ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙහි ඇතිකරන සුරතල් සතාව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්නේ කියන එක. මේ ඒ වැඩපිලිවෙල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම් එය නිවැරදි කරන්න. මේ වැඩපිලිවෙලට දින කිහිපයක් ගතවෙන නිසා මෙය ඉක්මනින් කරගත නොහැකිය.
- සුරතලාගේ Passport සෑදීම.
- Vaccinations ලබා දීම.
- පනු බෙහෙත් ලබා දී ඒ බව සහතික කර ගැනීම.
- Microchip එක දැමීම.
- ලේ වාර්තාව (Blood Test) ලබා ගැනීම.
- සුරතලා සිටින රටෙහි Animal health Department වෙත ගොස් ඉතිරි ලියකියවිලි සකස් කර ගැනීම.
- සකක් කරගත් ලියකියවිලි ලංකාවේ පේරාදෙණිය Anilmal Health Department එක වෙත යොමු කිරීම.
- පේරාදෙණිය Animal Health Department විසින් සුරතලා රටට ගෙන ඒමට සුදුසු බව නිර්දේශ කර නැවත එම ලියකියවිලි සුරතලා දැනට සිටින රටෙහි Animal Health dpt. වෙත යොමු කිරීම.
- ගුවන් ටිකට්පත් අලෙවි කාර්යාලය වෙත ගොස් සුරතලා ගුවන් මගින් ගෙනයාමට දිනයක් වෙන් කරගැනීම (සුරතලාගෙ අයිතිකරුද එදිනම එම ගුවන් යානයේ ගමන් කල යුතුය)
- සුරතලාට ගුවන් ගමන් ප්රවේස පත්‍රයක් නොමැත.
- ගමන් ගන්නා දිනයේදී ගුවන් තොටුපල කාර්‍යය මණ්ඩලය විසින් සුරතලාගෙ බර අනුව මුදල් අය කරයි.
- ලංකාවේ සිට නැවත රැගෙන ඒමේදී එන දිනයට සතියකට කලින් ලංකාවේ ගුවන් තොටුපලේ තියෙන Animal Health Office එකට ගොස් ඔවුන් දෙන සුරතලා නැවත ගෙනයාමට සුදුසු බව සඳහන් ලියකියවිලි භාරගැනීම.
- නැවත යන දිනයේදී එම ලියකියවිලි ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට භාර දී සුරතලාගේ බර අනුව මුදල් ගෙවා ගුවන් ගත විය හැක.
මෙ විදියට තමා මේ වැඩපිලිවෙල සිදුවෙන්නෙ.