ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහන්ම් කර තිබියදි ඉතාලියට ගි​ය තරුනයෙකුගේ අත්දැකීම්. කොහොමද ඉතාලියට නිත්‍යානූකූලව යන්නේ?

මම දැක්කා කෙනෙක් දාලා තිබ්බා දැනට ලංකාවට තියෙන තහනමත් එක්ක කොහොමද ඉතාලියට ආවෙ කියලා. මමත් මම ආපු විදිහ කියන්නම්. මොකද ලංකාවේ දැනට තියෙන තත්වෙ එක්ක කවදා තහනම ඉවත් කරයිද කියන්න බැරි නිසා. මේ දේ කාට හෝ උදව්වක් වෙයි කියලා හිතනවා.

ලංකාව තහනමට ලක්වුනේ ඉන්දීය ජාතිකයන් ලංකාව හරහා පැමිනීම කියාලා සමහර අය කියනවා. එය එක හේතුවක් පමනයි. ලංකාව තහනමට ලක්වුනේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යාම නිසා සහ ඒ ඇවස්ථාව වන විට ලෝකේ අනිත් රටවල් සමඟ බලද්දී ලංකාව ඉන්දියාව බංග්ලාදේශය රට වල තමයි අඩුම Travel Restrictions (සංචරණ නීති) ක්‍රියාත්මක වුනේ. ඕනෙම රටකින් ලංකාවට එන්න අවසර තිබ්බා. ඒ හේතු නිසා තමයි ලෝකේ බොහෝ රටවලින් ලංකාව තහනමට ලක්වුනේ.

මම ලංකාවට ගියේ අප්‍රේල් 31, යන අතරමගදී තමයි දැනගත්තේ ලංකාව තහනම් කරලා කියලා. මේ තහනම ගැන සමහර අය වැරදි මතයක ඉන්නේ. ලංකාවේ පුරවැසියන් තහනමට ලක් කරලා නෑ, සඳහන් වෙන්නේ “ලංකාවේ සිට හෝ ලංකාව හරහා පැමිනෙන මඟියන්” කියලා. ඉතාලි Immigration එකෙන් බලන්නේ ඉතාලියට පැමිනි දවසේ සිට දවස් 14ක් පසුපසට. ඒ දවස් 14 කාලසීමාව තුල ලංකාව ඉන්දියාව බංග්ලාදේශය යන රටවල් වලින් එන්න බෑ හෝ ඒ රටවල් හරහා ඇවිත් තියෙන්න බෑ.

ඒ වගේම කිහිප දෙනෙක් කියනවා වෙනත් රටක දින 14ක් Quarantine වෙලා පැමිනෙන එක නීති විරෝධී කියලා, එහෙම දෙයක් ඉතාලියේ නීති වල සඳහන් වෙලා නෑ කියන එක තමයි හේතුව විදිහට ඉදිරිපත් කරන්නේ. එය නීති විරෝධී දෙයක් නෙමෙයි, එහෙම කියන්න හේතුව වෙනත් රටක දින 14ක් සිට පැමිනීම නීති විරෝධී දෙයක් බව ඉතාලියේ නීති වල කිසිම තැනක සඳහන් වන්නේ නෑ, ඔවුන් බලන්නේ අවසන් දින 14 පමනයි. දැනට ලෝකේ බොහෝ දෙනක් මේ ක්‍රමය අනුගමනය කරනවා, ලංකවේ මිනිස්සු විතරක් නෙමෙයි.

නමුත් අපේ ලාංකිකයෝ ඒ දේ නීති විරෝධී දෙයක් බවට හරවගෙන තියෙනවා, ඔවුන් නිසි පරිදි දින 14 Quarantine නොවී ඉතාලියට පැමිනෙනවා, එය දැඩි නීති විරෝධී ක්‍රියාවක්. හසු නොවීම තමන්ගේ වාසනාව වුනත් එහෙම අසු වීමෙන් සිඳු වන්නේ නීත්‍යානුකූලව පැමිනෙන අයටත් එම අවස්ථාව නොලැබී යාම. ඒ නිසා ආත්මාර්ථකාමී නොවී එන්න සිටින අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න.

මම ඉතාලියට නැවත ආවේ ජූනි මාසයේ. මම ආවේ කෙන්නියා​වේ දින 16 ක් ඉඳලා. මම ට්‍රැව​ල් ඒජන්සි වලින් නම් තොරතුරු ගත්තේ නෑ, තනියම හොයලා විස්තර දැනගත්තේ.
හොඳ ට්‍රැවල් ඒජන්සි ඇති, ඒත් දැන් වෙද්දී ගොඩක් අය බලන්නෙ මිනිස්සුන්ගෙන් නිකන් සල්ලි කඩා ගන්න.

මට ආරන්චි වුනා එක ඒජන්සියකින් කියලා තියනවා Airline එකෙන් විශේෂ අවසරයක් අරගෙන ජර්මන් එක්කන් යනවා කියලා. එහෙම Airline වලින් අවසර ගන්න බෑ, එයාලා අවසර දෙන්නෙ නෑ, එයාලා වැඩ කරන්නෙ අදාල රටවල් වල Immigration එකෙන් දෙන නීති වලට අනුව. අදාල රටේ Immigration එකෙන් විශේෂ අවසරයක් අරගෙන නම් යන්න පුළුවන්. එහෙම කිව්වත් ඔබලාට අයිතියක් තියනවා ඒ ලැබුන අවසරය ගැන විමසන්න. මේ වගේ බොරු කාරයෝ ඉන්නවා ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. ඔබලා අමාරුවේ වැටුනොත් ඒ වෙලාවට කිසි කෙනෙක් එන්නෙ නෑ උදව්වට.

පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන් දැනට ලංකවේ ඉඳලා යන්න පුළුවන් රටවල් සහ විසා ගැන විස්තර.
https://www.passportindex.org/passport/sri-lanka/

ජූනි මාසේ වෙද්දී ලෝකේ ගොඩාක් රටවල් වලින් ලංකාව තහනම් වෙලා තිබ්බේ. මම ආවේ කොට කොලෙන්, ඒ නිසා මට යුරෝපයේ වෙන රටවල් වලට යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. Georgia වල වියදම ගොඩාක් අඩුයි, ඒත් කොට කොලෙන් යන්න බෑ, ඒ වෙද්දී online visa දෙන්නෙත් නෑ. දැං soggiorno තියන අයට යන්න පුළුවන්, ඒත් vaccine දෙකම අරගෙන තියෙන්න ඕනේ. Vaccine එකේ වර්ගය ප්‍රශ්නයක් නෑ.

සමහර රටවල් වල Qurantine වෙන්න සිද්ද වෙනවා Vaccine අරගෙන නැත්තම්. ඒ නිසා යන්න කලින් ලංකාවෙන් Vaccine දෙකම අරගෙන යන්න බලන්න. මම ඒ නිසා කෙන්නියාව​ට online visa දැම්මා, පැයක් වගේ ඇතුළත වීසා එක ආවා. ඒකට ගියේ යුරෝ 52 ක්. මේ වගේ online visa දාලා යන්න පුළුවන් රටවල් තව තියනව, ඒවත් හොයලා බලන්න. online visa දානකොට හොටෙල් එකක් බුක් කරන්න ඕනෙ. ඒකට booking.com හෝ trip advisor වගේ වෙබ් සයිට් එකකින් කරන්න පුළුවන්. මම භාවිතා කරන්නේ booking.com එක. ඒ හැම එකකම ඔයලට පුළුවන් ඉන්න දවස් ගාන (14) සඳහන් කරලා මිල බලන්න. උදේ කෑම විතරක් (bed and breakfast) හෝ වේල් තුනටම කෑම (full board) මිල බලා ගන්න පුළුවන්.

https://euplf.eu/it/eudplf-it/index.html

මම ආවේ Rome Airport එකට. එතන Immigration එකෙන් දෙනවා form එකක්, ඒකෙ තියෙන්නෙ අපි නවතින තැන, ගුවන් තොටුපලේ ඉඳලා නවතින තැනට යන ක්‍රමය (දුම්රිය, බස් හෝ පෞද්ගලික රථ), ඉතාලියට පැමිනි ක්‍රමය (ගුවන්), පෙර දින 14 ඇතුලත සිටි රටවල් සහ නගර යන දේවල් සඳහන් කරන්න ඕනෙ. මාව පැය 3ක් පමන තබාගෙන මගේ Documents ටික බැලු​වා. ගුවන් ටිකට්පත් ටිකත් ලඟ තියා ගන්න.

ඔබ ලංකාවෙන් පිටත් වනවිට සහ අදාල රටෙන් පිටත් වෙද්දී Immigration එකෙන් ගහන සීල් (Disembark seal) එක හරියට වැදිලාද කියලා බලන්න. සීල් එකේ දවස සඳහන් වෙනවා ඒක ඉතාම වැදගත්, ඒකෙන් තමයි ඔවුන් බලන්නේ ලංකාවෙන් පිටත් වුනු දවස සහ ඔබ නැවතී සිටි රටට ඇතුල් වූ සහ පිට වූ දවස්.

ඉතාලි Immigration එකේ ඉන්න පුද්ගලයන් සමඟ සුහදව කතා කරන්න. ඉතාලියෙන්ම කතා කරන්න පුළුවන් නම් වඩාත් හොදයි. ඔබේ හැසිරීමත් එයාල බලනවා. අපි ලොකු කම් දාන්න ගියොත් එයාලට කැමති පියවරක් ගන්න පුළුවන්. අපි කොතරම් නිවැරදි විදිහට ආවත් එයාලට පුළුවන් deport කරන්න. ඒ නිසා සුහදව කතා කරන්න.

හැමෝම කතා කරන්නෙ ජර්මනිය ගැන, තවත් රටවල් තියනවා ඒවත් බලන්න. මේ විදිහට එන්නේ ලංකාවෙ අය විතරක් නෙමෙයි. ඒත් ඉවසන් ඉන්න බැරි කමට දවස් 14 ඉන්නෙ නැතිව එන්න එපා. ඒක ඔබගේ වගේම නිවැරදි ලෙස එන කෙනෙක්ගෙත් අවස්ථාව නැති කර දැමීමක් වෙයි. දවස් 14ක් Quarantine නොවී පැමිනීම ඉතාමත් නීති විරෝධී ක්‍රියාවක් බව මතක තියා ගන්න.

Piyumal Samarathunga ගෙනි.

මේ ලිපියෙන් අප විසින් ඔබවෙත ගෙන ආවේ තහනම තිබෙන සමයේ ඉතාලියට ආව පුද්ගලයෙකු ගැනයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *