ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයි​න් සඳහා නිරෝධායන මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් හා විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් සඳහා නිකුත් කරන ලද නිරෝධායන මාර්ගෝපදේශ යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව අදාළ නිරෝධායන මාර්ගෝපදේශ පහතින්,

මෙම රෙගුලාසි ජූලි පලවනදා සිට ජූලි මස 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිනෙන

    1. විදෙස්ගත ශ්‍රමිකයින්
    2. වෙළද නාවිකයින්
    3. නාවික ආරක්ශකයින්
    4. ද්විත්ව පුරවැසියන්
    5. සංචාරකයින්
    6. නේවාසික වීසා බලපත් හිමි විදේශිකයින්ටද අදාල වේ.

එන්නත් කරනය සම්පූර්න නොකල ශ්‍රී ලාංකීකයින් හා ද්විත්ව පුරවැසියන්​ට,

එන්නත් කරනය සම්පූර්න නොකල ශ්‍රී ලාංකීකයින් හා ද්විත්ව පුරවැසියන් සියලුදෙනා පලමු PCR පරීක්ෂණයෙන් පසුව නිරෝදායන හෝටලයකට හෝ මදයස්තානය​ක් වෙත යොමුකර​නු ලැබේ. දි​න 11ත් 14ත් අතර කෙරෙන PCR පරීක්ෂණය කෝවි​ඩ් ආසාදිතයකු බව තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේ දී ඔවුන් අදාල මධ්‍යස්ථාන වලින් මුදා හැරේ.

පූර්ණ ලෙස එන්න කරන්නේ අවසන් කර මෙරටට පැමිණෙනෙන ​ශ්‍රී ලාංකිකයන්ට ​හා ද්විත්ව පුරවැසියන්ට,

පූර්ණ ලෙස එන්න කරන්නේ අවසන් කර මෙරටට පැමිණෙනෙන ​ශ්‍රී ලාංකිකයන්ට ​හා ද්විත්ව පුරවැසියන්ට පළමු දිනයේ දී කරන ලබන PCR පරීක්ෂණය කෝවි​ඩ් ආසාදිතයකු බව තහවුරු නොවන්නේ නම් ප්‍රදේශයේ සෞඛ්‍යය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ දින 14​ක් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කරනු ලබන්​වා. දින 14 අවසානයේ දී කරනු ලබන පරික්ශනයෙන් පසුව ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝදායනයෙන් මුදාහැරේ.

එන්නත් කරනය සම්පූර්න කල පුද්ගලයෙකු ලෙස හදුන්වන්නේ,

කොවිඩ් 19 සඳහා වන එන්නතේ නිර්දේශිත මාත්‍රාවන් සම්පුර්ණ කිරීමෙන් සති දෙකකට පසු​ව එන්නත් කරණය සම්බන්ධයෙන් වන සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්ථනයක් ද සහිතව ) ගුවන් තොටුපොල බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය. මෙය අවුරුදු 12 ට අඩු දරුවන් සදහා අදාල නොවේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *