covied-19 වසංගත තත්වය පහවෙනවාත් සමග ගුවන්ගමනක යෙදෙන ඔබ පිලිපැදියයුතු නීතිරිති.

මේය නීතියකට වඩා ඔබෙත් අන් අයගේ​ත් අරක්ෂාව වෙනුවෙන් අප සැමදෙනාම පිලිගෙන වගකිමෙන් ක්‍රියා කලයුතුදෙයකි. ඔබ අරක්ෂාවි ඔබේ පවුලේ අයව අරක්ෂා කරගන්න. කෝරෝනා තත්වය දෙරටේම පහ​වී ගුවන් ගමන් සදහා ඉඩ ප්‍රස්තා​ව ලැබුනු පසු මේ නීතිපිලිපැදිමට ඔබට සිදුවේ. ඉතාලි රජයද මේ වනවිට මේ නිතින් එලිදක්වා ඇත.


බෝහෝ දුරට එන මාසය වනවිට දැනට ගුවන්ගමන් නවතා ඇති බෝහෝ රටවල ගුවන් ගමන්වාර යලි ක්‍රියාත්මකවනු ඇත. ගුවන් ගමන් විවෘතවන දිනයන් ගුවන් ටිකට්පත් එජේන්සිකවරැවන් ඔබට දැනුම්දෙනු ඇත.යම් නිති රේගුලාසිවලට යටත්ව ඔබට ගුවන් ගමන් සිදුකලහැකිය. දැනට ඉතාලියේ සිට ලංකාවට යාමට නොහැකි උනත් ලංකාවේ සිට ඉතාලියට පැමිනිය හැක. (දැනට හදිසි උවමනාවකට ඇර ගුවන්ගමන් වල නොයෙන තරම ඔබට ගුණදායකය)

  • ගුව​න් තොටුපල විවෘත විමෙන්පසුව ලංකාවේ සිට ඉතාලියට එන පුද්ගලයෙක්ට (මාර්තු 01 පසුව ලංකාවට ගිය කෙනෙක් නම්) ලංකාවේ ආගමන නිලදාරින්ට පෙන්විමට අවශ්‍ය නිරෝදන සහතිකය ලග තබා ගන්න.
  • ඉතාලියට ඇතුල්විමේදි ඔබ විසින් පුරවනලද ස්වයං සහතිකය ( autodichiarazione ) ඉතාලියේ ආගමන නිලදාරියාට ලබාදිය යුතුය.
  • ඔබට ගුවන්තොටුපලේ සිට නිවසට යාමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරිමට නොහැකිය.
  • ඔබට ඔබගේ පවුද්ගලික වාහනයකි​න් නිවසට යාමට හැකිය.
  • ඉතාලිය තුල ඔබ දින 14ක් ස්වයංනිරෝදනය විම අනීවාර්‍යවේ.
  • ඔබේ පැමිනිම ඔබේ වෛද්‍යවරයාට හෝ සෞඛය අධිකාරවරයාට(ASL) දැනුම් දිය යුතුය.
  • නිරොදනය සදහා ඔබේ නිවාස හෝ වෙනත් ස්තානයක් ඔබට තොරාගතහැකිය.
  • එම ස්තානය හා දුරකතන අංකය ඔබේ auto dichiarazione සදහන්කලයුතුය.
  • ඔබට නිරෝදනයට ස්තානයක් නොමැතිනම් සිවිල් අරක්ෂක අංශය දැනුවත් කර ඔවුන්ගේ උපකාරයක් ලබාගැනිමට හැකිය.
  • නිරෝධන කාලය තුල ඔබ යම්හෙයකින් එම නිතිය කඩකලෝත් ඔබට දඩමුදල් වලට යටත්විමට සිදුවේ.

ඉතාලියේ සිට ලංකාවට යන කෙනෙක්නම් ඔබට අනීවාරෙන් දින 14ක් නිරෝධන මධ්‍යස්ථානයකදි නිරෝධනය විමට සිදුවේ.

මෙ​ම නිතී ක්‍රියාත්මක කිරිම, පිලිපැදිම අප සැමගෙම යුතුකමකි. හැකිතාක් අනාරක්ෂිත නොවි ආරක්ශාකාරිවන්න. කෝරෝනා පරාදකිරිමට නම් මේ දෙවල් අකමැත්තෙන් හෝ අපට පිලිපැදිමට සිදුවේ.

Similar Posts