| |

බෝනස් යූරො 350 ​ක් අවුරුද්දක් සදහා (SFL)

Reddito Cittadinanza වෙනුවට හදුන්වා දෙන නවතම සහනයන්

පුහුණුව සහ රැකියා සඳහා සහාය (SFL) යනු පහත සඳහන් ව්‍යාපෘතිවලට සහභාගී වීමෙන් රැකියා ලබාගැනී​මේ පියවරකි.මේ වන විට රැකියාවක් නොකරන පුද්ගලයින්ව රැකියාව​ක් සදහා ස්ක්‍රීය කිරිමත් දිරිමත් කිරීම අරමුනෙන් මෙම දීමනාව ලබාදීමට සූදානම් වනවා.

මෙය ලැබෙනු​යේ කාහට​ද?

  • අවුරුදු 18- 59 ත් අතර විය යුතුයි
  • ආර්තීක අවශ්‍යතාවයන් ඇති අය විය යුතුයි
  • ISEE අගය 6000 ට අඩු විය යුතුයි.
  • අයදුම් පත් ඉදිරිපත් කරන අවස්තාවේ අවම අවුරුදු 5 ක් ඉතාලියේ පදිංචි වී සිටිය යුතුයි.
  • රැකියාවක් කිරීම සදහා සූදානම් අයෙකු වීම (RILASCIARE LA DICHIARAZIONE DISPONIBILITA’ AL LAVORO)
  • ASSEGNO DI INCLUSIONE ලබාගැනීමට සුදුසුකම් නොමැතිවීම

2024/01/01 දා සිට බාලවයස්කරැවන් සිටින පවුල් ඒකකයන්, වයස අවුරුදු 60 ට වඩා වැඩි හෝ ආබාධිත පුද්ගලයන් සිටින පවුල් ඒකකයන්ට මෙම දීමනාවට ඉල්ලුම් කල හැක. මේ දීමනාව පළමුවරට මාස 18ක් සදහා ලබාදෙන අතර සුදුසුකම් තිබේනම් එම කාලසීමාවෙන් මාසයකට පසු නැවතත් මාස 12ක කාල සීමාවක් සදහා අළුත් කිරීමට හැකියාව පවතී.

  • මෙහිදීත් ඉතාලි පුරවැසිභාවය හෝ දිගුකාලීන රැදීසිටීමේ බලපත්රය මූලික සුදුසුකමක් ලෙස දක්වා ඇත.
  • මෙහිදී වසර 5ක ඉතාලියේ ස්ථිර පදිංචිය ප්රමාණවත් වෙන අතර, ඉන් අවසන් වසර 2ක නොකඩවා ස්ථිර පදිංචිය තිබිය යුතුයි.
  • වර්ෂයක් ඇතුළත තම කැමැත්තෙන් රැකියාවෙන් ඉවත් වූ පුද්ගලයන්ට මේ සදහා ඉල්ලුම් කර නොහැක.
මෙම දීමනාව ලබාගන්නා ප්රතීලාභීන් දින 120ක් ඇතුළත නගර සභාවේ සමාජසේවා අංශය මගින් ලබාදෙන පළමු සාකච්ඡාවට සහභාගීවී තමන් වෙනුවෙන් සැකසෙන වයාපෘතියට අනුගතවීම සදහා අත්සන් කර යුතුයි . ඊට පසු සෑම දින 90 කට වරක්ම සමාජ සේවා අංශයේ හෝ පත්රොනාතෝවරයෙකු මගින් තම වර්තමාන තත්වය රජයට වාර්තා කල යුතු අතර, එය පැහැරහැරීයොත් මෙම දීමනාව අත් හිටවනු ඇත.
වයස 60 ඉක්මවූ පුද්ගලයන් හා ආබාධිත පුද්ගලයන් මෙම හමුවීම් සදහා යොමුවීම අනිවාර්ය නැත.
රැකියාවක නිරතවීමට හැකි තත්වයේ පුද්ගලයන් තමන් වෙත ලබාදෙන රැකියා (කොන්දේසි සහිතයි) ප්රතික්ෂේප කිරීමද මෙම දීමනාව අහිමි වීමට හේතුවකි.
මෙම වයාපෘතිය හරහා සේවකයන් බදවා ගන්නා ආයතන සදහාද රජය මගින් වාර්ෂික බදු සහනයන් හදුන්වා දී ඇත.

 

මේ සදහා patronato කෙනෙක් මාර්ගයන් හෝ තමාගේ Spid එකෙන් inps වබ් අඩවියෙන් අයදුම් කිරීමට අවස්තාව ලබාදී තිබෙනවා.

අදාල සුදුසුකම් සැපරීමෙන් පසුව මේ සදහා අයදුම් කරන ආකාරය පිලිවෙලින්.























Similar Posts