|

ශ්‍රි ලාංකික කාන්තාව ඉතාලියේ කොතැනද ?

ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ තුන්ව​න පරම්පරාවද පසුවී ඉතාලියේ ජීවත් වූවත් ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් තෘප්තිමත්ද?

බොහෝදුරට ඉතාලියේ වෙසෙන ආසියාතිකයන් ඉතාලියෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් උපයාගැනීම පමනය. ඉතින් හරි හරියට පිරිමින් සමග කර ගසමින් ගැහැනුන් වැඩකරති.එසේ මහන්සිවී උපයන මුදල් රවටා හෝ බයකර හෝ ලබා ගන්නෝ අපමනය. පෙම්වතුන් සැමියන් ​හෝ අනියම් පුරුශ පාර්ශ්වයෙන් කියා වෙනසක් නැත.

පිරිමින්ගේ බීමත්කම, මත්_ ද්ර​ව්‍ය, කැ_සිනෝ හෝ අනි_යම් කාන්තා ඇසුර නිසා අපේ ගැහැනුන් කොපමණ දු​ක් විදිනවාද? දරුවන්ව තනියම උස්මහත් කරන ලාංකීක අම්මලා කොච්චර ඉතාලියේ ඉන්නවාද?
ලෝකයේ දියුනුම රටක ජීවත් වෙමින් පුහු සංස්කෘතිය කට මැදිවෙලා ගැහැනු ඔබ තවදුරටත් දුක් විදින්න අවශ්‍ය නැහැ. ඔබට පුලුවන් ඔබට තනියම නැගිටින්න. බොරු පිරිමිකම මවාපාමින් සිටින අයට සමුදෙන්න.

ඉතාලියේ කාන්තා හා ලමා හිං_සනය වෙනුවෙන් දැඩි නීති පද්ධතියක් ඇති රටක්. ඔබ ලිං_ගික, කායික හෝ මානසික පීඩනයට පත් වෙලා ඉන්නවනම් ඔබට පුලුවන්,

Assistenza sociale

මගින් ඔබට අවශ්ය නීති ක්රියාමාර්ගයකට යන්න. මෙම සේවය ඉතාලියේ සෑම comune මගින් හෝ caritas මගින් ලබා ගන්න පුලුවන්. ඒ අය ඔබට ආරක්ශිත ස්තානයක් ලබා දෙනවා. දරුවන් සිටිනවානම් විශේෂයෙන් සොයාබලනවා. රැකියාවක් නැත්නම් මුදල් හෝ අත්යවශ්ය දේවල් ලබා දෙනව . නීතිමය වශයෙන් වෙන්වෙන්න අවශ්ය කටයුතු සූදානම් කර දෙනවා. වන්දි හෝ නඩත්තු මුදල් ලබා ගන්න උදවු කරනවා.

Carabinieri හෝ polizia di stato

කවුරුන් හෝ ඔබව කිසියම් ආකාරයකට බය කරනව නම් ,වීඩියෝ හෝ ෆොටෝ තියාගෙන ඔබට ඔවුන්ට විරුද්ධව  Dinuncia එකක් දාන්න පුලුවන් . (Carabinieri හෝ Polizia di stato මගින්) මේවගේ අයව අවුරුදු 5-10 ත් අතර හිරේ දාන්න ඉතාලියේ නීති සකස් කරල තියෙන්නේ. ඔබ වෙනුවෙන් කතාකරන්න නීතිඥවරුන් ඔබට නොමිලේ ලබාගන්නත් පුලුවන්. (Gratuito Patrocinio)

ඔබ මානසික් පීඩනයට පත්වෙලා නම් ඔබට මානසික වෛද්යවරයකු හමුවී කතාකරන්න පුලුවන් (Psicologo). ඔබට ඉතාලි බාශාව බැරිනම් බාශා පරිවර්තකයෙක් (Traduttore in Cingalese) අනිවාර්යයෙන් ලබා දෙන්න ඕනි. මෙච්චර පහසුකම් තියාගෙන තව දුරටත් දුක් විදින්න එපා. ඔබේ නිදහස සහ මානසික සැනසීම ලබාගන්න පුලුවන් ඔබටමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *