මෙයට ලියාපදිංචි වීමට ඔබට ඔබගේ දුරකතනය හෝ පරිගනකය බාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. ලියාපදිංචි වීම සදහා අවශ්‍ය වන්නේ tessera sanitaria (බෙහෙත් කාඩ් පත) හා ඔබගේ දුරකතන අංකය පමනයි.
මෙම එන්නත ලබාදීම සිදුවන්නේ ඔබගේ කලාප අනුවයි. එම නිසා ඔබ එන්නත සදහා අයදුම් කරන්වා නම් ඔබට අදාල කලාපයෙන් පමනක් මේ සදහා අයදුම් කරන්න. අයදුම් කරන ක්‍රමය පිලිබදව දැනුවත් කිරීමට ප්‍රතම ඉතාලියේ තිබෙන කළාප හා පළාත් මෙසේ ඉදිරිපත් කරන්නම්. මෙම පළාත් ඉන් පසුව කොමුන වලට බෙදෙනවා.
ඔබ දැන් ඔබ ජීවත් වන කළාප කුමක්ද කියා දන්නවා ඇති කියා විශ්වාස කරනවා. දැන් අපි බලමු එම එක් එක් කළාප වලට අදාලව වෙබ් අඩවි මොනවද කියලා.
Lombardia
https://start.prenotazionevaccinicovid.regione.lombardia.it/cit/#/login
Lazio
https://prenotavaccino-covid.regione.lazio.it/main/booking/patient
Campania
https://adesionevaccinazioni.soresa.it/adesione/cittadino
Sicilia
https://prenotazioni.vaccinicovid.gov.it/cit/#/login
Veneto
https://vaccinicovid.regione.veneto.it/
මේ කලාපයේ වයස් සීමාවන් අනුව එන්නත ලබාදීම ඛාන්ඩ කර තිබෙන්නේ. ඒ නිසා ඔබට අදාල වයස් සීමාව තෝරාගැනීමෙන් පසුව පහත ආකාරයට එන්නත සදහා දිනය ලබාගත හැක.
Emilia-Romagna
https://vaccinocovid.regione.emilia-romagna.it/
Piemonte
https://www.ilpiemontetivaccina.it/preadesione/#/
Puglia
https://lapugliativaccina.regione.puglia.it/
Toscana
https://prenotavaccino.sanita.toscana.it/#/home
Calabria
https://prenotazioni.vaccinicovid.gov.it/cit/#/login
Liguria
https://www.regione.liguria.it/homepage/salute-e-sociale/info-vaccini.html
මෙම කලාපයේ මේ වන විට ලබාදෙන වයස් සීමාවන් වල විස්තර පමනයි ඇතුලත් කර තිබෙන්නේ. ඔබගේ වයස් සීමාවන් සදහා එන්නත ලබාදෙන කාලය වන විට ඔවුන් වෙබ් අඩවිය යාවත්කාලින කරයි.
ලිපිය තව දුරටත් දීර්ග වන නිසා අනිත් කලාප කිහිපයේ වෙබ් අඩවි අප්ඩේට් කලේ නෑ.මක්නිසාදයත් එම කලාප වල ලාංකීකයන් ජීවත්වනවා කියා විස්තරයක් නෑ…
අයදුම් කරන ආකාරය
ඔබ මේ සදහා අයදුම් කිරීමේදී වෙබ් අඩවි වල පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙන්න පුලුවන්.නමුත් හැම වෙබ් අඩවියම වගේ එකම ආකාරයට විස්තර ඇතුලත් කරන්න තියෙන්නේ. දැන් ඔබට තිබෙන්නේ ඔබ ජීවත්වන කලාපයට අදාල වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ විස්තර පුරවන්න.
මුලින්ම ඔබ අදාල වෙබ් අඩවියට ගියා ඔබගේ Tessera sanitaria කාඩ් පතේ නම්බර් එක ඇතුලත් කරන්න තියෙන්නේ. ඉන් පසුව Tessera sanitaria එකේ පිටුපස තිබෙන Codice Fiscale නම්බර් එක ඇතුලත් කරන්න.
දැන් ඔබ ජීවත්වන Provincia එක Comune ඇතුලු ඔබගේ විස්තර පුරවන්න.
ඉන් පසුව ඔබට එන්නත ලබගැනීමට අවශ්‍ය දිනය, වේලාව, ලබාගන්න පුලුවන් ස්තාන තෝරාගැනීමට හැකියාව තිබෙනවා.ඔබ මෙයින් ඔබට පහසු වෙලාවන් දිනයන් වෙන් කරගන්න.
Conferma කල පසුව ඔබ ලබාදුන් දුරකතන අංකයට කෝඩ් එකක් එනවා.ඒ කෝඩ් එක මෙතන ටයිප් කරලා conferma කරන්න තියෙන්නේ.
ඔබ මේ වෙද්දි සාර්තකව එන්නත ලබාගැනීමට දිනයක් වෙන් කරගෙන අවසානයි. ඔබට දැන් මේ වගේ QR කෝඩ් එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම ඔබගේ දුරකතනයට අදල දිනය හා විස්තරය ඇතුලත් කරල SMS එකක් ලැබෙනවා.
මෙහිදී ඔබ දැනගත් යුතු වැදගත්ම දේ නම් හැම වයස් ඛාන්ඩයකටම කෙනෙක්ටම එකපාර ලියාපදිංචි වීමට හැකියාවක් නෑ.එක එක් ප්‍රදේශ වලට එක් එක් වයස් සදහා ලියාපදිංචි විය හැකි කාලයන් නියම කරනවා.ඒ දිනයට පමනයි ඒ වයස් වල අයට මේ වෙබ් අඩවි වලට ඇතුල්වී දිනයක් වෙන්කරගත හැකිවන්නේ. ඒ නිසා කවුරුත් කලබල වන්න එපා.කිසිම බයකින් තොරව හැමෝටම එන්නත නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා.
මේ ලොම්බාර්දියා කලාපයේ අය සදහා එන්නත සදහා ලියාපදිංචි විය හැකි කාලය,
- අවුරුදු 50 සිට 59 දක්වා — මේ වන විට එන්නත ලබාදෙමින් පවතී.
- අවුරුදු 40 සිට 49 දක්වා — මැයි 20 සිට ලියාපදිංචි විය හැක.
- අවුරුදු 30 සිට 39 දක්වා — මැයි 27 සිට ලියාපදිංචි විය හැක.
- අවුරුදු 20 සිට 29 දක්වා — ජුනි 02 සිට ලියාපදිංචි විය හැක.
- අවුරුදු 16 සිට 19 දක්වා — ජුනි 02 සිට ලියාපදිංචි විය හැක.