|

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?

ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද?
මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය අනුව ඉතාලියේ උපත ලැබූවත් Cittadinanza ලබා දීමට බොහෝ නිර්නායකයන් සලකනු ලබයි.

වයස 18 ලැබූවත් Residenza නොමැති වීම, වෙනත් රටක අධ්‍යාපනය ලැබීම වැනි හේතූන් මත එය ලබා ගැනීමට නොහැකි වුනු බොහෝ පිරිසක් සිටිති.
මීට පෙර වර්ෂ ගනනාවක් පුරා Ius Soli නමින් ඉතාලියේ උපන් විගසම දරුවන්ට Cittadinanza ලබාදීමේ නීතීයක් ගැන සාකච්ඡා කෙරිණි. කාලයෙන් කාලයට පත්වුණු රජයන් විදේශිකයන්ට සලකන ආකාරය අනුව මෙය අනුමත වීමේ හැකියාව අඩුවී ගියේය.

ඉතාලියේ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට නැවත අලුත් බලාපොරොත්තුවක් පෙනෙන්නට තිබේ. එය Ius Scholae නමින් කරලියට පැමින ඇත.

  1. ඉතාලියේ ඉපදී තිබීම හෝ වයස අවුරුදු 12 පෙර ඉතාලියට පැමිණීම
  2. ඉතාලියේ ස්ථීර පදිංචිය (Residenza)
  3. ඉතාලිය තුල අඩුම වශයෙන් අවුරුදු 5 අධ්‍යාපනය ලබා තිබීම
  4. වයස 18 පසුවී වසර 2 ඇතුලත අයදුම් කිරීම.

මෙම Ius Scholae පාර්ලිමේන්තුවේ පලමු කඩඉම පසුකර ඇත. නමුත් සුපුරුදු පරිදිම Lega Nord අනෙකුත් දක්ෂිණාංශික පක්ෂ සමග එක්ව මෙය පරාජය කිරීමට ඔවුන්ගේ සැලසුම් සකස් කරමින් සිටී. 5 stelle සමග එක්ව සිටින වාමාංශික පක්ෂ මෙය පාර්ලිමේන්තුවේ වැඩි සම්මතයෙන් අනුමත කරගැනීමට උත්සාහ කරමින් සිටිති. මෙය නීතිගත කිරීමට හැකියාව ලැබීම යනු විදේශිකයන් ලෙස අප ලබන විශිෂ්ඨ ජයග්‍රහණයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *