ඉතාලියේදි උපත ලබන දරුවෙකු​ට අවශ්‍ය උප්පැන්නය- ගමන්බලපත හා ඉතාලි රැදිසිටිමේ බලපත සාදන අයුරු

ඉතාලියේ උපත ලබන දරුවෙකු​ට අවශ්‍යවන ලියකියවිලි සදාගන්න ආකරය.

මේය කොටස් වශයෙ​න් සිදුවෙන ක්‍රියාවලියකි. නව උපත ලියාපදිංචි කිරිම සිදුවන්නේ මෙසේ​ය. නිතරම බෝහෝ අය සොයන කරුනක් නිසා මේ පිලිබදව ලියන්නට සිතුනි.

01- පුරවැසි සහතියක

ඉතාලියේ උපත ලබන දරුවෙකු​ට ලියකියවිලි සැදිමට අවශය මූලිකමදේ පුරවැසි සහතිකය. මෙයට අවශය මුලික ලේඛණ

  • 16 වෙනි වගන්තියෙ සදහන් උප්පැන්න ප්‍රකාශ අයදුම්පත හා ඡායා පිටපතක් (උපත සිදුවි මාස 03ට අඩු නම්, අයදුම්පත ලබාගැනිමට අවශ්‍ය link එක පහත දැක්වේ.

https://cutt.ly/WcF5mgA

With out marriage

https://cutt.ly/OcF5MlZ

  • 24 වෙනි වගන්තියේ සදහන් උප්පැන්න ප්‍රකාශ අයදුම්පත හා ඡායාපිටපතක් (උපතසිදුවි මාස 03ට වැඩිනම්)
  • සම්පුර්න කරන ලද පුරවැසි සහතික ලබාගැනිමේ අයදුම්පත හා ඡායා පිටපත
  • ම​ව පි​යා හා දරුවා​ගේ නම නිවැරදිව සදහන් ඉතාලි රජය විසින් නිකුත්කල උප්පැන්නය හා ඡයාපිටපතක් (NASCITA)
  • දෙමව්පියන්​ගේ උප්පැන්න සහතික හා එහි ඡායා පිටපත් 02 බැගින්
  • දෙමව්පියන්​ගේ විවාහ සහතිකය හා ඡායා පිටපත් 02
  • දරු​වා උපදින අවස්තාවේ දෙමව්පියන්​ගේ ඉතාලි රැදිසිටිමේ බලපත හා එහි ඡායා පිටපත් 02 ​ක්
  • දෙමව්පියන්​ගේ වලංගු විදේශ ගමන් බලප​ත් හා එහි පිටූ 2-5 දක්වා ඡායා පිටපත් 02 බැගින්,

 

02- උප්පැන්නය හා ගුවන් බලපතට අවශ්‍ය ලියවි​ලි

  • උප්පැන්නය හා පුරවැසි අයදුම්පතෙහි – මුල්පිටපත හා ඡායාපිටපත් 1
  • මව හා පියාගේ උප්පැන්න සහතික – ඡායා පිටපත් 2
  • මව හා පියාගේ රැදීසිටී​මේ බලපතෙහි – ඡායාපිටපත් 2
  • මව හා පියාගේ ගුවන් ගම​න් බලපතෙහි පිටු අංක 1 සිට 5 දක්වා. – ඡායාපිටපත් 2
  • විවාහ සහතිකය – ඡායාපිටපත් 2
  • ඉතාලි රජය විසින් නිකුත්කරන ලද දෙමව්පියන්​ගේ නම් සදහන් උප්පැන්නෙ සහතිකය – ඡායා පිටපතක්

03- විදේශ ගමන් බලපත්‍රය (තාවකාලික ගමන් බලපත්‍රය සහිතව)

  • විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතෙහි – මුල් පිටප​ත හා ඡායා පිටපත් 02
  • මව හා පියාගේ ගුවන් ගම​න් බලපතෙහි පිටු අංක 1 සිට 5 දක්වා. – ඡායාපිටපත් 2
  • විවාහ සහතිකය – ඡායා පිටපත් 2
  • ඉතාලි රජය විසින් නිකුත්කරන ලද දෙමව්පියන්​ගේ නම් සදහන් උප්පැන්නෙ සහතිකය – ඡායා පිටපතක්

04- විදේශ ගමන් බලපත්‍රය (තාවකාලික ගමන් බලපත්‍රය රහිතව)

  • විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතෙහි – මුල් පිටප​ත හා ඡායා පිටපත් 02
  • මව හා පියාගේ ගුවන්ගමන් බලපතෙහි පිටු අංක 1 සිට 5 දක්වා. – ඡායාපිටපත් 2
  • විවාහ සහතිකය – ඡායාපිටපත් 2
  • ඉතාලි රජය විසින් නිකුත්කරන ලද දෙමව්පියන්​ගේ නම් සදහන් උප්පැන්නෙ සහතිකය – ඡායා පිටපතක්

ඡායා පිටපත් සමග ඉහත සියලුම ලේඛණවල මුල් පිටපත් ඉදිරිපත් කලයුතුය.

 

දරැවාගේ ඉතාලි රැදිසිටිමේ බලපත.

අලුත ඉපදුන දරුවෙකු​ට සොජෝර්නෝව ඉල්ලුම් කිරීම සිදු වන්නේ මව හෝ පියා යටතේ නිසා, අයදුම් කරන මොහොත වන විට පාස්පෝට් එකේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මොකද දරැවාගේ පාස්පෝට් එකේ තොරතුරු ඉල්ලුම් පත්‍රයට ඇතුලත් කිරීමක් අවශ්‍ය නොවන නිසා. නමුත් ඔබ දරු​වාගේ උපත ලියාපදිංචි කරන අවස්ථාවේ, තානාපති හෝ කොන්සොලාතෝ කාර්යාලයට කියන්න සොජෝර්නෝව සදහා කුස්තුරා එකට ගෙනයාමට ලිපියක් අවශ්‍ය බව. එවිට ඔවුන් දරුවා​ගේ ජායාරූපයක් සහිතව ලිපියක් සකසා දෙනවා. ඔබ දරුවා​ගේ ගමන් බලපත්‍රය ඉල්ලුම් කර , එය බලාපොරොත්තුවෙන් සිටින බවට. එම ලිපිය කුස්තුරා එකට ඉදිරිපත් කිරීම සදහා පුමාණවත් ඔබට ගමන්බලපත්‍රය ලැබෙන තුරු.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *