අගමැති ඉතාලියට

ඉතාලියේ සංචාරයක නිරතවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ.

ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතය. මෙ​ය යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදුකිරීම සදහායි.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

කෙසේවෙතත් එම සංචාරය සම්බන්ධයෙන් ඉකුත් දිනවල දැඩි කතාබහක් මතු වුණේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවට විවිධ පාර්ශව විවිධ අදහස් පළ කිරීමත් සමගයි.

එහෙත් එම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීමක් සිදු නොවුනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
සිය ඉතාලි චාරිකාවේදී පාප් වහන්සේ බැහැ දැකීම පිණිස වතිකානය වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර හෝ එවැනි ආරාධනයක් හෝ ලැබී නොමැති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *