| |

විවාහය මත පදනම්ව ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීම

Conferimento della cittadinanza italiana
Articolo 5 della Legge 5 febbraio 1992, n.91 Ottenere la cittadinanza italiana per matrimonio con cittadino italiano

මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට හදුනා ගනී.

  1. විවාහවූ දිනයේ සිට අවම වශයෙන් අවුරුදු 2ක් ඉතාලියේ ස්ථිර පදිංචිය තිබීම.
  2. විවාහවූ දිනයේ සිට වෙනත් රටක පදිංචි වී සිටියේ නම් පුරවැසිභාවය ඉල්ලුම් කරන අවස්ථාව වන විට විවාහ වී අවුරුදු 3ක් ගතවී තිබිය යුතු අතර පුරවැසිභාවය ඉල්ලුම් කරන අවස්ථාවේ දී ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතුය.


විවාහ වූ තැනැත්තා හෝ නැතැනැත්තිය උපතින් ඉතාලි ජාතිකයකු නොවී පසුව ඉතාලි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකු නම් (Cittadino italiano naturalizzato) ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කලයුත්තේ දිව්රුම් දීමෙන් අවුරුදු 2ක් ගතවූ පසුවයි. මෙම විවාහයෙන් දරැවන් සිටීනම් මෙම කාල සීමාව මාස 12ක් දක්වා අඩු වෙනු ඇත.

විවාහක යුවලට දරැවන් සිටීනම් හෝ දරැකමට හදාගත් දරැවන් සිටී නම් ඉහත සදහන් කල සියලුම කාල සීමාවන් වලින් ගත වන්නේ හරි අඩකි.ඒ අනුව අංක 1 සදහා එක සදහා අවුරුද්දක්ද, අංක 2 සදහා අවුරුදු 1 ½ ක් වශයෙනි.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ Articolo 5 යටතේ ඉතාලි පුරවැසිභාවය සදහා ඉල්ලුම් කීරීමට අවශ්‍ය නම්, ඔබගේ විවාහය ස්ථිර පදිංචිය හිමි නගර සභාවේ ලියාපදිංචි කර තිබිය යුතුය. (Necessario che il matrimonio sia stato trascritto nei registro dello Stato Civile del Comune di residenza)
ඊට පසුව අදාල නගර සභාව විසින් Copia integrale atto di matrimonio සහතිකය නිකුත් කරන අතර එය නිකුත් කල දින සිට වලංගු වන්නේ මාස 6කි.

එසේම පුරවැසිභාවය ඉල්ලුම් කල දිනයේ සිට පුරවැසිභාවය ලබා ගන්නා දිනය දක්වාම මෙම විවාහය වලංගුව පැවතිය යුතු අතර මෙම දෙපල එකට වාසය කල යුතුය. යම් හෙයකින් මෙම විවාහය නොපවතින බව අදාල ආයතන සොයා ගතහොත් ඔබගේ ඉල්ලුම් පත්‍රය නොසලකා හරිනු ඇත. එසේම ඉල්ලුම්කරු ඉතාලියේදී තම මව් රටෙහි දී හෝ වෙනත් පදිංචි වී සිටි රටක දී බරපතල වරදක් කර දඩුවම් නියම වූ අයෙක් නම්, රටෙහි ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා අයදුම්පත පුතික්ෂේප කරනු ඇත.

ඉල්ලුම් පත්‍රය nullaostalavoro.dlci.interno.it  SPID ගිණුමක් හරහා මෙම වෙබ් අඩවියට පිවිස ඉදිරිපත් කල යුතුය. ඒ සදහා ඔබට දැනුමක් නොමැති නම් සුදුසුකම් ලත් පුද්ගලයෙකු ගේ සහාය ලබා ගන්න. ඉල්ලුම්කරැ ඉතාලියේ පදිංචි වී සිටින්නේ නම්, ඉල්ලුම් පත්‍රය (modello A) තම ස්ථිර පදිංචිය හිමි පලාතේ Prefettura ආයතනය වෙත ඉදිරිපත් කල යුතු අතර ඉල්ලුම් කරැ විදේශයක පදිංචි නම් ඉල්ලුම් පත්‍රය (modello AE) එම රටේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතුයි.

ඔබ විසින් සකසා ගත යුතු ලියකියවිලි පහත දැක්වේ.

  1. Estratto atto di nascita già tradotto e legalizzato – ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතිකය කල උප්පැන්න සහතිකය. මෙහිදී ඔබගේ නම, වාසගම, උපන් දිනය හා උපන් ස්ථානය ඔබ ඉතාලියේ දැනට භාවිතා කරන ආකාරයටම විය යුතුය.
  2. Certificato penale del paese di origini (di età ) ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කල පොලිස් නිශ්කාෂණ සහතිකය. මෙම සහතිකය වලංගු වන්නේ නිකුත් කල දින සිට මාස 6කි.
  3. Foto copia del passaporto, codice fiscale e permesso di soggiorno – ගමන් බලපත්‍රය, කෝඩිචි ෆිස්කාලය හා විසීමෙ බලපත්‍ර යේ ජායා පිටපත්
  4. Situazione migratoria ( date delle entrate / uscite da e per Italia)
    ඉතාලියට පැමිණි පලමු දිනය සහ ඔබ ඉතාලියෙන් පිටවූ හා නැවත ඇතුල් වූ දිනයන්
  5. Conoscenza della lingua italiana ( Permesso di soggiorno UE/Accordo integrazione/Certificazione lingua italiana B1 Quadro comune europeo di riferimento (ente Università di Roma tre, Società Dante Alighieri , Università per Stranieri di Siena e Perugia )/Titolo di studio rilasciato da un istituito di istruzione pubblico o paritario, in Italia o all’estero riconosciuto da MIUR dal MAECI
    ඉතාලි භාෂා දැනුම පිලිබඳ සාක්ෂි- ඔබ සතුව Permesso di soggiorno -Soggiornante di lungo periodo UE හෝ ඉතාලියට පැමිණි අවස්ථාවේදී ඒකාබද්ධ ගිවිසුම අත්සන් කර එහි අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගෙන ඇත්නම් ඔවුන් B1 සහතිකය ඉදිරිපත් කල යුතු නැත.
    එසේ නැත්නම් ඉතාලි භාෂාව සම්බන්ධයෙන් B1 සහතිකය ලබා ගෙන තිබීය යුතුය.(ඉහත සදහන් කල විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතන වලින්) , ඉතාලියේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිලිගත් ඉතාලියේ හෝ වෙනත් රටක පිහිටි අධ්‍යාපන ආයතනයකින් ලබා ගත් අධ්‍යාපන සුදුසුකම් ( උදාහරණයක් වශයෙන් ඉතාලියේ පාසැලක මීඩියා හෝ සුපිරියෝරේ විභාගය සමත් වීම, ඉතාලියේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් හෝ පශ්චාත් උපාධික් ලබා තිබීම, ඉතාලියේ විදේශ අමාත්‍යාංශය පිලිගත් අධ්‍යාපන ආයතනයක සුදුසුකමක් තිබීම)
  6. Storico Residenza (sufficiente autocertificazione) පසුගිය කාල පරිච්ඡේදය තුල ස්ථිර පදිංචිය පිලිබඳ වාර්තාවක්. මෙය ඔබට ඔබ පදිංචිවී සිටි නගරසභා වලින් අසා දැන ගත හැක.
  7. Stato familiare (sufficiente autocertificazione) ඔබගේ පවුලේ වර්තමාන සංයුතිය
  8. Le donne che hanno acquistato il cognome del coniuge all’estero devano allegare (alla voce documento generico) un attestazione rilasciata dal consolato in Italia che certifichi le esatte generalità del richiedente: questo certificato deve essere legalizzata dalla Prefettura. Invece se si desidera mantenere il cognome del coniuge anche successivamente al conferimento della cittadinanza Italiana, è necessario allegare il certificato di matrimonio tradotto e legalizzato. විවාහ වීමෙන් පසු තම ස්වාමි පුරුෂයාගේ වාසගම භාවිත කරන කාන්තාවන් තම උප්පැන්න සහතිකයට (13වන සංශෝධනය මගින්) වර්තමානයේ භාවිතා කරන නම ඇතුලත් නොකරන්නේ නම්, ඉතාලියේ රෝම නගරයේ තානාපති කාර්යාලයෙන් හෝ මිලානෝ පිහිටි කොන්සො
    ලාතෝ කාර්යාලයෙන් මෙම නම් දෙකෙන්ම පෙනී සිටින්නේ එකම තැනැත්තිය බවට සහතිකයක් ලබා ගත යුතු අතර එය ඔබ පදිංචි පලාතේ Prefettura ආයතනයෙන් ලෙගලිස්සාරේ කර ගත යුතුයි.
    එසේම එම තැනැත්තිය ඉතාලි පුරවැසිභාවය ලැබීමෙන් පසු ස්වාමියාගේ වාසගම දිගටම තබා ගැනීමට අදහස් කරන්නේ නම් Documento Generico යටතේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කල විවාහ සහතිකය ඇතුලත් කල යුතුය.
  9. Copia del versamento del contributo di €250 da effettuare sul C/C n.809020 intestato MINISTERO INTERNO D.L.C.I- CITTADINANZA අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නමින් ගෙවූ යූරෝ 250 ක කුවිතාන්සිය
  10. Marca da bollo da €16,00 යූරෝ 16ක වටිනාකමින් යුතු මුද්දරය

ඉල්ලුම් පත්‍රය යොමු කල දිනයේ සිට පුරවැසිභාවය ලබා දීමට අදාල සියළුම කටයුතු සදහා මාස 48ක් ගත වෙන අතර වැදගත්ම කාරණාව වන්නේ මෙම කාලය තුල විවාහය නොකැඩී පැවතීමයි.

Similar Posts