ඉතාලියේ නිවාස  ණයක් ලබා ගැනී​ම

Fondo Di Garanzia Prima Casa

ඉතාලියේ නිවාස සිහිනය සැබෑ කර ගන්න උත්සාහ කරන අපේ සමහර දෙනෙක් මුහුණ පාන අමිහිරි ගැටළුවක් තමයි. ණය අපේක්ෂා කරන බැංකුව සෑහීමකට පත් වෙන ආකාරයෙන් ගැරන්ටියක් (ඇපකරයක්) දෙන්න බැරි වීම. මේක ඉතාලි ජාතිකයිනුත් මුහුණ පාන ලොකුම ගැටළුවක්. ඔබ මේ උත්සාහ දරන්නෙ ඔබේ වාසයට පළමු නිවාස මිල දී ගන්න නම්, ඔබට අවස්ථාවක් තියෙනවා Fondo di Garanzia Prima Casa එකට ඉල්ලුම් කිරීමට. අළුතින් නිවසක් මිල දී ගන්නට හෝ පවතින නිවස ප්‍රතිසංස්කරණ කටයුතුවලට මේ යටතේ උදවු කෙරෙනවා. ඉතාලි රජය මගින් සැපයෙන විශේෂිත ඇපකරයක් මේක. මෙහි අරමුණ වෙන්නෙ අළුත විවාහප​ත් යුවලකට නිවසක් මිලදී ගන්න හෝ අළුත්වැඩියා කටයුතුවලට ඇති හැකියාව වැඩි කිරීමක්.

මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ඉල්ලුම් කිරීමේදී වඩා ශක්තිමත් මූල්‍යමය ඇපකරයක් ඉදිරිපත් කිරීමට මේ යටතේ හැකි වෙනවා. මේ යටතේ ඉඩ ප්‍රස්ථා හිමි වෙන්නෙ පලමු නිවස මිලදී ගන්න හෝ පවතින නිවසක් අළුත්වැඩියා කටයුතුවලට ණය මුදලකට යන්න පමණයි. ණය මුදල අපේක්ෂා කරන අයට වෙනත් නිවාස තියෙන්න බැහැ. ඒ වගේම ඒ ගන්න බලාපොරොත්තු වෙන නිවස සුඛෝපභෝගී (lusso) කියන ගනයට වැටෙන එකක් වෙන්නත් බැහැ.

2014 දී n. 244, 24/12/2014 යටතේ තමයි මේ අරමුදල ප්‍රථම වරට එලියට ආවෙ. Consap S.p.A කියන ආයතනය මගින් මේ අරමුදල (Fondo) මුළුමනින්ම හසුරවනු ලබන්නෙ. මේ අරමුදලට දායක වී ඇති ඉතාලියේ සියළුම මූල්‍ය ආයතනවල ලැයිස්තුවක් ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ පහසුකම ලබා ගන්න අපේක්ෂා කරන කෙනෙක් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් තමන් නිවාස ණය ඉල්ලන බැංකුව මේ Fondo di Garanzia Prima Casa එකට දායක වෙලා තියෙනව ද කියල සැක හැර දැන ගන්න එක. එහෙම දායක වෙලා තියෙනවා නම් ඉතාලි රජය මගින් ඔබේ අපේක්ෂිත නිවාස ණය මුදලෙන් 50%ක ගැරන්සියක් බැංකුවට සපයනු ලබනවා. මේ යටතේ මිලදී ගන්න පුළුවන් යුරෝ 250000 උපරිමයක් දක්වා වූ නිවසක් පමණයි.

Fondo Garanzia Prima Casa එකට ඇතුලත් වීමට සැපිරිය යුතු අවශ්‍යතා කවරේද?

  • ඉතාලිය තුල පිහිටි නිවස වීම සහ එය lusso ගණයට නොවැටෙන එකක් වීම.
  • 95 m3 කට අඩු නිවසක් වීම.
  • Mutuo Ipoticrario එක යුරෝ 250,000 අඩු වීම.
  • පලමු නිවාසය වීම.
  • ISEE අගය යුරෝ 30000 ට අඩු වීම.

Lusso / luxury කියන කොටසට නොවැටෙන නිවසක් කියන්නෙ A1,A8,A9 කැටගරි එකට අයත් නිවාස සහ Ville,Castelli, Immobili con di pregio storico e artistico.

පහත සුදුසුකම්වලින් කවරක් හෝ සපුරලා තියෙන කෙනෙක්ට මේ Fondo එකට ඉල්ලුම් කරන්න පුළුවන්.

  • අවම අවුරුදු 2ක කාලයක සිට විවාහ වී සිටින හෝ එකට වාසය කරන තරුණ යුවලක් වීම
  • අවම වශයෙන් එක් අයෙක්වත් වයස 35ට අඩු වීම
  • මව පමණක් හෝ පියා පමණක් හෝ සමග ලාබාල වයසේ ඉන්න ලමයි සිටින පවුලක් වීම
  • casa popolare එකක දැනට වාසය කිරීම
  • වයස 35ට අඩු වීම සහ contratto di lavoro atipico එකක් තිබීම.

Note

Contratto di lavoro atipico කියන්නෙ tempo pieno, Inderminato ගනයට නොවැටෙන සියළුම කොන්ත්‍රාත්. ඒ කියන්නෙ Tempo Determinato, Part-time, a Chiamata, Lavoro e formazione, Lavoro a progetto.

අයදුම් කරන්​නේ කොහොමද?

ඔබ මේ සඳහා අයදුම්පතක් ඔබ ණය මුදල අපේක්ෂා කරන බැංකුවට ඉදිරිපත් කල යුතුයි. අවශ්‍ය අයදුම් පත Ministero dell’Economia e Finanza වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.  ණය මුදල ඉල්ලන බැංකුව මේ Fondo එකට ඇතුලත් ද කියල ඕනෙ නම් බැංකුවෙන්ම අහන්න. නැතිනම් Consap S.p.A වෙබ් අඩවියෙන් බලන්න.

 අයදුම් පත.

ඉල්ලුම් පත ඉදිරිපත් කිරීමෙන් පස්සෙ Fondo එකේ තීරණය දින 20ක් තුල බැංකුවට දැනුම් දිය යුතු වෙනවා. ඒක Positive තීරණයක් නම් රාජ්‍ය අනුග්‍රහය යටතේ ලැබෙන ගැරන්සියත් එක්ක බැංකුවට දින 90 ක කාලයක් ලැබෙනවා අවශ්‍ය ණය මුදල නිවාස ණය අපේක්ෂිතයාට මුදා හරින්න. කෙසේ වුවත් බැංකුවට අයිතිය තියෙනවා, මේ දින 90 ක කාලයේදී ණය මුදල දීම ප්‍රතික්ෂේප කරන්න උනත්. මේ ක්‍රියාවලියේදී Fondo එකෙන් ගැරන්සියක් දුන්නත් ණය දෙනවද, නැද්ද කියන එක අවසානෙටම තීරණය කරන්නෙ බැංකුව හෝ ණය දෙන මූල්‍ය ආයතනය.

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් Consap S.p.A., සම්බන්ධ කර ගන්න ඔවුන්ගේ දුරකථන අංකය හරහා. 06 8579 6408, Email කරනවා නම් fondocasa@consap.it වෙබ් අඩවිය www.consap.it

SUJITH YADDEHIGE

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *