|

La Disoccupazione

මොකක් ද මේ Disoccupazione කියන්නෙ?

සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය.
ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල හැක. මෙය ප්‍රතිලාභයක් ලැබෙන ලෙස හා ප්‍රතිලාභයක් නොලැබෙන ලෙස ඔබට ඉල්ලුම්කල හැක.

  • ඔබ රැකියා කරන ආයතනයෙන් යම් හේතුවක් මත ඔබව ඉවත්කිරිම (licenziare) මේ ක්‍රමය යටතේ ඔබට රැකියාව අහිමීවෙනම් ඔබට ප්‍රතිලාභ ලැබිය හැකිය.
  •  ඔබ ඔබේ කැමත්ත පරදි රැකියාවෙන් ඉවත්විම (Dimissioni/licenziarsi) මේ ක්‍රමයට ඔබට ප්‍රතිලාභය ලබාගැනිමට නොහැකිය.
  • යම් පුද්ගලයෙකු රැකියාවක් නොමැති අවස්තාවක රැදිසිටිමේ බලපත අලුකරගැනිම Disoccupazione උපකාරිවේ, වසරක වලංගුකාලයට යටත්ව ඔබට රැදිසිටිමේ බලපත ලබාගත හැකි අතර, එකදිගට දෙවතාවක් එමගින් ඔබට රැදිසිටිමේ බලපත අලුත්කරගත නොහැක.
  • එක්වරක් Disoccupazione මගින් ඉල්ලුම් කල පුද්ගලයෙකු එම වසර අවසන් විමට පෙර රැකියා කොන්තරත්තුවක් සොයාගත යුතු අතර පසුව නැවත එම කටයුත්ත සදහා ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත.
  • Essenzione per il pagamento dal ticket e Farmaci- මෙම Disoccupazione යටතේදී තමන්ට අදාල ASL ආයතනයට ඉල්ලීමක් කිරීමෙන් පසුව විශේෂ වෛද්‍ය වරැන් සදහා ගෙවිය යුතු ගාස්තු ව හා බෙහෙත් නොමිලේ ලබා ගැනීමේ සහනය ලබා ගත හැක.
  • එසේම ඔබ ස්ථිර පදිංචිය හිමි නගර සභාවේ Servi Sociali සමාජසේවා අංශයෙහි අදාල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව විශාල ආර්ථික පුතිලාභ ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.
  1. බිල්පත් ගෙවීම් සහන
  2. දරැවන් ගේ පාසැල් දිවා ආහාර බිල්පත් සමිපූර්ණ යෙන් නිදහස් කර දීම හෝ යම් කිසි අඩු කිරීමක් ලබා දීම
  3. Reddito di Cittadinanza අයදුම් කල පසු පුමුඛත්වය ලබා දීම (මෙහිදී වෙනත් අවශ්‍යතාවයන් ද සැපිරිය යුතු බව මතක තබා ගන්න)
  • Disoccupazione තත්වය යටතේ ලියාපදිංචි වූ විට, තම අධ්‍යාපන සුදුසුකම් වැඩි කර ගැනීමට අවශ්‍ය නම්, රජය මගින් සංවිධානය කරන පුහුණු පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • මිට අමතර යම් දිමනාවන් ලබාගැනිමෙදි Disoccupazione ඔබට වාසියක් වුවත් රැකියාවක් අදායමක් නැති පුද්ගලයෙකු නිසා ණය මුදල්, ෆැමීලියාර්,‍ රැදිසිටිමේ බලපත අලුකරගැනිම් වැනි අතිශය වැදගත්කරනා වලදි ඔබ අසරණභාවයට පත්වේ.

යම් මුදක් ලැබාගත හැකිලෙස මෙය කරන්නේ කොහොමද? අවශය දේවල් මොනාද?

  1.  අනිවාරෙන් ඔබව රැකියාකරන ස්ථානයෙන් මොනම හේතුවක් මත හෝ ඔවුන් ඔබව අස්කර තිබියයුතුය. (Disoccupazione ඉල්ලුම් කල යුත්තේ රැකියාව අහිමි වී දින 68 ඇතුලතයි)
  2. පුද්ගලික ලිපි (permesso di soggiorno / Carta d’identità / Codice fiscale)
  3. අස් කල ලිපිය (Lettera di licenziamento)
  4. අවසාන පඩි වාර්තාව (Busta paga o Bollettino INPS)
  5. බැංකු ගිණුම් අංකය (IBAN + SR163)
  6. DID (Disponibilità immediata al lavoro) Regione Lombardia එකට සම්බන්ධ Gefo නම් system එක මගින් on line සකසා ගත යුතු ලියවිල්ලක්. (CAF එකකට යාමෙන් පහසුවෙන්ම ඔවුන් හරහා මෙය සකසා ගත හැක)
 මෙම ප්‍රධාන කරුණු  අනිවාර්යෙන් සපුරා ගත යුතුයි Disoccupazione හරහා මුදල් ලබාගැනීමට.

තවද අවසාන වසර 4 කාලය තුළ සති 13 රැකියාව කර තිබීම සහ අවසන් අවුරුද්දෙ දින 30 රැකියාව කර තිබීම ප්‍රමාණවත්. ගෙවීම් තීරණය වන්නේ ඔබ වැඩ කල කාලය සහ contributi ගෙවූ ප්‍රමාණය අනුව INPS ආයතනය මගිනි.

දින 68 පසු වි ඉල්ලුම්කලොත් ගෙවීමක් නොලැබේ.

CAF or Centro per l’impiego ආයතනයෙන් Disoccupazione සදහා ඉල්ලුම් කලහැකිය.

Similar Posts