|

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

ජූලි 1 වෙනිදා සිට ඔබ, යුරෝපයේ හෝ යුරෝපා සංගමයේ යම් කිසි රටක සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ සතුව මෙම ග්‍රීන් සහතිකපත/ ග්‍රීන් පාස් පත්‍රය තිබිය යුතුයි. එසේම ඔබ මහජනතාව ගැවසෙන පොදු වැඩසටහන් වලට සහභාගී වීමට අදහස් කරන්නේ නම්, සෞඛය්‍ය සේවාවන් ලබාගැනීමේ ආයතන වලට හෝ වෙනත් ආයතන වලට ඇතුල්වීමේදී, රතු හෝ තැඹ්ලි කලාප වල ගමන්කරන්නේ නම් ඉදිරි දින වලදී මෙම ග්‍රීන් සහතික පත්‍රය ඔබ ලග තිබීම ඔබගේ කාර්‍යයන් පහසුකරනු ඇත.

මෙම ග්‍රීන් පාස්පත ඔබට ඩිජිටල් මාධ්‍යයෙන් ලබාදෙන අතර එය ඔබට මුද්‍රණය කර ලේඛනයක් ආකාරයෙන්ද පෙන්විය හැක. ඉතාලි හා ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව ප්‍රංශ හෝ ජර්මන් භාෂාවෙන්ද නොමිලයේ ලබා ගත හැක. සහතිකයේ විස්තර ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගැනීමට හැකි බැවින් ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට, තව දුරටත් භාෂා පරිවර්තනය සදහා මුදල් වැය කලයුතු නැත.

ස්පිඩ් අංකය (SPID), බෙහෙත් කාඩ්පත (Tessera Sanitaria) ඉලෙක්ට්‍රොනික් හැදුණුම්පත ( CIE), App Immuni, App IO මාර්ගයෙන් මෙම ග්‍රී න්පාස් පත ඔබට ලබාගත හැක. dgc.gov.it වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර තොරතුරැ ලබාගත හැක.

එසේම මෙම නව තාක්ෂණය හා තාක්ෂණ මෙවලම් පිළිබද අවබෝධයක් නොමැති පුද්ගලයන්ට තම පවුලේ වෛදය්‍යවරයා, ළමාරෝග විශේෂඥ වෛදය්‍යවරයා හෝ පලාතේ ෆාමසියක සහායෙන් මෙම ග්‍රීන් පාස්පතේ කොපියක් ලබාගත හැක. ජුනි 28 වෙනිදා වන විට මෙම ග්‍රීන් පාස් පත් ලබාදීමට හැකිවෙනු ඇතැයි සෞඛය්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ග්‍රීන් පාස් පත ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ, පහත සදහන් කාණ්ඩයන්ගෙන් එක් කාණ්ඩයකට හෝ අයත්වන පුද්ගලයන් පමණි.

  • කෝවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතේ පලමු මාත්‍රාව ලබාගෙන දින 15ක් ඉක්මවා ඇත්නම්.
  • කෝව්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාව සම්පූර්ණයෙන් ලබාගත් පුද්ගලයන්.
  • අවසන් පැය 48 ඇතුලත PCR පරීක්ෂණයන්ගෙන් නෙගටිවි ප්‍රථිපලයක් ඇති පුද්ගලයන්
  • අවසන් මාස 6 ඇතුලත කෝවිඩ්-19 ආසාධිත වී සුවවූ පුද්ගලයන්

මෙම ග්‍රීන් පාස් පත්‍රයේ වලංගු කාලයන්

  • කෝවිඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබාගෙන දින 15කට පසු ග්‍රීන් සහතිකපත ලබාගත හැකි අතර, එය දෙවන මාත්‍රාව ලබාගැනීම දක්වා වලංගුයි.
  • කෝවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට හෝ මෑතකදී කෝවිඩ් ආසාධනයවී සුවවීම නිසා එක් මාත්‍රාවක් පමණක් ලබාගන්නා පුද්ගලයන්ට, එන්නත ලබාගෙන දින කීපයක් ඇතුලත මෙම සහතිකය ලබාගත හැකි අතර, එය එන්නත ලබාගත් දිනයේ සිට දින 270ක් (මාස 9ක්) වලංගුවේ.
  • යම්හෙයකින් කෝවිඩ් එන්නත සමන්විතවන්නේ එක් මාත්‍රවකින් පමණක් නම්, එම එන්නත ලබාගෙන දින 15කට පසු මෙම සහතිකය ලබාගත හැකි අතර, එය එන්නත ලබාගත් දිනයේ සිට දින 270ක් (මාස 9ක්) වලංගුවේ.
  • කෝවිඩ් පරීක්ණෂණය නෙගෙටිවි නම්, ග්‍රීන් සහතිකය පැය කිහිපයක් ඇතුළත ලබාගත හැකි අතර, ග්‍රීන් සහතිකය පරීක්ෂණය කල මොහොතේ සිට පැය 48ක් වලංගුවේ.
  • ඔබ කෝවිඩ්-19 ආසාධිත වී සුවවූ පුද්ගලයෙක් නම්, ඔබ සුවවූ දිනයට පසුදින මෙම ග්‍රීන් සහතිකය ලබාගත හැකි අතර දින 180ක් (මාස 6ක් ) වලංගුවේ.

පහත අංකයට හා විද්‍යුත් තැපෑල හා සම්බන්ධ වීමෙන් තොරතුරැ හා සහාය ලබාගැනීමට හැක.
800912491 cittadini@dgc.gov.it
පරිවර්තනය dgc.gov.it ඇසුරෙනි.

Mallika Gamage
Traduttori ed interpreti
C.C.I.A.A. di Milano

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *