|

වාහනයක් අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය

අපි හැමෝගෙම බලාපොරොත්තුව අපේම ගෙයක් අපේම වාහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න. ගෙයක් ගැනීම කෙසේ වෙතත් ඉතාලියේ වාහනයක් ගැනීම නම් අමාරු කාර්‍යයක් නෙවේ. රියදුරු බලපත්‍රය පරිවර්තනය කරගෙන හෝ අලුතින් අරගෙන මාස 3/4 පඩියකින් ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න ඉතාලියෙදි ඔබට පුලුවන්. එසේ නොමැති නම් නොමිලේම පාවිච්චි කල වාහනත් සොයා ගැනීමේ හැකියාවත් තිබෙනවා.

වාහනේ ඔබේ නමට හරවගෙන (Trapasso) එක කරගත්තට වාහනේ පදින්න රක්ෂණය අනිවාර්යයි. ඔබේ රියදුරු බලපත්‍රයේ කාලය, ඉතාලියේ ඔබ වාහනයක් පදවලා තියෙන කාලය සහ ඔබ අතින් සිදුවූ අනතුරු අනුව ඔබව වර්ගීකරණය කරනව. එය Classe di Merito Assicurazione ලෙස හදුන්වනවා.

මීට අමතරව ඔබේ පවුලේ වයස 18 සම්පූර්ණ වූ 26 අඩු තරුණ අය ඉන්නව නම් රක්ෂණය වැඩිවෙනවා. මීට හේතුව තරුණඅය අතින් ඉතා බහුල ලෙස අනතුරු සිදුවීමයි. රියදුරු බලපත්‍රය අරන් අවුරුදු 2 අඩුනම් රක්ෂණය වැඩියෙන් අය කරනව. මීට අමතරව ඔබ පදිංචි නගරය අනුවත් මිල ගනන් වෙනස් වෙනව.

ඔබට ගැලපෙන වාහන රක්ෂණයක් තෝරා දෙන්න බොහෝ රක්ෂණ සමාගම් ඉතාලියේ තිබෙනව. විවිධ මිල ගණන් යටතේ රක්ෂණ ආවරණ තිබෙන අතර Online ක්‍රමයට ඉතා පහසුවෙන් සහ ලේසියෙන් ඔබට වාහනයක් රක්ෂණය කර ගන්න පුලුවන්. මේ සදහා Facile.it සහ Conte.it මගින් වෙනස් මිල ගණන් යටතේ රක්ෂණාවරණ සොයා ගන්න පුලුවන්.

ඔබේ පෞද්ගලික තොරතුරු, වාහනයේ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය රක්ෂණ සේවා තෝරා ගත හැකියි. Assicurazione RC අනිවාර්ය අතර ඔබ එකතු රක්ෂණ සේවා මත ගෙවිය යුතු මුදල තීරනය වේ .

පලමුව preventivo එකක් ලබාගෙන ඔබ කැමති නම් පමනක් ගෙවීම් කල හැකියි. Online ක්‍රමයට ගෙවීම කල නොහැකි නම් බිල්පත් (sisal pay) ආකාරයට ද ගෙවීම් කල හැකියි.

Online Assicurazione මගින් ඔබේ රක්ෂණයෙන් 30% අනිවාර්යයෙන් අඩුවේ. ඉතින් බය නොවී ඔබත් Online Assicurazione මගින් ඔබේ වාහනය රක්ෂණය කර ගන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *