Nuda Proprietà නිවසක් මිලදී ගැනීම ඉතාලියේ ජීවත්වන ඔබට කොපමන වාසිදායකද?
Nuda proprietà කියන්නේ මොකක්ද?
ඔබ මෙවෙනි නිවසක් මිලදි ගත්තත් ඔබට නිවසේ හිමිකම ලැබුනත් ඔබට නිවසේ පදිංචිය සදහා යාමට හැකියාවක් නැහැ. මෙම විකුනන නිවසේ හිමිකරු යම් දිනයක මියගිය විට පමනක් ඔබට මෙහි පදිංචි වීමට හැකියාව ලැබෙන්නේ.සාමාන්‍යයෙන් මෙවෙනි නිවෙස් බොහෝ විට විකිනීම සිදු කරන්නේ තමාගෙන් පසුව උරුමක්කරයෙක් නොමැති පුද්ගලයින් හා දරුවන් නොමැතිවම තනියම ජීවත් වන පුද්ගලයින්ය.
මෙම නිවෙස් වටිනාකම සාමාන්‍ය වෙලදපලේ පවතින නිවෙස් වලට සාපේක්ශව මිල අඩුය. ඉතාලියේ දිගුකාලිනව ජීවත් වීමට අදහස් කරන පුද්ගලයෙකු නම් මෙවෙනි නිවසක් මිලදී ගැනීම හොද ආයෝජන අවස්තාවකි.
මිල තීරනය වන ආකාරය.
මෙහිදි මෙවෙනි නිවාස වල මිල වෙළදපලේ වටිනාකමට සාපෙක්ශව පහල වටිනාකමක් ගනියි.අදාල අයිතිකරුගේ වයස හා යම් යම් ගනනය කිරීම අනුව මෙවැනි නිවෙස් වල වටිනාකම තීරනය වේ.එනමුදු අයිතිකරුට ඉක්මනින් විකීනමට අවශ්‍ය නිසා මෙම මිල තක්සේරුවන්ටත් වඩා අඩු මිලකට නිවෙස් විකීනීම සුලබ දෙයකි.
උදාහරණයක් ලෙස, නිවසක මිල යුරෝ 300,000 ක් නම් උපයෝගිතා වටිනාකම යුරෝ 160,000 ක් යැයි අනුමාන කලහොත්, විකුණුම් මිල යුරෝ 140,000 කි.
වාසි සහ අවාසි
ඔබ මෙවැනි නිවසක් මිලදී ගත්තත් ඔබට එම නිවසෙහි ජීවත්වීමට අවස්තාවක් හිමි නොවේ. නිවස විකුනන පුද්ගලයා මිය යන තෙක්ම බලා සිටීමට සිදුවනවා. ඉතාලියේ ආයූ අපේක්ශාව වැඩි රටක් නිසා එම බලා සිටීමේ කාලය වැඩි වීමටත් පුලුවන්.
මෙහි ප්‍රදානම වාසිය වන්නේ ඔබට කිසිම විටක සාමන්‍ය වෙළදපලේ මිලදී ගැනීමට නොහැකි මිලකට නිවසක් ලැබීමයි. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කරන අයෝජනයක් නම් එය වඩාත් වාසි දායක වේ. යම් දිනක ඔබ මෙම නිවස විකිනිමේදි වැඩි ලාබයක් ඉපයීමටත් හැකිවෙනවා.
උදාහරණයක් ලෙස, නිවසක මිල යුරෝ 300,000 ක් නම් උපයෝගිතා වටිනාකම යුරෝ 160,000 ක් යැයි අනුමාන කලහොත්, ඔබ මිලදීගන්නා මිල යුරෝ 140,000 කි. කාලයත් සමග නිවෙස් වල වටිනාකම ඉහල යාම නිසා ඔබට මෙම නිවස යූරෝ 310000 කටවත් විකුනගන්න පුලුවන්.
විකුණුම්කරුගේ වගකීම්, අයිතිවාසිකම් සහ යුතුකම් (පරිශීලනය)
නිවසේ හිමිකරු නිවසේ වාසය කරන නිසා අදාල නිවස හා දේපල හොද තත්වයේ තබාගැනීමට නීතියෙන බැදී සිටිනවා. ඔහුට එම නිවසේ වෙනස් කිරීම්, අලුත් වැඩියා කිසිවක් එම කාලය තුලදී කල නොහැක. අලුත් වැඩියාවක් කරන්නේනම් ඔබෙන් අවසරය මත ඔහුට කලහැකී.
ඔහු ජීවත් වන කාලයට අදාලව ඔම නිවසේ කොන්දමිනි බිල් පත්, අනෙකුත් බිල්පත් ඔහු විසින් ගෙවිය යුතු වේ. මේ වන නිවස විකුනා තිබෙන නිසා යම් එම නිවස වෙනත් බාහිර පාර්ශවයකට කුලියට දීමක් හෝ තවත් පුද්ගලයින් නිවසේ නවතා තබාගැනීමද කල නොහැක. යම් විදියකින් අසාමන්‍ය බිලක් ලැබේ නම් ඔබ දෙදෙනා එකගතාවය මත එම බිල්පත් ගෙවිය හැක.
ස්ථාවර කාලීන ප්‍රයෝජනයක් යනු කුමක්ද?
ඔබ නිවස මිලදී ගැනීමේදී ගිවිසුමක් මගින් අදල නිවෙසෙහි එම විකුනන පුද්ගලයාට ජීවත් වීමට කාලයක් ලබාදී තිබේනම් අදාල වසර අවසන් වූ විට නිවෙස් හිමිකරු මරණයට පත්වී නොමැති නම් දේපල අත්පත් කරගත හැක. අදාල වසර ගනන අවසන් වීමට පෙර අදාල නිවෙස් හිමියා මිය ගියහොත් ඔබ කාලය අවසන් වීමට ප්‍රතම නිවසට ඇතුල් වීමටද හැකියාව ලැබෙනවා.
මෙම ස්තාවර කාලයකට ඔබ ගිවිසුම් ගත වන්නේ නම් නිවෙසේ තක්සේරු වටිනාකම වැඩිවේ.
ණය මුදලක් ලබාගෙන මෙවැනි නිවසක් මිලදී ගත හැකිද?
ඔව් පුලුවන්. මෙය බොහෝ විට ඔබගේ දෙවැනි නිවස වීමට බොහෝ විට ඉඩ තියෙනවා. එම නිසා ඔබගේ වාරික ගෙවීම් හැකියාවන් අනුව ණය මුදල තීරනය විය හැක. එමෙන්ම මෙය ඔබගේ දෙවෙනි නිවස වන්නේ නම් බැංකු පොලී අනුපාතය හා රජයේ බදු මුදලද වැඩි වේ.
මේ එවැනි ආකරයේ විකිනීමට දාමා තිබෙන නිවෙස් කිහිපයක්.