලක්.

කෙසේ නමුත් ඔබට ලැබෙන මුදල තීරනය කරන්නේ inps ආයතනය විසිනුයි.ඔබ ඉදිරිපත් කරන කාරනා හා ඔබගේ පවුලේ තත්වය මත ලැබෙන මුදල තීරනය වනවා. පහත චායාරුපයෙන් ඔබට ලකුනු ලැබෙන ආකාරය බලාගත හැක.

මේ සදහා දෙසැම්බර් මස 18 වනදා සිට අයදුම් කිරීමට හැකියාව තිබෙනවා.ඒ කෙසේ වෙතත් මෙහි මුදල් ගෙවීම සිදුවන්නේ ජනවාරි මාසයේ සිටයි.ඔබට මෙම දීමනාව සදහා inps වෙබ් අඩවියෙන් ඔබගේ spid ගිනුමෙන් අයදුම් කල හැකි අතර, එසේ කිරීමට නොහැකි අය සදහා Caf/Patronato  ආයතනයක සහය ලබාගැනීමේ හැකියාවද පවතිනවා.

Similar Posts