චීන රොකට් එක ඉතාලියේ රෝම් හා නාපෝලි අතර ප්‍රදේශවලට කඩා වැටේද?
චීනය විසින් අභ්‍යවකාෂයේ නිර්මාණය කරන මධ්‍යස්ථානය කරා සැපයුම් රැගෙන ගියගිය Lunga Marcia 5B අභ්‍යවකාශ යානය/රොකට්ටුව මේවන විට පාලනයෙන් මිදි පෘථිවිය දෙසට එමින් පවතිනවා. මෙතෙක් දුරට එය කොතැනට පතිත වේදැයි නිසි නිගමනයක් තිබුනේ නැ. කිලෝග්‍රෑම් 22,000 ක ස්කන්ධයකින් යුතු මෙම රොකට්ටුව පැයට කිලෝමීටර් 29,000 ක වේගයෙන් පෘථිවිය වටා මේ වන විට පරිභ්‍රමණය වෙමින් පවතිනවා.
නවතම වාර්තා වලට අනුව යානයෙන් විනශ වී පතිත වීමට නියමිත සුන්බුන් ඉතාලියේ පළාත් 9 කට පතිත වනු ඇතැයි සැක පහල කරනවා. ඒ මැයි මස 9 දින අලුයම 2.24 ට පමණ.
අන්තර්ජාතික වාර්තා වකට අනුව වසරකට අභ්‍යාවකාශ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 150 ක් පමණ පෘථිවියට කඩාහැලෙන අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් වායුගෝලයට ඇතුලු වන විටම දැවී විනාස වී යයි . එසේ නොදැවි ඉතිරිවන කොටස් පැසිෆික් සාගරයට බහුල වශයෙන් පතිතවන අතර මේ වන විට මිනිස් ජීවිත අහිමි වීමක් ඒ තුලින් වාර්තා වී නැත. Long March 5B යානාව සම්බන්ධයෙන් දැනට කර ඇති ගණනය කිරීම් අනුව නොදැවී පතිත වීමට හැකි විශාලම කොටස මීටර් 30 ක දිගින් (අඩි100) යුතු කොටසක් යැයි විශේෂඥයන් පවසයි.