යුරෝ 1880ක් දක්වා වූ අළුත් බෝනස් එකක් අගෝස්තු මාසයේ ඔබේ වැටුප​ට

යුරෝ 1880ක් දක්වා වූ අළුත් බෝනස් එකක් අගෝස්තු මාසයේ ඔබේ වැටුපට.මෙහි විශේශත්වය නම් මේ සදහා අයදුම් කලයුතු නොවේ.

අගෝස්තු මාසයේ තවත් වැදගත් ප්‍රසාද දීමනාවක් (Bonus එකක්) ලැබෙන්නයි යන්නෙ. උපරිමය යුරෝ 1880 ක්.

කෙලින්ම ඔබගේ බූස්තා පාගා එකේ මේ බෝනස් එක ඇතුලත් වෙනවා. දොමන්දා දාන්න, CAF-CGIL වැනි ආයතන පස්සෙ ගිහින් ඉල්ලුම් පත්‍ර පුරවන්න නැහැ.ඔබගෙන් IRPEF (Imposta sul reddito delle persone fisiche) බදු විදියට අය කර ගන්න මුදලෙන් යම් ප්‍රමාණයක් නැවත ඔබට ලබා දීමක් තමයි මෙතෙන්දි කෙරෙන්නෙ. කොච්චර මුදලක් ලැබෙනවද කියල තීරණය වෙන්නෙ ඔබගේ රැකියා කොන්ත්‍රාත්තුවෙ වර්ගය සහ අවුරුද්දෙ දවස් කීයක් වැඩ කලාද කියන කාරණා මත.

යුරෝ 1880 ක උපරිමයකට හිමිකම් කියන්නෙ වාර්ෂික ආදායම යුරෝ 8000 ක සීමාවට ලං නොවුණු සේවකයන්. කොහොම උනත් ලැබෙන්න පුළුවන් අඩුම ගණන යුරෝ 690 ක්. නරක නැහැ නේද?

තාවකාලික රැකියා කොන්ත්‍රාත්තුවක් ඇති කෙනෙක්, යුරෝ 8000ක ආදායම නොඉක්මවන ව්ට, අවම යුරෝ 1380ක් ලැබේවි. යුරෝ 8000 – 28000 ක වාර්ෂික ආදායම් මට්ටමේ ඉන්න අයට යුරෝ 978ක් බෝනස් වශයෙන් බූස්තා පාගා එකට එකතු වේවි. යුරෝ 28000 සිට 55000 ආදායම තියෙන අයට ලැබෙන බෝනස් එක ආදායම අනුව ටිකෙන් ටික අඩු වෙනවා. 55000 ඉක්මවූ අයට නම් කීයක්වත් නැහැ.

  • යුරෝ 8000 –  අවම යුරෝ 1380.
  • යුරෝ 8000 ත් 28000 අතර අය සදහා  – යුරෝ 978.
  • යුරෝ 28000 ත් 55000 අතර අය සදහා – මුද​ල් ලැබේ.
  • යුරෝ 55000 ට වැඩි අය සදහා කිසි මුදලක් නොලැබේ.

කලින් කීවා වගේ දොමන්දා දාන්න දෙයක් නැහැ. ලබන මාසෙ බූස්තා පාගා එක එන තුරු බලන් ඉන්න.

SUJITH YADDEHIGE

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *