ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන් නිශ්කාෂණ වාර්තා ලබාගැනීම.

මුල් අයදුම් පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත් A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.

​සම්පූර්ණ කරන ලද  ඉල්ලුම් පත්‍රය.

උප්පැන්න සහතිකයේ මුල් පිටපත ( පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ)

ඔබ සතු වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය

ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා පිටපතක් (හැදුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ නොමැතිනම් අයදුම්පත ප්‍රතික්ෂේපවේ.)

5.ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සහ සම්බන්ධ කල හැකි දුරකතන අංකය සදහන්   කල යුතුය. 

6.ඔබගේ ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය  ලබා නැති බවට තහවුරු කල හැකි ලේඛණ.

 පොලිස් වාර්තාව ඔබගේ ඉතාලි ලිපිනයට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කුරියර් සේවාව සදහා නියමිත ආකෘතියද සම්පූර්ණකර ඉදිරිපත් කල යුතුය.

පොලිස් නිශ්කාෂණ වාර්තාව සදහා අයදුම්පත්‍රය

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts