2021 සැප්තැම්බර් 1 සිට අනිවාර්​ය වෙන green pass

සැප්තැම්බර් 1 සිට තවත් බොහෝ සේවාවන් සදහා Green Pass එක අලුත් කරනු ලැබුවා. ඒවා නම්

  • පොදු ප්‍රවාහන සේවා.
  • සියලුම ගුවන් සේවා.
  • මගී දුම්‍රිය (Eurostar, Intercity,Intercity Notte)
  • බෝට්ටු සහ නැව් (Messina සහ Villa San Giovanni අතර සේවාව අයත් නොවේ)
  • දුර නගරාන්තර බස් සේවා (flex bus , Autostradale) යන සේවා.
  • රියදුරන් සමග ලබා ගන්නා Bus සේවා සදහා (Autobus Noleggio con conducente)

නගර තුල ධාවනය වන Autobus, Metro, Treni Regionali සදහා Green Pass අවශ්‍ය නැත.

  • පාසල් ගුරුවරුන් සහ සේවකයන් සදහා අනිවාර්ය වන අතර පාසල් සිසුන් සදහා green pass එක අවශ්‍ය නැත.
  • නමුත් විශ්ව විද්‍යාල සිසුන් සදහා අනිවාර්ය කර ඇත .
  • රජයේ රැකියා සදහා අයදුම් කිරීම (concorso pubblico ) සදහා ද මෙය අනිවාර්ය කර ඇත.
  • සියලුම මහලු නිවාස සහ සෞඛ්‍ය විවේකාගාර
  • sala giochi ,casinò , Bingo

මීට අමතරව අගෝස්තු 6 වෙනිදා සිට ක්‍රියාත්මක වූ පරිදි පහත සදහන් සේවා සදහාද Green pass එක අවශ්‍ය වේ.

  • ආපනශාලා තුල ආහාර ගැනීම
  • ගෘහස්ත ක්‍රීඩාංගන ,සංදර්ශන හා කාරවර්ධන මද්‍යස්ථාන
  • උත්සව අවස්තා

Green pass අවශ්‍ය නොවන අය

  • අවුරුදු 12 අඩු දරුවන්
  • වෛද්‍යවර්‍යෙක් විසින් ලබා දෙන සහතිකයක් (සැප්තැම්බර් 30 2021 දක්වා පමනයි)
  • ReiThera එන්නත ලබා ගත් අය (සැප්තැම්බර් 30 2021 දක්වා පමනයි)

Green pass ගැන මීට කලින් පලවු ලිපි කිහිපයක් මේ

Green pass එකෙන් ඉතාලියේ කල හැකි දේවල්

GREEN PASS / CERTIFICATO VERDE (SPID එක නොමැති අය සදහා සනොතොරියා එක සදහා අයදුම් කල අය​ට)

Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *