|

VFS ආයතනයට ලබාදුන් ඩොකුයුමන් හා පාස්පෝර්ට් TRACK කරන්නේ කොහොමද?

ජොබ් බෑන්ක් සමූහයේ සාමාජිකයන් විසින් නිතරම අහන ප්‍රශ්න කීපයක් තමයි

  • VFS එකට පාස්පෝර්ට් එක භාරදුන්නා කවදා වීසා ලැබෙයිද?
  • මේ වෙද්දි වීසා එකේ තත්වේ කොහොමද?
  • වීසා පාස්පෝර්ට් එකට ගහලද?
  • අපි ලීගලයිස් කරන්න දුන්න ඩොකුයුමන්ට් ටික හරිද?
  • ඒ ඩොකුයුමන්ට් කවද්ද හම්බෙන්නෙ?
  • ඒ වල අඩුපාඩු තිබෙන්වද?

මෙවෙනි ප්‍රශ්න බහුතරයක් දෙනෙක්ට තිබෙන්වා.නමුත් එයින් බහුතරයක් VFS ආයතනය මගින් හදුන්වා දී තිබෙන TRACK YOUR APPLICATION කියන පහසුකම ගැන දැන සිට නැතිවගයි පෙනී යන්නේ. මේ පහසුකම මගින් ඉහත සදහන් කල සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සොයාගැනීමේ හැකියාවක් තිබෙනවා.

https://www.vfsvisaonline.com/Global-Passporttracking/Track

Reference Number යන කොටස​ට

ඔබ විසා ලබාගැනීම සදහා පාස්පෝර්ට් එක ලබාදුන් පුද්ගලයෙකු නම් CLAC නම්බර් එක

ඔබ ඩොකුයුමන්ට් ලීගලයිස් කිරීමට බාරදුන් අයෙකු නම් LEGL නම්බර් එක

ඇතුලත් කරන්න.

Last Name යටතට

VFS ආයතනය මගින් ලබාදුන් රිසිට් පතේ තිබෙන නම සදහන් කරන්න.එසේ නොමැති නම් ඔබගේ අවසන් නම ඇතුලත් කරන්න.

Similar Posts