| |

ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්​ව ඔබේ නමට දඩ තිබෙනවද?

ඉතාලියේ ජීවත් වෙද්දි අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් දඩ ගෙවන්න වෙලා තියෙන්නත් පුලුවන්. ඔබ දන්නවත් ඇති සමහර දඩ මුදල් අදාල දිනයට නොගෙවීම නිසා ඒවට වැල් පොලි වගේ මුදලක් එකතු වෙන බව.

ගිය අවුරුද්දේ වගේ ඉතාලියෙන් නොගෙවා හ්හිටපු දඩ වෙනුවෙන් සහනයක්, බොල් ණය විදියට කපා හැරීමකුත් සිදු කලා.

අපි බලමු අද වන විට ඔබ ඉතාලියට ගෙවිය යුතු දඩ මුදලක් තිබෙනවද. එය බලාගන්නේ කෙසේද යන්න.

මුලින්ම මේ විදියට ගූගල් කරන්න.

ඊට පසුව මේ විදියට සයිට් එකට යනවා.එතනින් Cittadini යන්න තෝරන්න.ඊට පසුව සාමාන්‍ය විදියට spid එකෙන් හො CIE මාර්ගයෙන් සයිට් එකට ඇතුල් වන්න.

ඊට පසුව මේ කොටු කරලා තියෙන තැන ක්ලික් කලාම ඔබ යමක් ගෙවීමට තිබෙනවා නම් එය දැනුම් දෙනවා. මගේ නම් කිසිම දෙයක් නෑ.

 

 

Similar Posts