|

බූස්තා පාගා එක හැදෙන විදිය තේරුම් ගමු

හැමදාම බූස්තා පාගා එක අතට ආවම පොඩ්ඩක් අවුල් වගේ නේද? “යකෝ මුන් මෙච්චර කපලද?” ඔය කැපිල්ල, කොහොමද කියල තේරුම් ගන්න බලමු.වැරදියට කැපිලද කියලවත් අවම වශයෙන් සැක හැර දැන ගන්න පුළුවන් නේ එතකොට.

ඉතාලි නීතිය අනුව ආදායමක් ලබන හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනෙ.ගෙවන්න ඕනෙ බද්ද තීරණය කෙරෙන්නෙ වාර්ෂික දල ආදායම (RAL-Retribuzione Lorda Annuale) මත.

වාර්ෂික ආදයමේ යම් නියත ප්‍රතිශතයක් විදියට තමයි මේ බදු ගෙවීම කෙරෙන්නෙ. IRPEF (Imposta sul Reddito delle Persone Fisiche) කියල ඔබ බූස්තා පාගා එකේ දකින්නෙ ඔන්න ඔය බද්ද තමයි. වාර්ෂික ආදායම අනුව ගෙවිය යුතු බදු ප්‍රතිශතය මෙහෙමයි.

  • € 15,000 දක්වා 23% යි
  • € 15,000 – 28,000 27% යි
  • € 28,000 – 55,000 38% යි
  • € 55,000 – 75,000 41% යි
  • € 75,000 ට වැඩි 43% යි

පොඩි උදාහරණයක් අරන් බලමු, කොහොමද මේ බද්ද අපෙන් අය වෙන්නෙ කියල. කෙනෙක්ගෙ වාර්ෂික ආදායම යුරෝ 50,000ක් කියල උපකල්පනය කළොත්, එයා ගෙවන්න ඕනෙ IRPEF වෙන්නෙ මෙහෙමයි. (එකම අනුපාතයෙන් 50,000 ටම අය වෙන්නෙ නැහැ. ඒක කොටස් කිහිපයකට කැඩෙනවා)

  • 15,000 දක්වා 23% = € 3450
  • 15,000 – 28,000 දක්වා 27% = € 3510
  • 28,000 – 50,000 දක්වා 38 % = € 8360
  • මුළු ගෙවිය යුතු බදු මුදල = € 15,320

යුරෝ 50000ක වාර්ෂික ආදායමක් ඇති කෙනෙක් ඒකෙන් 15320ක් බදු විදියට ගෙවන්න ඕනේ.

Calcolo IRPEF සහ stpendio netto

බූස්තා පාගා එකක් අතට ගත්තම පේනවා නේද කැපිලා, කෙටිලා අන්තිමටම අතට ආපු ගණන. ඒක තමයි අපේ අතට එන ශුද්ධ වැටුප. (stpendio netto)

Stipendio netto හැදෙන විදියත් පොඩි උදාහරණෙකින්ම බලමු. හිතමු කෙනෙක්ගෙ මාසික දල වැටුප යුරෝ 1500 ක් කියල. එතකොට 13 වෙනි පඩියත් එක්ක දල වාර්ෂික ආදායම වෙන්නෙ යුරෝ 19,500 යි..(13×1500 = 19500)

දැන් ඕකෙන් කැපෙන්නෙ,එකතු වෙන්නෙ මෙහෙමයි.

INPS දායක මුදල් අඩු වෙනව 9.19%ක් (19,500 x 9.19% =€ 1792)

දැන් IRPEF බලන්න ගන්නෙ INPS ගෙව්වට පස්සෙ ඉතිරි වෙන මුදල. ඒක තමයි Imponibile IRPEF කියල කියන්නෙ. Imponibile IRPEF = 19500 – 1792 = € 17708

Sujith Yaddehige මහතාගෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *