|

2023 වසරට නැවතත් ඉතාලි වීසා නීතියක්! දෙසැම්බර් සිට අයදුම් කල හැකිවේ.

2023-2025 කාලය සදහා ඉතාලියට සේවකියින් ගෙන්වීමේ නීතිය සම්මත වීමෙන් පසුව එය අද දිනයේ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දීම සිදු කරන ලදි.මෙම වීසා සදහා අයදුම් කිරීමේ දිනය දෙසැම්බර් ම​ස 2-4-12 ලෙස නම් කර තිබෙනවා.

මේ අනුව මේ වසර 3 සදහා සේවකයන් 452.000 කට රැකියා සදහා ඉතාලියට පැමිණිමට අවස්ථාව හිමිවේ. 2023 සිට 2025 දක්වා දිවෙන මෙමෙ වීසා වැඩසටහන මෙලෙස වෙන් කෙරේ.

සෘතුමය නොවන යටත් රැකිය ( sponsor Visa)

2023 වර්ශය සදහා මාර්තු මාසයේදිත් ස්පොන්සර් වීසා නීතියක් පැවති නිසා මේ වසර සදහා විදේශිකයින් 52,770 ක් සදහා කෝටාවක් වෙන් කර තිබේ. නමුත් මේ ප්‍රදාන ඛාන්ඩ පදනම් කරගෙන රැකියාවන් 680 ක් පමන ඇතුලත් වෙන බව සදහන්.

  • භාණ්ඩ ප්‍රවාහන බර වාහන සදහා රියදුරන්
  • ඉදිකිරීම් ක්‍රේෂ්ත්‍රය සදහා
  • මගින් ප්‍රවාහන රියදුරන්
  • විදුලි කාර්මිකයන්
  • ජලනල කාර්මිකයන්
  • සංචාරක ක්‍රේෂත්‍රයේ
  • කොණ්ඩා මෝස්තරකරුවන්
  • Alimentare
  • නැව් තැනී​ම

අවස්ථාවන් ලබා දී ඇත.

ස්පොන්ස​ර් රැකියා අවස්තා 25,000 ක් මෙම රටවලට වෙන් කර ඇත.

Albania, Algeria, Bangladesh, Bosnia-Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Filippine, Gambia, Georgia, Ghana, Giappone, Giordania, Guatemala, India, Kirghizistan, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Perù, Repubblica di Macedonia del Nord, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina.

බලපත්‍ර පරිවර්තනය – 4000

මේ යටතේ කෙටි කාලීන වීසා වලට ඉතාලියට පැමින මේ වන විටත් ඔවුන්ගේ කෙටි කාලීන රැදී සිටීමේ බලපත්‍රය වලංගුව තිබෙන පුද්ගලයින් 4000 කට තම බලපත්‍රය සාමාන්‍ය රැදී සිටීමේ බලපත්‍රයක් බවට පත්කර ගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය රැදී සිටීමේ බලපත්‍රයක් තිබෙන තවමත් දිගු කාලින බලපත්‍රයක් (EU) ලබාගෙන නැති අය සදහා 100 ක කෝටාවක් වෙන් කර තිබෙනවා.

සෘතුමය වීසා, කෙටි කාලීන වීසා ( වතු වීසා)

Albania, Algeria, Bangladesh, Bosnia – Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Filippine, Gambia, Georgia, Ghana, Giappone, Giordania, Guatemala, India, Kirghizistan, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Perù, Repubblica di Macedonia del Nord, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina

ඉහත සදහන් රටවල් සදහා ඇතුල් වීමට අවස්තාව ලබාදී තිබෙනවා.

Decreto Flussi 2023/25: quote Colf e Badanti

මෙවර colf සහ Badanti රැකියාවන් සදහා පුද්ගලයින් ගෙන්වීමේ කෝටාවක්ද වෙන් කර තිබෙනවා. එය 9500 කින් පමන යුක්ත වනවා.

