ලබන මාසයෙන් පසුව Green pass එක කොහොම වෙනස් වෙයිද?

නැවතත් Covid-19 මාරයා මුලු ලෝකයේම හිස ඔසවමින් සිටී. මෙයට විරුද්ධ විය හැකි එකම අවිය එන්නත් කිරීම පමනයි යන මතය ලොව පුරා පැතිරීමට පටන් ගෙන ඇත.
ඉතාලියද නැවත කොරෝනා සමග සටනට අවතීර්ණ වී ඇත. මේ සමගම කරලියට පැමින ඇත්තේ No Vax අය ගෙනයන දැඩි විරෝධතාවයයි. මේ සියලු විරෝධයන් නොතකා නව නීති පනවන්නට රජය සූදානම් වේ.

ඉතාලියට අතිවිශේෂ නත්තල් උත්සව සමයේදී COVID නීති දැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වේ.

  • Covid සදහා එන්නත් 2 ම ලබා මාස 6 ගිය සියලු දෙනාට 3 මාත්රාව ලබාදීම.
  • Green pass වලංගු කාලය අවුරුද්දේ සිට මාස 9 දක්වා අඩුකර ඇත.
  • Green pass වර්ග කිරීම.

මේ යටතේ එන්නත් ලබාගත් පිරිස සහ රෝගය සුව වූ පිරිස විශේෂ කොට සලකන අතර Tampone මගින් ලබාදෙන Green pass වලට සීමා පනවනු ඇත. එන්නත් ලබාගත් අයට නත්තල් සමයේ Albergo,Ristoranti,Cinema සහ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් වලට සහභාගි වියහැකි අතර Tampone මගින් ලබාදෙන Green Pass රැකියා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා වලට පමනක් වලංගු වනු ඇත. (තවම සාකච්ඡා මට්ටමේ පවතී)

පාසල් සදහාද නව නීතිමාලාවක් හදුන්වා දී තිබේ. ආසාදිත එක් සිසුවෙක් පමනක් නම් Tampone මගින් අසාදිත නොවන බව තහවුරු කරගත් අනිත් සිසුන්ට පාසැල් යා හැකිය. නමුත් නැවතත් දවස් 5 පසු Tampone කලයුතු වේ. ආසාදිත සිසුන් 2 සිටිද්දීත් ඉහත ක්‍රමයම ක්‍රියාත්මක වන නමුත් එන්නත් නොගත් සිසුන් නිවාස Quarantena සිටිය යුතු වේ. යම් පංතියක ළමයින් 3 කෝවිඩ් ආසාදිතයින් වී සිටීනම් මුලු පංතියම නිවාස Quarantena සදහා යොමුකෙරේ.

වයස අවුරුදු 12ක් වූ එන්නත් කිරීමේ සීමාව අවුරුදු 5 දක්වා අඩු කිරීමටද සලකා බලමින් සිටී. මෙය දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වේ. යුරෝපා සංගමයේ පිහිටි Austria වල එන්නත් නොකල පුද්ගලයින් lockdown කර ඇත. අත්‍යවශ්‍ය කටයුතු වලට හැර නිවාස වලින් ඔවුන්ට පිටතට යා නොහැකි​ය.

අප දෑස් වලින් දුටු භයානකම වසංගත තත්වයට අපි මුහුණ පා සිටිමු. ඔබ සහ ඔබේ පවුලේ ආරක්ෂාව ඔබ සතුය. හොදින් දෑස් හැර බලා සිටිමු ලෝකය කොයිබදට ගමන් කරන්නේද යන වග?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *