|

RICONGIUNGIMENTO FAMILIARE

ඔබගෙත් Nullaosta එක ලැබුනේ නැද්ද? ඒජන්සිය ඔබව මග හරිනවාද?

දිනෙන් දින ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයට ලැබෙන පැමිණිල්ලක් තමයි, ලාංකීය ඒජන්සි හරහා ඉල්ලුම් කරන Familiari ඉල්ලුම් පත්‍ර වල විවිධ අඩුපාඩු නිසා Nullaosta- No objection එක ලබා ගන්න බැරි උනා කියන ප්‍රශ්නය.

2019 මාර්තු 15 වන දින සිට Familiari සදහා Sportello unico per l’immigrazione එකට අයදුම් පත් ඉදිරිපත් කිරීමට නම්, ඔබ එය කල යුත්තේ SPID (මෙය Poste italiane මගින් නොමිලේ කර ගත හැක) එකක් භාවිත කිරීමෙනුයි. ඒජන්සිකරැවන් ඒ පිලිබඳ දැනුමක් නැති පුද්ගලයන්ට ඔවුන් නිර්මාණය කරන ඊ මේල් ගිණුමක් මගින් SPID එක හදා දෙන අතර එහි රහස් වචනය (Password) කපටි කමට ඒජන්සිය සතුව තබා ගනී.

මෙහිදී PREFETTURA ආයතනය එවන සෑම පණිවිඩයක්ම ඔබට ලබා දෙනුයේ ඔබ ලබා දුන් ඊ මේල් පණිවිඩයට නිසා එහි රහස් වචනය ඔබ සතුව තබා ගැනීමට සැලකිලිමත් වන්න. නැත්නම් ඒජන්සියේ නොසැලකිලිමත් කමින් ඔවුන් ඔබගේ ගිණුම පරීක්ෂා නොකලහොත් Prefettura එකෙන් ඔබට ලබා දෙන වටිනා පණිවිඩ ඔබට නොලැබී, නියමිත දිනයට ඉදිරිපත් වීමට නොහැකි වී, Nullaosta ලබා ගැනීමට නොහැකි වන අතර නැවත මුල සිටම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමට සිදුවේ.

ඔබ කලින් විවාහ වි ෆැමිලියාරේ මගින් ඔබගේ බිරිඳ හෝ ස්වාමියා ඉතාලියට පැමිණි පසු එම විවාහය දික්කසාදයකින් අවසන් වී ඇත්නම්, ඔබ Nullaosta එක ලබා ගන්නා දින, එම දික්කසාද සහතිකයේ සහතික කල පිටපතක් Prefettura ආයතනයට ඉදිරිපත් කල යුතුයි. එය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර, ඉතාලියේ රෝම තානාපති කාර්යාලයෙන් හෝ මිලානෝ කොන්සොලාතෝ කාර්යාලයෙන් පරිවර්තනය කර Prefettura හි ලෙගලිස්සාරේ කල යුතුයි.

එසේම සමහර Prefettura ආයතන ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් legalize කර දික්කසාද සහතිකම ඉදිරිපත් කරන ලෙස පවසයි. එය ඉදිරිපත් කිරීමට ඔබ අපොහොසත් වන්නේ නම් ඔබට Nullaosta එක ලැබෙන්නේ නැත.

මෙය ඔබගේ ඊ මේල් ලිපිනයට දින 30 කට කලින් දැනුම් දෙන අතර, අදාල දිනයට එය සුදානම් කර නොගත්තොත් තවත් දින 10ක් ලබා දෙයි. එහෙත් දින 10කින් දික්කසාද සහතිකය සූදානම් කර ගැනීමට නොහැකි බව අප සැම දෙනාම දන්නා කාරණයකි. මන්ද විදේශ කටයුතු අමාත්‍යංශයේ බාහිර පරීක්ෂණ සදහාම සති 3ක් ගත වන අතර එය ඔබට Nullaosta එක නොලැබීමට හේතුවකි.මෙහිදී ඒජන්සි කරැවන් හැකි ඉක්මනින් එම සහතිකය පිළියෙල කර බාර දෙන ලෙස පවසා ඔවුන් වගකීමෙන් නිදහස් වන අතර ඔබට නැවතත් මුල සිට අයදුම්පත් ඉදිරිපත් කිරීම ට සිදු වෙනු ඇත.

බොහෝ විට මෙම ඒජන්සිකරැවන් ගමන් බලපත්‍රයේ 4,5 (නම, වාසගම, උපන් ස්ථානය) පිටුවෙහි ඇති වෙනස් කිරීම් තීරුවවෙත අවධානය යොමු කරන්නේ නැති අතර , දෙවෙනි පිටුවෙහි ඇති ජීව දත්ත උපයෝගී කරගෙන ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන අතර, Nullaosta එක වැරදි අඩු පාඩු සහිතව අතටගනී. එම නිසා Prefettura ආයතනයෙන් Nullaosta එක ලබා ගැනීමේදී ඔබගේ හා ලංකාවෙන් පැමිණෙන පුද්ගලයන් ගේ ජීවදත්ත වල නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න. ඒජන්සි කරැවන්ගේ අපරික්ෂාකාරී තත්වය නිසා කරදරයට පත්වූ බොහෝ පිරිස් සිටිති.

Certificato di idoneità alloggiativo ඇලොජ්ජොතීවෝ සහතිකය මුදලට ගැනීම බොහෝ දෙනා සිදු කරන අතර ඒජන්සි කරැවන් එකම සහතිකය නැවත නැවත විකිණීම නිසා දැනටමත් Prefettura ආයතන අදාල පාර්ශවයන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත.මෙහිදී ඒජන්සිය අත පිහදා ගෙන ඉවත්වන අතර වැරදි කරැවන් වන්නේ නිවස අයිතිකරැ හා සහතිකය ලබා ගත් ඔබයි.

හොදින් සොයා බලා පිලිගත් ආයතනයක් හෝ පුද්ගලයකු තෝරා ගැනීමට සැලකිලිමත් වීමෙන් ඔබගේ කාලයත් මුදලුත් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

Similar Posts