ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?
Eliminazione della convocazione del richiedente per i documenti cartacei della cittadinanza
ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකරලා කාලයක් ගතවෙලත් තාම ප්‍රෙෆෙත්තුරා ආයතනයෙන් කැදවීමක් ලැබුනේ නැතිද?
එසේ නම්, ඔබ පුරවැසිභාවය සදහා අයදුම්පත්රය යොමුකර ඇත්නම්, ප්රෆෙත්තුරා ආයතනයෙන් තවදුරටත් කැදවීම නොලැබෙන බව මතක තබාගන්න. එසේම ඔබ පුරවැසිභාවය සදහා අයදුම්පත්ර යොමුකලේ SPID භාව්තයට පෙර නම්, නොපමාව ස්ප්ඩ් මාර්ගයෙන් වෙබ් අඩවියට ඇතුළත්වී පරණ අයදුම්පත්‍රය සම්බන්ධීකරණය කරන්න.
තානාපති කාර්යාල මගින් ඉදිරිපත්කල අයදුම්පත්ර
වෙනත් රටවල පිහිටි ඉතාලි තානාපති කාර්යාල මගින් පුරවැසිභාවය සදහා අයදුම්පත යොමු කරනා පුද්ගලයන්ට SPID භාවිතය කිරීමට නොහැකි නිසා, සාමානය්ය ආකාරයටම තානාපති කාර්යාලයෙන් ඔවුන්ගේ අනනය්යතාවය හා ලේඛනයන්හි නිවැරදිතාවය පරීක්ෂාකිරීම සදහා කැදවීම් ලැබෙනු ඇත.
ශ්රී ලාංකික ඔබ මතක තබාගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ, පුරවැසිභාවය අයදුම්කිරීමට අපේක්ෂාකරනා ඔබ, ඔබගේ උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ පිහිටි ඉතාලි තානපති කාර්යාලයෙන් සහතික කරගත යුතු බවයි.
Punto Migranti
ANAS Milano
Caf e Patronato
Via Pordenone,13 Milano
Tel: 3893130877