Scrizione Anagrafica (Residence)

Iscrizione Anagrafica (Residence) යනු ඉතාලියේ නිත්‍යානුකුල රැදිසිටින පුද්ගලයෙක් තමන්ගේ ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීමයි. ඉතාලියට නිත්‍යානුකුල ඇතුල් වෙන පුද්ගලයෙකු වසරක් තුල දී මෙම ස්ථිර පදිංචිය තවුරැකිරිම අනිවාර්‍ය කරැනකි. ඉතාලි ජාතිකයකු යටත්වෙන කොන්දේසිවලට සමානව විදේශිකයන්ට ද මේ නීතිය බලපවත්වයි. Residence දැමිම මේ කාරනාවලදි ඔබට අනිවාර්‍යවේ.

  1. ඔබගේ රැදිසිටිමේ බලපත්‍රය අලුත්කිරිම.
  2. ඉතාලි හැදුනුම් පත ලබා ගැනීමට.
  3. Tessera sanitaria (බෙහෙත් කාඩ්එක සැදිමට)
  4. ඉතාලි පුරවැසිභාවය ලබාගැනිමට.
  5. ඉතාලිය තුල ඔබට ලබාගත හැකි යම් සහනයන් ලබාගැනිමට.

යම් පුද්ගලයෙකු Residence නැතිව සිටියොත් යම් ගැටලු මතුවේද?

ඔව් ඔබ ඔබගේ ස්ථිරපදිංචිය තහවුරුනොක​ර සිටිමෙන් ඔබගෙ රැදිසිටිමේ බලපතද අහෝසි වී ඔබට රටින් පිටවිමේ අවදානමක් ඇති විමට ඉඩ ප්‍රස්තාව වැඩිය. බහුතරය​ක් දිර්ඝකාලීන රැදිසිටිමේ බලපත ලබගත්පසු (permessi di soggiorno lungo periodo) පදිංචීය තහුරැකිරිම ගැන අවදානයක් යොමුනොකරයි. එය ඔබ නොදනුවත්ම ඔබේ රැදිසිටිමේ බලපත අහෝසිවෙන වරදකි.(නිතිමය තත්වය මේසේය. මේය පිළිගැනිම හෝ නොගැනිම ඔබ සතුය. යම් ගැටලුවක් පැන නැගුනොත් එය බලපන්නේ මට නොව ඔබට නිසා)

Ospitalita කියන්නේ මොකක් ද? Residenceහා ospitiliti අතර වෙනසක් තිබේද?එමගින් ඉතාලි හැදුනුම්පත හා රැදිසිටිමේ බලපත අලුත් කරගැනිමේ හැකියාවක් ඇත්ද?

Ospiti කියන්නේ සාමාන්‍යයෙන් නවාතැන් ගැනිමක් වගේ දෙයක් ලබා ගැනීම. කිසිදු ගිවිසුමක් නොමැතිව යම් තැනක නැවතීම වෙනුවෙන් ලබා දීමක්. වෙන තැනක හෝ වෙනයම් නගරයක රෙසිඩන්ට් තිබෙන කෙනෙක් වුවද තව තැනක තාවකාලික කිසිදු ගිවිසුමක් නොමැතිව නවාතැන් ගැනීම වැනි දෙයක්. හිතවතෙකුගේ නිවහනක වගේ තැනක. නමුත් ඉතාලි නීතියට අනුව යමෙක් තාකාලිකව හෝ නවාතැන් ගන්නවා නම් පැය 48 කට වඩා, ඒ අදාල පලාතේ පොලිසිය⁣ට ඒ බැව් දන්වන්න අවශ්‍යයි. ඒ සදහා Cessione di fabbricato වගේ ෆෝම් එකක් පුරවලා හෝ ගෙදර මූලික පුද්ගලයා විසින් අදාල පොලිසිය දැනුවත් කල යුතු වෙනවා. එහෙම දැනුවත් නොකර යම් සිද්ධියක් වුවහොත් ඉතාලි නීතියට අනුව යූරෝ 150 වගේ ගනනක සිට යූරෝ 1500 ක වාගේ ගනනක දඩයකට යටත් වෙන්නට සිදු වෙනවා. Ospiti සදහා කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. යහලුවෙකුට නොමිලේ නවාතැන් දෙනවා වගේ. සමහර අය කාමර කුලිය⁣ට ලබා දී ඇති අවස්ථාවක එම ospiti ලබා දීම අනිවාර්යයෙන් කල යුතු වෙනවා. ඒ සදහා කිසියම් ගාස්තුවක් හෝ වෙනයම් මුදලක් රජයට හෝ වෙනයම් කිසිදු ආයතනයකට ගෙවන්නට සිදු වන්නේත් නැහැ. Ospiti මගින් යම් වාර ගනනක් තමන්ගේ ලියකියවිලි යාවත්කාලීන කර ගත හැකි වුවත් එය යම් අවස්ථාවකදි ප්‍රශ්ණාර්තයකට බලපාන කරුනක් වීමට ඉඩද ඇත. එයට වඩා යම් දෙයක් ospiti ලියවිල්ලෙන් කල නොහැකි බවයි මට හැගෙන්නේ.

නමුත් රෙසිඩන්ට් කියන්නේ වෙනම දෙයක්. යම් පුද්ගලයෙක් ඉතාලියේ නිත්‍යානුකූලව වාසය කරනවා නම් යම් ස්ථානයක ඒ සදහා රෙසිඩන්ට් ලබා ගැනීම සිදු කල යුතුයි. ඒ සදහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කල යුතු වෙනවා. සාමාන්‍යයෙන් ඉතාලියේ සිටි කාලය ගනනය කරනු ලබන්නේ රෙසිඩන්ට් කාලයට අනුවයි. ඉතාලි හැදුනුම් පත සාදා ගැනීම, වෛද්‍ය වරයකු සහ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට, බැංකු සමග ගනුදෙනු කිරීමට, ඉතාලි රියදුරු බලපත ලබා ගැනීමට, රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීම වැනි දෑ කිරීමට ස්ථිර නවාතැනක් තිබීම හෙවත් රෙසිඩන්ට් තිබීම අනිවාර්යයි. නිත්‍යානුකූලව ඉතාලියට පැමිණ වසරක් ඇතුලත රෙසිඩන්ට් දැමීම අනිවාර්යය වුවත් අප බොහෝ අය ඒ දෙය නොකරති. ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට, ඉතාලියේ ලියකියවිලි යාවත්කාලීන කිරීමටද රෙසිඩන්ට් අත්‍යවශ්‍ය වනු ඇත.

Residenz අහෝසිවිය හැකි ද?

යම් හේතුන් මත අහෝසිවිය හැක. ඔබේ රැදිසිටිමේ බලපත අලුත්කිරිමේදි හා යාවත්කාලින කිරිමෙන් පසු comune ට ඒ බව දැනුම් නොදිමත් එක් හේතුවකි. නීතියට අනුව නිශ්චිත කාලසීමාවක් දක්වා නැති අතර Istat circolare අනුව සාමාන්‍යයෙන් එක දිගටම අවුරුද්දක් තිස්සෙ යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ පදිංචි ස්ථානයේ දී සොයා ගත නොහැකි නම් හෝ කොමුනියට ඔහුගේ වර්තමාන පදිංචි ස්ථානය සොයා ගත නොහැකි අවස්ථාවල cancellazione per irreperibile යනුවෙන් සලකා ස්ථිර පදිංචිය අවලංගු කරනවා. රෙසිඩන්ට් අහෝසි කිරිමට පෙර තෙවතාවක් ඒ බව තමාගේ රෙසිඩන්ට් තිබෙන ලිපිනයට ලිඛිතව දන්වන අතර අවසන් වතාවට ලියා පදිංචි තැපෑලෙන් හෝ කොමුනුයට අදාල පොලිසිය මගින් හෝ දන්වනු ලබති.

යම් කෙනෙක් අලුතින් Residenza දානවා නම් ඔබ residence දමන ප්‍රදේශය අයිති comune web site එකෙන් ඔබේ ඉලුම්පත online ඉල්ලුම්කල හැක (සමහර comune වල ඇපොයිමන්ට් ගන්න උවමනා නෑ සතියේ දින 5 ම මේ සදහා ඔබට යාමේ හැකියාව ඇත) එසේ නොමැතිනම් රෙසිඩන්ට් දැමිම අවශය්‍ය සියලු ලියකියවිලි කොමුනෙට තැපැල් කර ඒ සදහා ඉල්ලුම්කල හැකිය.

Milano ඉන්න අයට නම් මොඩුලෝ පුරවලා අවශ්‍ය ලියකියවිලි එක්ක ඊ මේල්, ෆැක්ස් කිරිමේ හැකියව ඇත. (මෙය milano අයට පමනි)

Residence දැමිමට වලංගු රැදිසිටිමේ බලපත අනිවාර්‍ය. රිචවුතෝ ( කොටකෙලේන් ) ඉල්ලුම්කල නොහැක. ඔබට Residence ලබාදෙන්නගේ හැදුනුපත හා නිවාස කොන්තරත්තුව අනිවාර්‍යවේ.

Similar Posts