|

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?

එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි.

එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත.

ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු වසා දැමීමත්, ඊට පසු සතියේ සඳුදා, එනම් ජූලි 03 දා අධි ඇසළ පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබීමත් හේතුවෙන් සති අන්තයේ සෙනසුරාදා (ජූලි 01) සහ ඉරිදා (ජූලි 02) දිනයන් ද ඇතුළුව මේ අනුව එක දිගට දින 5 ක බැංකු නිවාඩු කාලයක් බලපැවැත්වෙනු ඇත.

ඉතාලියේ සිටින ඔබට මෙය බලපෑමක් තිබේද?

ඉතාලියේ සිට මෙම දිනයන්හී ඔබ යවන මුදල ඔබගේ ගිනුම් වලට සාමාන්‍ය පරිදි​ම බැරවීම සිදුවනවා.(සාමාන්‍ය වේලාවටම) නමුත් ඔබ යවන ගිණුමට අදාලව ATM කාඩ් පතක් නොමැති නම් මුදල් ලබාගැනීමට නොහැකි වනවා.

ඔබ PIN අංකයක් හරහා  බ්‍රහස්පතින්දායි​න් පසුව මුදල් යවනවා නම් ඔබට එම  මුදල් ලබාගත හැක්කේ බැංකු විවෘත කරන අගහරුවාදා දිනයෙයි. එම නිසා මේ කාලය තුල PIN අංක මගින් මුදල් යැවීම සිදුකරන්න එපා.

Similar Posts