|

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් …

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව්

මේ දවස්වල බොහෝදෙනෙක් අහන ප්‍රරශ්නයක්. උත්තරය ඔව් එන්න පුලුවන්. මැදපෙරදිග,සයිප්‍රස්,‍ඉශ්‍රායල්,කොරියාව,ලෝකේ ඔනැම රටක ඉන්න කෙනෙක්ට මේ විදියට උත්සාහකරන්න පුලුවන්. ඊ​ට අවශ්‍ය වැදගත්මදේ ඔබ සිටින රටේ ඔබේ රැකියාව හා වැටුප. අවශ්‍ය යම් කෙනෙක්ට මේ ක්‍රමයට සංචාරක visa ලබාගැනිමට උත්සාහකරලා බලන්න පුලුවන්.

ඔබ ජිවත්වෙන රට අනුව මේ කරනාවට අදාළ යම් නී​ති හා ක්‍රියාවලිය සුලු වෙනස්ක​ම් වෙන්​න පුලුවන්. එම නිසා එම රටේ ඉතාලි තනාපති කර්‍යාලයෙන් හෝ එහි වේබ් පිටුවෙ​න් අවශ්‍ය විස්තර දැනගන්න.

වැදගත්ම දේ අමතකරන්න එපා, ඔබ සංචාරක විසා (ටුවරිස්ට් වී​සා) යටතේ ඉතාලියට පැමිනියොත් කිසිම අකාරයකට එම විසා එක ඉතාලියේ රැදිසිටිමේ බලපතකට හුවමාරු කරගැනිමට නොහැකිය. ඔබට ඉතාලියේ අනවසර සංක්‍රමණිකයෙක්සේ රැදිසිටිමට සිදුවේ. ඉතාලිය තුල sanatoria (පොදුසමා විසා) නීතියක් යටතේ ඔබට නිති ගතවිය හැක.මෙය කවදා කොයිවේලේ එයිද කියන්න දන්නේ නැ. එම නිසා මේවැනි දෙයක් කිරිමට පෙර බොහෝ සිතාබලන්න.

කොහොමද වැඩේ වේන්නේ? අවශ්‍ය දේවල්

  • ඔබගේ රැකියාව. ඔබගේ රැකියාවේ මට්ටම මේයට බලපානු ඇත. ඔබේ වෘත්තිමයභාවය (skil)
  • ඔබගේ මාසික වැටුප අවම ඩොලර් 900 – 1300 අතරවිය යුතුය (ඔබේ රටට අදාලව ගනනය කරගන්න). ඊ​ට අඩුනම් ඔබගේ සංචාරකවීසා ඉල්ලුම ප්‍රතික්ශෙප විමට වැඩි ඉඩක් ඇත.(මිට වඩා අඩු වැටුප ඇති කෙනෙකුට උත්සාහකරන්න බැරිකමක් නැත. නමුත් ඔබට visa ලැබීම​ට ඇත්තේ ඉතාම අඩු සම්භාවිතාවකි)
  • ඔබ ඉන්න ර​ටේ bank එකෙන් ලබාගන්නා බැංකු වර්තාව (ස්ටේශ්මන්ට්) මාස 6 ඇතුලත ඩොලර් 8000කට (ඔබේ මුදල් ඒකකයට මාරු කරගන්න) වඩා ගණුදෙණු වෙන්න ඔනා.
  • තමන් වැඩකරන ආයතනයෙන් ලබාගන්න ලිපිය. එකෙන් (NOC) එකක් ගන්න ඔනා. ආයතනයේ වැඩකරන කාළය හා මාසික වැටුප ගැන. ඒ වගේම මේ මෙ​ම සංචරක ගමනට අදාල ආයතනයෙන් විරුද්ධත්වයක් නැතිබව.
  • නැවත ඔබ ඉන්න රට​ට පැමිනෙනවා කියන එකට සහතිකයක්. එම ලිපියට ඔබ ඩුබායිවලින් පිටවෙන හා නැවත පැමිනේන දිනය සදහන් වෙන්​න ඕ​නා. ඔබේ ආයතනයේ​ම ලිපි ශිර්ෂය සහතිව මේම ලිපිය ඉදිරිපත්කල යුතුය. මේ ලිපිය ඔබට් visa ලැබිමට ප්‍රබල සාධකයකි.
  • සංචාරක කාළයතුල ඉතාලියේ ඔබ නතරවේන හෝටේල් බුකිං හා ගුවන් ටිකට්පත ( ඩමී ).
  • ඒ වගේම ඔබට සංචාරය තුල වියදම් කිරීම​ට යම් මුදක් බැංකු ගිණුමේ රදවාගෙන. එයද ඉදිරිපත් කරන්න.
  • අවුරුදු 10ක ඇතුලත වෙනත් රටවල සංචාරය හෝ රැකියාවක් කර ඇතිනම් එම විස්තර.ගුවන්ගමන් බලපතේ ටැවල් හිස්ටෝරිය වැදගත්.

Vfs එකේන් ඇපොයිමන්ට් ගන්න අමාරුයි ඩුබායිවලත් (ලංකාවෙ වගේම තම​යි) . ලෝකයේ බෝහෝ රටවල යුරෝපිය තනාපති කර්‍යාලයෙ VFS ආයතනය හා එක්ව වැඩකරන නිසා ඔබට visa සදහා යාමට සිදුවන්නෙ UAE ඇති VFS ආයතනයටය. භාරදුන් දින සිට දවස් 7-14 වීසා ලැබිම හෝ නොලැබිම තිරනය වෙනවා.

නැවත ඔබට මතක්කරනවා මේ ක්‍රමයට ඉතාලියට ඇතුල්වි එම විසා බලපත ඔබට ඉතාලියේ රැදිසිටිමේ බලපතකට මාරුකරගැනිමට නොහැක. කාටවත් මුදල් නොදි මේ කරනාව ඔබම කරගන්න උත්සාහකරන්න.මිට අමතර ඔබට වේනත් අත්දැක්මි ඇතිනම් බේදාගන්න.

Similar Posts