මෙම වීසාව​න් සදහා අයදුම් කල හැකි දිනය Click Day

මෙව​ර Click Day දින තුනකින් සමන්විත වනවා.වතු වීසා සදහා එක දිනයක්, ස්පොන්සර් වීසා දින දෙකක්. මෙම දින දෙක බොහෝ විට පැටලිලි සහගත වෙන්න පුලුවන්. යම් විදියකින් ඔබ වැරදි දිනයක අයදුම් කලොහොත් ඔබ නොතේරීමට පවා ඉ​ඩ තිබෙනවා.

ඔවුන් මෙය ඛාන්ඩ දෙකකින් වෙන් කර තිබෙනවා.

  1. per i lavoratori subordinati non stagionali di Paesi che hanno accordi di cooperazione con l’Italia; මෙහිදි ඔවුන් පවසන්නේ ඉතාලිය සමග ගිවිසුම් ඇතිකරගත් රටවල් වල පුද්ගලයින් ලෙසයි.
  2. Altri lavoratori non stagionali- මෙයින් අදහස් කර තිබෙන්නේ වෙනත් කෙටි කාලීන වීසා සදහා දිනය බවයි.

කලින් බැලූ බැල්මට මේක ගැටලුවක් වෙන්න පුලුවන්.නමුත් විස්තර ටිකක් සොයා බැලීමේදී පලවෙනි ඛාන්ඩය යටතට ලංකාව අයිති වනවා.ඒ නිසා දැනට නිගමනයකට එන්න පුලුවන් අපි අයිති වෙන්නේ පලවෙනි ඛාන්ඩය​ට කියලා. කෙසේ වෙතත් ඔබ මේ සදහා අයදුම් කිරීමෙදි මෙය හොදින් සොයා බලන්න. අපිට අලුත් විස්තර ලැබුන සැනින මේ කරුන දෙක ගැන විස්තර ලබාදෙන්නම්.

2023 දෙසැම්බර් මස 02

සෘතුමය නොවන හෙවත් ස්පොන්සර් වීසා සදහා මෙදින උදෑසන 9.00 සිට අයදුම් පත්‍ර බාර ගැනීම සිදු කෙරේ.

per i lavoratori subordinati non stagionali di Paesi che hanno accordi di cooperazione con l’Italia; (දැනට අපි සිතන විදියට මෙයට ලංකාව ඇතුලත්)

2023 දෙසැම්බර් ම​ස 04

සෘතුමය නොවන හෙවත් ස්පොන්සර් වීසා සදහා මෙදින උදෑසන 9.00 සිට අයදුම් පත්‍ර බාර ගැනීම සිදු කෙරේ.

Altri lavoratori non stagionali; ( ගැටලුවක් තිබේ)

2023 දෙසැම්බර් ම​ස 12

කෙටි කාලීන වීසා, වතු වීසා සදහා අයදුම් කිරීමට අයදුම් පත්‍ර බාරගන්නා දිනය.

මෙම කෝටාව සදහා අයදුම් කල හැකි අවසන් දිනය 2023 දෙසැම්බර් 31ක් වේ.

අද දිනයේ මෙම ගැසට් පත්‍රය නිකුත් වූයේ.තවමත් මේ සදහා අයදුම් පත්‍ර යොමු කරන ආකාරය ගැන සොයාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඉදිරි දිනයන් වල එම විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්.

දැනට ඔබ ඉහත ඛාන්ඩ වලින් රැකියාවක් ලබාදිය හැකි සේවායෝජකයෙක් සූදානම් කරගන්න. ලොතරැයියක දිනුම ලැබෙන සේ ලබා ගත හැකි අවස්ථාවක් නිසා ව්යාජ රැකියා නියෝජිතයන් පසු පස ගොස් කාලයත් මුදලුත් නැති නොකරගන්න.

ලංකාවේ සිටින ඔබට මේ සදහා කිසි විටකත් අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාවක් නෑ.ඒ නිසා ඔබේ නෑදෑයන් හා මිතුරන් මාර්ගයෙන් පමනක් ඉතාලියේ සේවාඅයෝජකයෙක් සොයා ගැනීමට වගබලා ගන්න.

තවත් විස්තර ඉක්මනින්ම ගෙන එන්නම්.

Similar Posts