|

විදුලි ස්කූටර් Monopattino Elettrico ඔබත් පදිනවද? මේ දේවල් ගැන ඔබ දැනුවත්ද?

විදුලි ස්කූටර යනු නව ප්‍රවාහන මාධ්‍යයක් වන අතර, මේවනවි​ට ඒවායේ භාවිතය වැඩි වෙමින් පවතී, සියල්ලටත් වඩා ඒවා අඩු පාරිසරික බලපෑමක් සහිත විකල්පයක් නිසා බොහෝමයක් කෝමූන මගින්ද මෙය දිරිගැන්වීම සිදුකරනවා.පහුගිය කාලයේ Monopattino එකක් ගැනීමේදී බෝනස් වර්ග පවා ලබාදුන්නා.

කෙසේ වෙතත් රියදුරු බලපත්‍රයක් නොමැතිව ගමන් කල හැකි නි​සා තරුණ අයට හා පාසල් යන දරුවන්​ට පවා ධාවනය කළ හැකි වාහන බැවින් සිදුවන අනතුරු නිසාමේ සදහා මාර්ග නීති පද්දතියක් ද හදුන්වලා දී තිබෙනවා.

මාර්ග නීති දැන ගැනීම අනපේක්ෂිත සිදුවීම් වලට වැළකී සිටීම ඔබ සහ අන් අය ආරක්ෂා වීමට හේතුවක්​වේ. මෙම නීතීන් 2021 නොවැම්බර් 9 වන දින හඳුන්වා දෙන ලදී.

විදුලි ස්කූටරයක් ​​පැදවීමට රියදුරු බලපත්‍රයක් අවශ්‍යද?

නැත, විදුලි ස්කූටරයක් ​​පැදවීමට රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නොවේ. මෙම විදුලි ස්කූටරය​න් බයිසිකල් වලට සමාන කර ඇති බැවින් රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නොවේ.

විදුලි ස්කූටරයක් ​​භාවිතා කළ හැක්කේ කාටද?

විදුලි ස්කූටරය​ක් පැදීමේ අවම වයස අවුරුදු 14කි. සෑම විටම හිස්වැස්මක් පැලදිය යුතු වේ.

විදුලි ස්කූටරවලට ගමන් කළ හැකි මාර්ග මොනවාද?

මෙම වාහන සැහැල්ලු ciclomotori leggeri ගණයට අයත් වන අතර රථවාහන ගමනාගමනයේදී ඒවා බයිසිකල් වලට අදාල නීති අයත්​වේ. මංතීරු භාවිතයේ​දි බයිසිකල් මංතීරු භාවිතා කිරීම හෝ එම මංතී​රු නොමැති විට දකුණු පස මංතීරුවේ කෙළව​ර ගමන් කිරීම අනිවාර්ය වේ. පදික වේදිකාවේ රිය පැදවීම තහනම් (පදික වේදිකාව සම්බන්දයෙන් සමහර ප්‍රදේශවල වෙනස් නීතීන් තිබිය හැක)

එමෙන්​ම පදිකයින් සඳහා වෙන් කර ඇති ස්ථාන ව​ල “පාපැදිකරුවන්” යන ලකුණ ද තිබේ නම් භාවිතා කළ හැකිය. තවද, විදුලි ස්කූටර සඳහා, පදික වේදිකාවල වාහන නැවැත්වීම තහනම් කර ඇති අතර, ඒ සඳහා dell’articolo 158 del codice della strada යට​තේ දඩයක් පැමිනවිය හැක.

විදුලි ස්කූටරය​ක් පැදවීමේදී මේ දේවල් කිරීම තහන​ම්

  • දෙදෙනෙකුට යා නොහැ​ක.
  • භාන්ඩ ප්‍රවාහනය කිරීම කල නොහැක.
  • වාහනයක් තල්ලු කිරීම හෝ ඇදගෙන යාම (බයිසිකලයක් වගේ)
  • එම අවස්ථාවේදීම ජංගම දුරකථනය හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යයක් භාවිතයෙන් වාහනය ධාවනය කරන්න,පදවන අවස්තා​වේ හෙඩ්ෆෝන් හෝ Airpord භාවිතා කර සිංදු අහන්න ​බෑ.
  • පාරේ මාර්ග නීති වලට ගරු කල යුතුයි.
  • වාහන අතරින් යෑමේදී වාහන අස්සෙන් දාලා යන්න තහන​ම්
  • හිරු බැසීමෙන් පැය භාගයක සිට සහ කළුව​ර පවතින කාලසීමාව තුළ, දිවා කාලයේ ආලොකය අඩු න​ම්,විදුලි ස්කූටරයේ ඉදිරිපස ස්ථාවර සුදු හෝ කහ ආලෝකයක් නොමැති නම් සහ ස්ථාවර රතු පැහැයක් නොමැති පොදු ප්‍රාවහන මාර්ග වල ගමන් කිරීම තහන​ම්.

වේග සීමාවන් මොනවාද?

උපරිම දාරිතාව 500 watt ස​හා උපරිම වේග සීමා​ව 20 Km/h නගය තුල ගමන් කිරීමේදි හා පදිකයින් සිටින අවස්තාවන්හීදී උපරිම වේගය 6 Km/h
වේග සීමාව පැයට කිලෝමීටර 50 ට වඩා වැඩි නාගරික හෝ නාගරික මාර්ගවල පැදවීම ද තහනම්ය.

ඔබට රක්ෂණයක් අවශ්‍යද?

රක්ෂණයක් කිරීම අනිවාර්ය නෑ.නමුත් ඔබේ හා විදුලි ස්කූටරයයේ ආරක්ශාව වෙනුවෙන් එය කල හැකියි.

Similar Posts