ඉතාලියට ඇතුල්විමේදි එන්නතක් ලබාසිටිම අනිවාර්‍යද?
ලංකාවෙන් ලබාදෙන එන්නත ලබාගත්තොත් ඉතාලියට ඇතුල්විය නොහැකිද?
ජාතියක් වශයෙන් කොරහේ කිඹුලන් දැකිමට අප අතීතයේ සිට දක්ශතාවක් දක්වයි.මේ දිනවල බෝහෝ දෙනෙක්ට තම මනසින් මවාගත් ප්‍රරශ්නයක් තිබේ.එනම් සයිනෆාම් එන්නත ලබාගත හොත් ඉතාලියට ඇතුල්විමට නොහැකි වේයැයි කියන බොරු මතයය.
සයිනෆාම් එන්නත හෝ ෆයිසර් එන්නත ලබාගත්තත් ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල් වීමට හැකියාවක් නැහැ.මක්නිසාදයත් ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම නිසා.එය තව දුරටත් දීර්ගවේවිද නැතහොත් ඉවත් වේවිඩ කියා අදාල දිනය පැමිනෙන තෙක් කිසිවෙකුට පැවසීමට හැකියාවක් නැහැ. එමෙන්ම,
- ඉතාලියට ඇතුල්වීමට මොනයම් හෝ එන්නත ලබාතිබිය යුතු යැයි ඉතාලි රජය මේ වනවිට රජය අනිවාර්‍ය කර නැත.
- සයිනෆාම් එන්නත ලබාගැනිම නිස ඉතාලියට ඇතුල්විම තහනම් නියෝගයක්ද ඉතාලි රජය විසින් මේ වනතෙක් නිකුත්කර නැත. (එවෙනි තහනමක් සිදුවේ යැයි සිතිය නොහැකිය)
යුරෝපයේ අනුමත නොකෙරූ එන්නතක් නම් ඔබ ලබාසිටින්නේ?
ජූලි 1 වෙනිදා සිට ඔබ, යුරෝපයේ හෝ යුරෝපා සංගමයේ යම් කිසි රටක සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ සතුව මෙම ග්‍රීන් සහතිකපත/ ග්‍රීන් පාස් පත්‍රය තිබිය යුතුයි. එසේම ඔබ මහජනතාව ගැවසෙන පොදු වැඩසටහන් වලට සහභාගී වීමට අදහස් කරන්නේ නම්, සෞඛය්‍ය සේවාවන් ලබාගැනීමේ ආයතන වලට හෝ වෙනත් ආයතන වලට ඇතුල්වීමේදී, රතු හෝ තැඹ්ලි කලාප වල ගමන්කරන්නේ නම් ඉදිරි දින වලදී මෙම ග්‍රීන් සහතික පත්‍රය ඔබ ලග තිබීය යුතුවේ. යම් විදියකින් ඔබ ලබාසිටින්නේ යුරෝපා සංගමය විසින් අනුමත නොකෙරූ එන්නතක් නම් ඔබට Green Pass සහතික පත ලබා ගැනීමේ හැකියාව නොමැති වී යනවා. මේ වන විට මෙය පමනක් ඔබට අවාසි දායක තත්වයකට තිබෙන්නේ. නමුත් ඔබ දිගුකාලිනව ඉතාලියේ ජීවත් වනවා නම් Green Pass සහතිකය ඔබ ලගම තිබිය යුතුවේ යැයි අප සිතනවා.
Green Pass කියන්නේ කුමක්ද? ලබාගන්නේ කෙසේද යන්න පුලිබදව දැනගැනීමට මේ ලිපිය කියවන්න.
මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19
මේවගේ මවාගත් කටකතාවලට ඔබ කලබලවී තිබෙන්නේ මෙවැනි නිවේදනයක් යම්පිලිගත් ආයතනයකින් නිකුත්වී තිබෙන නිසාද? තල් අත්තට බෙලි ගෙඩිය වැටුනු සද්දය ඇසුනු හාවෙකු නොවන්න. බුද්දිමත්ව හැසිරෙන්න.මේවැනි නිවේදනයක්,තහනමක් මේවනතෙක් නැත.මෙය හුදෙක් මිනිස්සු විසින් මාවගත් මනෝ චිත්‍රයකි. පලමුව කෝරොනා වයිරසයෙන් ආරක්ශාවෙන්න. ඉතාලියට ඇතුල්විමටද ඔබ ජිවත්ව සිටියයුතුය.තමන්ට ලැබුනෙ එන්නතක් ලබාගෙන වයිරසයෙන් ආරක්ශාවන්න.වසංගතය ඉදිරියේ ඔබේ ආරක්ශාව ඔබම සලසාගන්න. අවසන්වසයෙන් මේවැනි තහනමක් නැත.මෙය කටකතාවකි.මේවැනි කතාවලට කලබලවිමට පෙර සොයාබලන්න.