රැදිසිටිමේ බලපත අලුත්කිරිමට අවශ්‍ය අදායම 2022
රැදී සිටිමේ බලපත අලුත් කරගැනීමේදී කොපමන ආදායමක් අවශ්‍යද යන්න බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක්.රැදිසිටිමේ බලපත අලුත් කිරීමට වැදගත්ම දේනම් පුද්ගලයෙකුගේ වාර්ශික අදායමවේ.එය තනි පුද්ගලයෙකුට 2022 වර්ශය අනුව යුරෝ 6.079,45 යුතුය. මේ අනුව ඔබේ රැකියා ගිවිසුමේ පැය ගානනට වඩා වැදගත්වන්නේ ඔබට ලැබෙන අදායමවේ.
කොන්ත්‍රාත් එක සතියට පැය 20ක් හෝ ඊට වඩා අඩු උනාට ගැටළුවක් නැත. මාසික වැටුප අවම යූරෝ 467,65 ක් වත් තිබිය යුතුයි. මේ අතර වාර්ශීක ආදායම ගණනය කිරීමේදී 13 වෙනි පඩියද සැලකිල්ලට ගනු ලැබේ.
කොන්ත්‍රාත් එක tempo determinato නම් බොහෝ දුරට වර්ශයකට සොජොර්නෝව ලැබීමට ඉඩඇත. රැකියා ගිවිසුම කඩින් කඩ හෝ වර්ෂය පුරා රැකියා ගිවිසුම් කීපයක් තිබුනත් කිසිම ගැටළුවක් නැත. අනිවාර්යයෙන්ම ඉතාලියේ ජීවත්වීමට පුද්ගලයෙකු වාර්ශිකව ඉපයිය යුතු ආදායම් මට්ටමේ සිටිය යුතුයි.
ඔබ රැකියාව කරන ස්තානයෙන් ඔබට ලැබෙන රැකියා ගිවිසුමේ කාළය හා මාසික වැටුප ගැන අවදානය යොමුකරන්න. ඔබගේ අදායම අදාල ප්‍රමානය ඉක්මවන විට ඔබට කිසිදු ගැටලුවකින් තොරව ඔබගේ ලියකියවිලි වැඩ පහසුවෙන් කරගතහැකිය.