ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන බවආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000 පමණ වන බැවින් මෙම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්යය බවයි.

ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707101060 දුරකථන අංකය භාවිත කරන මෙන් දැනුම් දෙන අතර දුරකථන අංකය භාවිත කරන්නේ නම් රජයේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ඒ සඳහා පහසුකම් සලසා ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ, ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ යාමක් හෝ ගමන් බලපත්‍ර තොග අවසන් වන බවට වන ප්‍රචාර නිවැරදි නොවන බවයි.

Similar Posts