|

ඉතාලියේ පාසල් ගැන ඔබ සෑහීමකට පත්වී නැතිද?

ඉතාලිය යනු ලොව දියුනුම කාර්මික රටවල් 8න් එකකි. රෝම පාලන අවදියේ සිට ඉතාලියෙන් බිහිවී ඇති විශිෂ්ඨයන් අප්‍රමානය. ඉතාලියේ පාසල් පද්ධතිය අවදි 4 කි.

01. මාස 3 සිට අවුරුදු 6 දක්වා. මෙයද කොටස් 2 බෙදේ,

Asilo Nido (මාස 3 සිට  අවුරුදු  3 දක්වා) 

  • රැකියා වල නියුතු  දෙමවුපියන්ගේ  දරුවන්  රැකබලා  ගැනීම  මෙහි  මූලික  අරමුනයි. විශාල  නගරවල Comune මගින් ආදායම් අඩු  පවුල් සදහා  මෙම  සේවාව නොමිලේ ලබා දෙයි. පෞද්ගලික  ආයතනද Comune හා සම්බන්ධ වී Asilo Nido පවත්වාගෙන යයි . මේවා වල ගාස්තු  ලබාදෙන සේවා මත යූරෝ  200 ත්  500 අතර වේ.

Scuola dell’infanzia (Scuola materna)

  • වයස අවුරුදු 3 ත් 6 ත් අතර දරුවන්ගේ පූර්ණ ලමාවිය සංවර්ධන කිරීම  මෙහි  අරමුනයි. ඒ සදහා විශේෂයෙන් පුහුණු වූ ගුරුවරුන් මෙහි සේවය ලබා දෙයි. බාහිර ක්‍රියාකාරකම් මගින් ඔබේ දරුවාගේ පෞරුෂය හා මානසික සංවර්ධන  ක්‍රියාකාරීත්වය වැඩි කල හැකි අවදිය ලෙස අවුරුදු 3 ත් 6 ත් සැලකිය හැකිය.

02. Scuola Elementare (ප්‍රාතමික පාසල් )

1 වසරේ  සිට 5 වසර  දක්වා. (අවුරුදු  5)

දරුවාගේ වයස අවුරුදු  6 පසු ඉතාලියේ ස්තීර පදිංචිය (Residenza) ඇත්නම් දරුවන් පාසල් යැවීම අනිවාර්ය කරඇත. සෑම වර්ශයකම පාසල් සදහා ඇතුල් කර ගැනීමට comune මගින් ලියාපදිංචි (iscrizioni online) වීමට කාලයක්  ලබා දේ. බොහෝ දුරට ජනවාරි මාසයේදී  මෙය සිදුවේ. යම් හේතුන් මත ලියාපදිංචි වීමට නොහැකි වුනත් අනිවාර්යයෙන් පාසල්වලට ඇතුල් කරගනු ලැබේ. Permesso Soggiorno නැතිරුවන්ද පාසල් වලට ඇතුල් කරගනු ලැබේ. ඉතාලි බාශාව දැන සිටීම අවශ්‍ය නොවේ. ඔබේ දරුවා කොපමණ වයසකදී හෝ පාසලට ඇතුල් කල හැකිය . දුර්වල දරුවන් සදහා  විශේෂ ගුරුවරයෙක්  සහ ඉතාලි බාශාව බැරි අයට අමතර ඉගැන්වීම් ලබාදේ. සියලුම අද්‍යාපන පහසුකම් නොමිලේය. දවල්  ආහාර සදහා Isee මගින් පහසුකම් ලබාදී ඇත.

Scuola  Media (අවුරුදු  11 ත් 13 අතර)

ස්කෝලා මේඩියා සදහාද ලංකාවේ සිට පැමිනෙන දරුවන් ඇතුලත් කලහැක. ඉංග්‍රීසි බාශාවට අමතරව දරුවාගේ කැමැත්ත  මත  ප්‍රංශ, ජර්මන් හෝ spagnolo තෝරාගත යුතුවේ. දරුවාගේ හැකියාවන් හදුනාගැනීම මත ඉහල අද්‍යාපනයට දරුවා සූදානම් කිරීම සිදුකෙරේ.

Superiore (අවුරුදු 14 සිට)

 දරුවන්ගේ හැකියාවන් හා දක්ෂතා මත තෝරාගත යුතුය. ඔබේ දරුවා විශ්ව විද්‍යාලය අද්‍යාපනය ලබා රැකියාවක් කිරීමට  බලාපොරොත්තු වෙන්නේ නම් ඒ සදහා liceo එකක් තෝරාගැනීම යෝග්‍ය වේ.

  • Liceo Artistico
  • Liceo classico
  • Liceo linguistico
  • Licei musicali e coreutici
  • Liceo scientifico
  • Liceo scientifico – opzione Scienze applicate
  • Liceo scientifico – sezione a indirizzo sportivo
  • Liceo scienze umane
  • Liceo scienze umane – opzione economico sociale

රැකියාවක් කිරීමට හෝ විශ්වවිද්‍යාල අද්‍යාපන ලැබීමට කැමැත්තෙන් සිටීනම් වඩා සුදුසු වන්නේ Istituto Tecnico එකක්  තෝරාගැනීමයි. දරුවන්ව මේ අවස්තා 2 ටම සූදානම් කිරීම Istituto Tecnico මගින් සිදුවේ.

  • Amministrazione, Finanza e Marketing
  • Turismo
  • Meccanica, Meccatronica
  • Trasporti e Logistica
  • Elettronica ed Elettrotecnica
  • Informatica e Telecomunicazioni
  • Grafica e Comunicazione
  • Chimica, Materiali e Biotecnologie
  • Sistema Moda
  • Agraria, Agroalimentare e Agroindustria
  • Costruzioni,Ambiente e territorio 

ඔබේ දරුවන්ගේ ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම මගින් දරුවන් නිවැරැදි උසස් අද්‍යාපනයට යොමු කල හැකිය. දෙමාපියන්ට ඉතාලියේ අද්‍යාපනය ගැන මනා දැනුමක් කිසිසේත්ම අවශ්‍ය නොවේ.

 

Istituto Professionale (රැකියා සදහා සුදානම්  කිරිම)

  • Agricoltura, sviluppo rurale, valorizzazione dei prodotti del territorio e gestione delle risorse forestali e montane;
  • Pesca commerciale e produzioni ittiche (di nuova introduzione);
  • Industria e artigianato per il Made in Italy;
  • Manutenzione e assistenza tecnica;
  • Gestione delle acque e risanamento ambientale (di nuova introduzione);
  • Servizi commerciali;
  • Enogastronomia e ospitalità alberghiera;
  • Servizi culturali e dello spettacolo (di nuova introduzione);
  • Servizi per la sanità e l’assistenza sociale;
  • Arti ausiliarie delle professioni sanitarie: odontotecnico;
  • Arti ausiliarie delle professioni sanitarie: ottico.

ඉහත සදහන් සියලුම රැකියා සදහා පුහුණු කිරීම Istituto Professionali මගින්  සිදු කෙරේ. ඔබේ දරුවාගේ කැමැත්ත  මත ඉතා පුලුල් වූ පරාසයක් තුල මේ සදහා අවස්තාව ඇත. මේ සියලුම පාසල් වල අද්‍යාපනය යුරෝපයේ අනුමත නීති පද්ධතියට අනුකූලව සකසා ඇත.

 ඔබේ දරුවගේ අද්‍යාපනය ගැන නැවත සිතා බැලීමට කාලයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *