කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?
ඉතාලියේ ඉන්න අලුතින් ආව අයට වගේම කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ.
කාර්තා සොර්ජෝනෝ එක අයදුම්කිරීමට A2 විභාගය සමත්වීම අනිවාර්ය දෙයක් කියලා හැමෝම දන්නවනේ. සමහර අයට නම් මේක ලියන එක අමාරු නෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම A2 විභාගය සමත්වෙන එක ලොකු අමාරුවක් නෙමෙයි.
අද මේ ඉදිරිපත් කරන වෙබ් අඩවිය මගින් කාර්තා සොර්ජෝනෝ එක සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර 20 ක් ඉදිරිපත් කරලා තියෙනවා.
මොන වගේ ප්‍රශ්නද එන්නේ?
සවන්දිම.
විභාගය අවස්තාවෙදී ඔවුන් පටිගත කල දෙබසක් වැනි යමක් දාවනය කරයි.එය හොදින් සවන් දී පිලිතුරු ලබාදීමයි මෙහිදී වෙන්නෙ.බොහෝ විට අදාල දෙබස හෝ කතාව තුන් වතාවක් පමන දාවනය කරනවා.ඒ නිසා හොදින් සවන්දී ඔබට පිලිතුරු ලිවීමට හැකියාව තිබෙනවා.
කියවීම.
කෙටි පරිච්චේදයක්,කතාවක් දෙනු ලැබේ. මෙය නිශ්ශබිදව කියවිය යුතුය.ඉන්පසු ලබාදෙන ප්‍රශ්නය හරි වැරදි සටහන් කිරීමට සිදුවේ.
කෙටි රචනාව.
- යහලුවෙකුට තැපැල් පතක්, ඊ-මේල් එකක් යවන්න
- ඉල්ලුම් පත්ත්‍රයක් පිරිවීම.
- යාලුවෙකුට නිවසට ආරාධනා කිරීම
- සුපර්මාර්කට් එකකින් බඩු ගන්න විදිය
- කෑමක් හදන විදිය යහලුවෙක්ට පැහැදිලි කිරීම
ඉහත සදහන් ආකාරයට රචනා ප්‍රශ්නයක් එන්න පුලුවන්.මා ඉහත ඉදිරිපත් කර තිබෙන්නේ උදාහන කිහිපයක් පමනි.එමෙන්ම A2 විභාගය සමත් වීමට නම් ලකුණු 80 ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගත යුතුවේ.
අපි දැන් ඔබට ඉදිරිපත් කරනුයේ A2 විභාගයට අනුමාන ප්‍රශ්නපත්‍ර කිහිපයකි. මෙයට ඔබට ඔන්ලයින්ම පිලිතුරු ලිවිමේ හැකියාව තිබෙන්වා.ඒ වගේම විභාගය අවසානයේ ඔබට ලකුණු ලබා ගැනීමටත් හැකියාව තිබෙන්වා.විභාගයට සූදානම්වන කෙනෙක් නම් මෙම වෙබ් අඩවියේ තිබෙන ප්‍රශ්න පත්‍ර 20 ම සාර්තකව කරගැත හැකිනම් ඔබටත් A2 වින්හාගය සමත්වීමේ හැකියාව තිබෙනවා.
ඔබට සූදානම් වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර 20 ක්. ඒ සදහා මෙය ක්ලික් කරන්න.
විභාගය සමත්වීමෙන් පසුව ඔබට කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන අනෙකුත් සුදුසුකම්. එම ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න.