මෙම වසරේ ලොව බලවත්ම ගමන් බලපත්‍ර අතර ඉතාලිය 3 වන ස්ථානය (එක් එක් ඉන්ඩෙක්ස් එක අනුව සුලුවෙනස්කමක් සිදුවිය හැක) හිමිකර ගෙන ඇත. ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව ගමන් කල හැකි රටවල් ගණන 189 කි.
පලමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ජපානය සහ සිංගප්පූරුවයි. මෙම රටවල පුරවැසියන්ට වීසා නොමැතිව රටවල් 192කට සංචාරය කල හැකි අතර 2වන ස්ථානයේ පසුවෙන දකුණු කොරියාව සහ ජර්මනිය යන රටවල පුරවැසියන්ට රටවල් 190 වීසා නොමැතිව සංචාරය කල හැක.
ඉතාලියට අමතරව ස්පාඤ්ඤය, ලක්සම්බර්ග් සහ පින්ලන්තය ද තෙවැනි ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 102 ස්ථානයයි.ශ්‍රී ලාංකීකයන්ට රටවල් 41ට සංචාරක වීසා නොමැතිව ගමන් කල හැක. මෙහි 111 ස්ථානය ලබා ඇෆ්ගනිස්තානය අන්තිමයා වී සිටී.