සනතොරියා එක සදහා අයදුම් කල ඔබට විශේෂ නිවේදනයක්!!

(SANATORIA 2020)

Emersione lavoro irregolare: alcuni chiarimenti sulle procedure in una circolare del dipartimento

සනතෝරියා නීතියට අයදුම්පත් යොමුකළ ඔබ දැනුවත් විය යුතු කරැණු කිහිපයක් අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් 12/05/2021 දින නිකුත් කල නවතම චක්‍රලේඛනයේ අඩංගු වෙනවා.

ඔබ වෙනුවෙන් අයදුම්පත් යොමුකළ සේවායෝජකයා, තවදුරටත් ඔබගේ සේවය ලබා ගැනීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට නව සේවායෝජකයෙකු (subentro di un nuovo) datore di lavoro) යටතේ අළුත් රැකියා ගිවිසුමකට ඇතුළත් විය හැක.

එසේම රටේ පවතින වසංගත තත්වය, සනතෝරියා සදහා යොමුවූ අයදුම්පත් පරීක්ෂාකිරීමට ගතවූ කාලය හා රැකියා වෙළදපොලේ ඇතිවී තිබෙන රැකියා හිඟ කම ආදී සාධක හේතුවෙන්,නව සේවායෝජකයෙකු යටතේ රැකියාවක් සොයා ගැනීමට නොහැකි නම්, එවැනි සේවකයන්ට attesa occupazione යටතේ රැදීසිටීමේ බලපත්‍රය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉහත සදහන් සහනයන් කෘෂිකාර්මික, ගෘහස්ථ හා උපස්ථායක යන අංශ තුනෙන්ම නීතිගතවීම සදහා අයදුම්පත් ඉදිරිපත් කල සියළුම පුද්ගලයන්ට අදාල වේ. එසේම සේවායෝජකයා හා ඔබ අතර ඇතිවූ රැකියා ගිවිසුම අවසන්වීම හේතුවෙන්, ඔබගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වූවානම්, නැවත වරක් එම අයදුම්පත් සලකා බලන බවට සදහන් වේ.

සනතොරියා එක සදහා අයදුම්කල කෙනෙකු බෙහෙත් කාඩ් පත සදාගන්නේ කොහොමද?

                  ඔබත් සනතෝරියා නීතියට අයදුම්පත් යොමුකර ඇත්නම්, බෙහෙත් කාඩ් එක වසරකට සාදා ගැනීමට පුළුවන්. මේ වසංගත සමයේ එය ඔබට මහගු සම්පතක් වනු ඇත. මේ පිලිබද ඔබගේ පදිංචිය සදහන් කර ඇති පලාතේ ASL ආයතනයෙන් විමසන්න.
මේ සදහා ඔබ සූදානම් කරගත යුතු ලේඛන වන්නේ,
  • සනතෝරියා නීතියට ඉල්ලුම් කල අයදුම්පත්රයේ පිටපතක්
  • යූරෝ 500 ක් ගෙවූ F24හි පිටපතක්
  • ගමන් බලපත්රයෙහි පිටපතක්
  • කෝඩිචි ෆිස්කාලයේ පිටපතක්

Punto Migranti
ANAS MILANO
Caf e Patronato
Via Pordenone ,13
Milano
3893130877

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *