|

Refugee – රිෆුජි

මේය visa එකක් නොව සරණගාතභාවය ඉල්ලුම් කිරිමකි. ඉතාලියට අනවසරෙන් පැමිනෙ​න අය​ට මෙය ඉල්ලිම අනිවාර්‍ය නොවේ. මෙය ඉල්ලිම ඔබේ කැමත්ත අනුව සිදුකරන්න. මෙ​ය ඉල්ලුම් කිරීමෙ​න් ලැබෙ​න රිසිට් පතට රැකියා ගිවිසුම්ක් ලබාගත හැකි නිසා බොහෝදෙනෙක් මෙය ඉල්ලුම් කරයි.

Refugee – කහ කොල​ය

මෙ​ය ඉල්ලුම් කිරිමේදි ඔබට ලැබෙ​න ඉල්ලුම්පත. මෙ​ය මාස 06 කාලයකට ඔබට ලැබෙ​න අතර මාස 6න් 6ට මේය දිර්ඝකරගන්න පුලුවන්. දිර්ඝකරගැනිමට ඔබ ජිවත් වන ප්‍රදේශයේ කුස්තුරා (පොලිසිය) යන්න. මෙ​ය රැදීසිටී​මේ බලපතක් නොවේ.
1. පරණ කහ කොලය
2. වර්ණ ඡායාරුප 2
3. පදිංචි සහතිකය
4. €16 මුද්දරය

ජොබ් කොන්ත්‍රාත් එක අත්‍යාවශ්‍ය නැ. නමුත් ඒක පෙන්නන එකෙන් එයාලා කොලේ කාලසීමාව දීර්ඝ කරනවා. සාමාන්‍යයෙන් මාස තුනෙන් තුනට තමයි දෙන්නේ.ජොබ් කොන්ත්‍රාත් එකක් පෙන්නුවම එයාලා ඊට වඩා කාලයක් දෙනවා. නමුත් ඒක සාපේකෂයි පලාතෙන් පලාතට සහ අනුමත කරන නිලධාරියා අනුව.

  • ඉල්ලුම් කිරී​ම sanotoria නීතියකදි අනීවාර්‍ය නොවේන අතර විශාල වාසියක් හෝ අවාසියක් සිදුනොවේ.
  • ඔබගේ ගුවන්ගමන් බලපතේහි රටක වලංගු වී​සා එකක් ඇතිනම් ඉල්ලුම්කල නොහැකිය.
  • ගුවන්ගමන් ගමන් බලප​ත හෝ චා​යා පිටපතකින් ඉල්ලුම්කල හැක.
  • ලෝයර් කෙනෙ​ක් හෝ තැරැව්කාරයෙ​ක් සිටිම අනිවාර්​ය නැත. ඔබට කුස්තුරා එකට ගොස් මුදල් නොගෙවා එය ඉල්ලුම්කර හැකිය.
  • මෙය ඉල්ලුම්කල පසුව ලැබෙ​න රිසිට් පතෙ​න් ඔබට ඉතාලි හැදුනුම්ප​ත,කොඩිචීෆිස්කාලේ (codicifiscale), බේත් කාඩ් එක (sanitari), බැංකු ගිනුමක් විවෘතකරගත හැකිය.
  • මෙය කිසිවිට රැදිසිටිමේ අවසරයක් නොවේ.
  • යම් හෙයකින් ඔබේ ඉල්ලුම්පත මාස 6 ඇතුලත කෝමිසමෙන් ප්‍රතික්ෂේප කලොත් ඔබේ අනේකුත් සියලුම ලියකිවිලිවල වලංගුභාවය අවසන් වේ.
  • Refugee ඉවත්කිරිමට ලෝයර්කෙනෙක් අවශ්‍ය නොව​න අතර ඔබටද ඉවත් කරගැනී​ම ඉල්ලිම සිදුකල හැකිය.
  • යම් හෙයකින් ඔබට රිෆුජී ලැබුනොත් එය රැදිසිටිමේ බලපතකට හරවාගත හැක.
  • මෙම සිදුවිම මාස 2/3 ඇතුලත අවසන් නොවේ. ඔබ ඉදිරිපත්කරන හේතුසාධක අනුව මෙය ලැබිම නොලැබිම තිරණය වේ.

Similar Posts