|

නිවසක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් ?

ඉතාලියේ රැකියාවක් නියුතු අපි හැමෝගෙම ඊලග බලාපොරොත්තුව අපේම නිවසක්. බොහෝ වෙලාවට අපිටම කියල ගෙයක් ගන්න අමාරු අවස්ථාවලදී අපි කරන්නෙ කුලියට හරි නිවසක් ගන්න උත්සාහ කරන එක.එහෙම නිවසක් ගන්නත් අපිට ස්ථීර රැකියාවක් සහ හොද ආදායමක් අවශ්‍ය වෙනව. ඒ හැම කරුණක්ම සම්පූර්ණ කරන් අදුරන පුද්ගලයෙකු​ගේ මාර්ගයෙන් හරි ඒජන්සියකින් හරි ලබා ගන්න නිවස ඔබට සුදුසුද කියල බලන්නෙ කොහොමද?

නිවසේ කුලිය ඔබේ ආදායමෙන් ගෙවන්න පුලුවන්ද?

නිවස සෞඛ්‍යාරක්ෂිතද?

සමහර නිවාස (Umido,Mmuffa) තෙත් සහිත හෝ පුස් බැදීම් සහිතයි. මෙවා පේන්ට් කිරීම මගින් තාවකාලිකව වසා දැමුවත් සීත කාලය සමග නැවත මතුවෙනව. මේ නිසා Bronchite හෝ පෙනහලු ආශ්‍රිත රෝග හැදෙන්න පුලුවන්. කුඩා දරුවන් ඉන්නව නම් ගොඩක් මේ සම්බන්ධව සොයා බලන්න. හැකිනම් 1 තට්ටුවේ සිට ඉහලින් ඇති නිවාස කුලියට ගන්න. මේවා Umidità ගතියෙන් අඩුයි.

නිවස නියම ආකාරයට සකස් කර ඇතිවීම.

මෙයට හේතුව Idoneità Alloggiativa ලබා ගැනීමේදී නිවසේ නිවැර​දි පිහිටීම නැත්නම් එම සහතිකය ලබා ගැනීමට නොහැකි වීමයි. කුස්සියේ සහ වැසිකිළි තුල වාතාශ්‍රය මාරුවීම මේවා අතර ප්‍රධානයි. නිවසේ කාමර වල ජනෙල් පිහිටීමත් අවශ්‍ය වෙනව.

වර්ග ප්‍රමාණය

බොහෝ නිවාස වල වර්ග ප්රමාණය දැන්වීම් වල දමන්නේ Balconi, Box සහ Cantina වල වර්ග මීටර් එකතුවත් සමග .එවැනි අවස්ථාවකදී ඔබට idoneità abitativa සහතිකය ලබා ගැනීමේදී නිවසේ සිටිය හැකි ප්රමාණය ඔබ බලාපොරොත්තු වෙන පුද්ගල ප්රමාණයට වඩා අඩුවෙන්න පුලුවන් .මෙම සහතිකය permesso di soggiorno lungo periodo සහ familiare සදහා අවශ්ය වෙන නිසා ඔබ මේ පිලිබදව සැලකිලිමත් වෙන්න.

Planimetria Elettrica e Gas

නිවසේ විදුලි පද්ධතිය සහ ගෑස් පද්ධතිය නිවැරැදිව සකස් කර ඇති බවට නිකුත් කරන ලද සහතික. මේවාත් අනිවාර්යයෙන් අවශ්ය වන නිසා නිවස ගැනීමට පෙර පරීක්ෂා කරන්න .තවද නිවසේ හීටර් පද්ධතිය ක්රියාත්මක වන්නේ Condominio මගින් නම් වඩා හොදයි. නැතිනම් සීත කාලයේදී ගෑස් බිල්පත් බොහෝ වැඩිවිය හැකිය. වතුර රත්කිරීම සදහා ගෑස් Caldaia එකක් නම් වඩාත් සුදුසුය. Electric Caldaia ඔබේ විදුලි බිල්පත් ඉහල දමයි.

Classe Energetica

නිවසේ විදුලි හෝ ගෑස් බිල්පත් අඩු කරගැනීමට අවශ්‍ය නම් මෙය පරීක්ශා කර බලන්න.

Spesa Condominio

මෙය බොහෝදුරට නිවසේ කුලියට අමතරව අය කරන අතර Portiere කෙනෙක් සිටිනවා නම් මෙය වැඩිවිය හැක. ඔබේ නිවසේ හීටර් පද්ධතිය Centralizzato නම් ඒ සදහා වැයවෙන ගෑස් බිලද Spesa Condominio යටතට අයත් වේ. වාර්ශිකව මේ මුදල වෙනස් විය හැකි අතර එම බිල් ඔබට ඉල්ලා සිටිය හැකියි. තමන් විසින් හීටර් දමාගතයුතු නිවාස විල මෙම Spesa Condominio සාපේක්ෂව අඩුවිය යුතුවේ.

මෙයට අමතරව නිවස කුලියට ගන්නා කාලය අවුරුදු 4 ලෙස සකස් කරගැනීමෙන් ඉබේම තවත් අවුරුදු 4 එම නිවසේ කාලය දික්කර ගැනීමට හැකියාව ලැබේ. ඔබ ගෙවනා මුලු කුලී මුදල් ප්‍රමාණයම Contratto එකට ඇතුලත් කරන්න. එමගින් ඉතාලියේ ලබාදෙන සහන ලබාගැනීමට ඇති හැකියාව ඉහල යයි (කුලීනිවාස සහන , isee අඩුවීම). ඔබේ Contratto di Affitto එක අනිවාර්යයෙන් Agenzia delle Entrate යටතේ අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න. මෙමගින් ඔබේ නිවස නීත්‍යානුකූලව කුලියට ගත් නිවසක් ලෙස ලියාපදිංචි වේ.

නිවසේ ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රතම එහි තිබෙන නීතිරීති ගැන කියවා හොද අවබෝදයක් ලබාගන්න. යම් යම් ගිවිසුම් වල තිබෙන නීතී නිසා නිවස ගැනීමේදී ඇතුලත් කරන පුද්ගලයින් හැර වෙනත් කිසිම පුද්ගලයෙකුට ospitalita එකක් වත් ගත නොහැකි වන අයුරින් සමහර ගිවිසුම් වල සදහන් කර තිබෙනවා.එම නිසා නිවස ගැනීමේදී ඔබට භාශා ගැටලුවක් තිබේනම් මේ සදහා සුදුසු කෙනෙකුගේ සහය ලබා ගන්න. එවි​ට නිවස ලබා ගැනීමෙන් පසුව ඇතිවන ප්‍රශ්න වලක්වා ගැනීමට එය හොද පිටුවහලක් වේවි.

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් නම් මෙය අමතක නොකර share කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *