දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් පලමු වතාවට අප්‍රියෙල් මස ​29 වනදා පලමු වතාව​ට ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.එදා සිට අද දිනය දක්වා මාස 03 ක් ගත්වූ කල්හි නැවතත් මාසයක් සදහා එම තහනම දීර්ග කරන ලදී.
ඒ අනුව අගෝස්තු මස 30 වනදා දක්​වා මෙම ගුවන් තහනම තව දුරටත් දීර්ග ​වූ වගයි.

යම් විදියකින් මෙම තහනම් වූ කාලයේදි විශේෂ අවසරයක් ඇතිව ඉතාලියට ඇතුල් වන්නේ නම් දින 10 ක් නීරෝදායන මද්‍යස්තානයක නීරෝදායනය විය යුතුය.ඉතාලි පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට ඕනෑම අවස්තාවක ඉතාලියට ඇතුල් වීමට අවස්තාව ඇතිමුත් ඔවුන්ද අදාල නීරෝදායන නීති අනුව නීරෝදායන මද්‍යස්තානයක අදාල කාලය නීරෝදායනය විය යුතුවේ.

මේ වන බොහෝ දෙනෙක්ට තම රැකියාවන් සදහා ඉතාලියට පැමිනීමට නොහැකි වීම මත විශාල ප්‍රශ්න පෙලකට මුහුන දී තිබේ.එවෙනි අය සදහාම අපි විසින් මීට ඉහතදී මෙම තහනම තිබූවත් ඉතාලියට පැමිනීමට හැකි නිත්‍යානූකූල ක්‍රමය ගැන දැනුවත් කරන ල​දී.ඒ ලිපිය අනුව කටයුතු කරමින් කිහිප දෙනෙකු ඉතාලියට පැමිනි බව​ද සතුටින් ඔබට දන්වා සිටිමු.ඒ ලිපිය බලපු නැති අය සිටිනවා නම් පහත ලින්ක් එක ක්ලික් කරලා බලන්න. ඔබට මේ තහනම තිබියදීත් ඉතාලියට පැමිනීමට සාදාරන හේතුවක් තිබේ නම් ඔබත් ඒ ආකාරයට උත්සහා කර බලන්න.

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?










LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here