මාස 15 කට පසු මුඛ ආවරන පැලදීමේ නීති පද්දතියේ වෙනසක්.

ජූනි 28 වෙනි සදුදා සිට මුඛ ආවරණ පැලදීමේ නීති පද්ධතිය වෙනස් කරඇත. මුලු ඉතාලියම අඩු අවදානම් හෙවත් සු​දු කලාපයක් බවට පත්වීම නිසා එලිමහනේ මුඛ ආවරණ නොමැතිව සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබේ.

නමුත් සෙනග ගැවසෙන එලිමහනේ දෙදෙනෙකු අතර පරතරය මීටරයකට වඩා අඩුනම් මුඛ ආවරණ පැලදිය යුතුය.

ඊට අමතරව පහත සදහන් ස්තාන වල තවමත් මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරඇත.

පොදු ප්‍රවාහන සේවා (Bus, Metro, Treno)

 

වෙලද මද්‍යසථාන (Super Mercato, Centro Commerciali)

කඩ සාප්පු (Negozi di Tutti Tipi)

Ristorante e Bar (ආහාර ගන්නා විටදී පමනක් ඉවත් කල හැක)

සියලුම ආවරනය කරන ලද ස්තාන (පල්ලිය,බැංකු සහ වෙනත් සේවා සපයන ස්තාන)

ඉතාලියේ නීති ලිහිල් වුව​ත් නැවත​ත් කොරෝනා අලුත් ප්‍රභේදයක් පැතිරෙමින් පවතින නිසා ඔබට හැකි සෑම අවස්තාවකම මුඛ ආවරණ පලදීන්න.එය ඔබේ මෙන්ම ඔබගේ පවුලේ පුද්ගලයන්ගේ ආරක්ශාවටද වැදගත්වේවි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *