|

ඉතාලි සෞඛ්‍ය සේවය ලබා දෙන පහසුකම් ඔබ දන්නවාද?

ඔබ ඉතාලියේ කාලයක් ජීවත්වෙන අයෙක් නම් ඔබට අනිවාර්යයෙන් Tessera Sanitaria කාඩ්පත තියෙනවා ඇති. ඒකට Esenzioni Ticket (ගාස්තු රහිත සේවා) ඇති බව ඔබ දන්නවාද?

නමුත් මෙම සේවය ලබා ගන්න ඔබ පහත සදහන් එක් කාන්ඩයකට අයිති වෙන්න ඕනි,

  • E 01 (වයස අවුරුදු 6 දක්වා හෝ 65 වැඩි) පවුලේ ආදායම යූරෝ 38,151 වඩා අඩු වෙන්න ඕනි.
  • E02 (රැකියා විරහිත) Disoccupato ඔබ හෝ ඔබෙන් යැපෙන පවුලේ සාමාජිකයන්. ඔබ තනි අයෙක් නම් ඔබේ අදායම යූරෝ 8263 අඩු විය යුතුය .බිරිඳ හෝ සැමියා ඔබෙන් යැපෙන්නේ නම් 11362 උපරිමය දක්වා සහ සෑම දරුවෙකුටම යූරෝ 516 බැගින්. (උදා වැඩිහිටියන් 2 සහ දරුවන් 2 සිටීනම් 12394 වඩා වැඩි නොවිය යුතුය)
  • E03 /E 04 සමාජ විශ්රාම වැටුප් හිමි අයට සහ යැපෙන්නන්ට (වයස 60 වැඩි) අදායම් 8263 වඩා අඩු විය යුතුය. පවුලේ සාමාජිකයන්ටද අදායම් අනුව ඉල්ලන්න පුලුවන්.

Esenzione per Malattie Corniche  සුවකල නොහැකි දිගු කාලීන රෝග සදහාද Esenzione තිබේ. මෙම රෝග අතර,

  • දියවැඩියාව
  • අධික රුධිර පීඩනය
  • පිලිකා
  • වෙනත් රෝග රාශියක් ඇත. ඔබ යම්කිසි රෝගයකින් පෙලේ නම් ඔබේ වෛද්යවරයා මගින් මේ පිලිබද තොරතුරු ලබාගන්න පුලුවන්.

Cecità e sordità civile: අන්ද , බිහිරි අයට ලබාදෙන Esenzione

ඉහත සදහන් ප්රධාන Esenzione හැරුණු කොට ඔබේ Regione මගිනුත් esenzioni ලබා දෙනවා. ඔබේ වෛද්යවරයාගෙන් මේ පිලිබද විමසන්න.

Esenzione මගින් ලබා දෙන සේවා අතර,

  1. Pharmacy එකෙන් බෙහෙත් නොමිලේ හෝ අඩු මුදලකට
  2. විෂේශඣ. වෛද්යවරයන් ගෙවීමකින් හෝ මුදලකට
  3. සියලුම වෛද්ය පරීක්ෂණ නොමිලේ හෝ අඩු මුදලකට ලබා දෙනවා .නමුත් මේ පහසුකම්Eesenzione එකින් එකට වෙනස් වෙන්න පුලුවන්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *