|

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම

රාජ්‍ය  අංශයේ ප්‍රාථමික,මධ්‍යම හා උසස්පෙළ  පාසැල් වාරය සදහා අන්තර්ජාළය හරහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ  පාසැල් සදහා ලියාපදිංචි වීමට අන්තර්ජාළය හරහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අවශ්‍යනොවේ. රාජ්‍ය  අංශයේ පෙරපාසැල් සදහා ලියාපදිංචි  වීම සාමාන්‍ය  ආකාරයට ඉල්ලුම්පත්‍ර  පිරවීම මගින් සිදුවේ.  

දෙමව්පියන්ට තම දරැවන් වෙනුවෙන් පාසැල්  තේරීම සදහා උපකාර කිරීමට ‘Scuola in Chiaro’ නමින් යොමුවක් ඇත. එමගින් සෑම පාසැලකට අදාළ ප්‍රධාන තොරතුරු  පහසුවෙන් ලබාගත හැක.  

මේ සදහා 2021 ජනවාරි 4 වෙනිදා උදෑසන  8:00 සිට ජනවාරි  25 වෙනි දින රාත්‍රි  20:00 දක්වා ඉල්ලුම් පත්‍ර  යොමු කල හැක.

ඔබට SPID හැදුණුම්පතක් නොමැතිනම් පමන​ක්  පිවිසුම් අංකය ලබාගැනීම සදහා  “Istanze on line” හි ලියාපදිංචි වෙන්න.

අවධානයයි.

දරුවන් කිහිපදෙනෙක් සිටින් පවුල් ඒකකයන් කිහිප විටක් ලියාපදිංචි  නොවිය යුතු අතර එක්වරක් පමණක්  ලියාපදිංචි වී එක් පිවිසුම් අංකයක් ලබාගත්විට අවශ්‍ය  සියළුම ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැක. 

මේ සදහා ලියාපදිං​චි වීම සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

පෙර පාසැල

2021 දෙසැම්බර්  31වෙනි දිනට වයස අවුරුදු  3ක් හා වයස අවුරුදු 5ක් සම්පූර්ණ  වූ දරැවන් ලියාපදිංචි කල හැක. එසේම  2022 අප්‍රේල්  30 වෙන දිනට වයස අවුරුදු 3 ක් සම්පූර්ණ වන දරැවන්ද ලියාපදිංචි කල හැක .

ඔබගේ අවශ්‍යතාවය අනුව සාමාන්‍ය වෙලාව (සතියට පැය 40) අඩුකල වෙලාව (පැය 25) හෝ පැය 50ක් දක්වා වූ දීර්ඝ වෙලාව තෝරා ගත හැක. 

ප්‍රාථමිකපාසැල 

2021 දෙසැම්බර්  31වෙනි දිනට වයස අවුරුදු  6 සම්පූර්ණ  වෙන දරැවන් ප්‍රාථමික පාසැල් වාරය සදහා ලියාපදිංචි කල හැක. එසේම 2021 දෙසැම්බර්  31ට පසු හා 2022 අප්‍රේල්  30 වෙනි දිනට පෙර  වයස අවුරුදු  6 සම්පූර්ණ  වෙන දරැවන්වද ලියාපදිංචි කල හැක. විකල්පයක් ලෙස පලමුව තෝරන පාසැලට අමතරව,  ලියාපදිංචි කරන අවස්ථාවේදී  උපරිම වශයෙන් තවත් පාසැල් දෙකක් තේරීමේ අවස්ථාව ඇත. 

මධ්‍යම  පාසැල

මධ්‍යම පාසැල සදහා , ලියාපදිංචිය සිදුකරනා අවස්ථාවේදී පවුල් ඒකකයට අවශ්‍ය පරිදි සතියේ වේලාව තෝරා ගත හැක, එය සතියකට පැය 30ක් හෝ පැය 36ක් විය හැකි අතර  එසේත් නැත්නම් පැය 40ක් විය හැක. ( දීර්ඝ කල වේලාව). විකල්පයක් ලෙස පලමුව තෝරන පාසැලට අමතරව,  ලියාපදිංචි කරන අවස්ථාවේදී  උපරිම වශයෙන් තවත් පාසැල් දෙකක් තේරීමේ අවස්ථාව ඇත. 

උසස් පෙළ පාසැ​ල්

උසස්පෙළ පාසැල් සදහා ලියාපදිංචි  කිරීමේදී පවුල් ඒකකය විසින්  අධ්‍යාපන මාර්ගය තෝරා ගන්නා අතර, පාසැල් විසින් නම් කර තිබෙන විවිධ විකල්ප තෝරා ගැනීම සිදු කරයි.   විකල්පයක් ලෙස පලමුව තෝරන පාසැලට අමතරව,  ලියාපදිංචි කරන අවස්ථාවේදී  උපරිම වශයෙන් තවත් පාසැල් දෙකක් තේරීමේ අවස්ථාව ඇත. 

ලිපිය සැකසුම Mallika Gamage Esperti periti traduttori e interpreti C.C.I.A.A Milano-Monza-Brianza-Lodi Facilitatrice linguistica – Culturale nelle scuole italiane

Similar Posts